Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
02
ඔබත් මේ ගැන ලතැවෙන කෙනෙක්ද..? වෙහෙසෙන ඇස් රැකගන්න මේ දේවල්වලට පුළුවන්..

- ඔබත් මේ ගැන ලතැවෙන කෙනෙක්ද..? වෙහෙසෙන ඇස් රැකගන්න මේ දේවල්වලට පුළුවන්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views
අපගේ ඇස් බොහෝ වෙහෙසට පත් වෙනවා.. විශේෂයෙන්ම කියවීම වැනි ක්‍රියාකාරකම් නිසා වගේම තවත් ක්‍රියාකාරකම් රැසක් නිසා අපේ ඇස්වලට වැඩි ආතතියක් ඇතිවීම සාමාන්‍ය දෙයක් වෙලා..

මෙම ආතතිය නිසයි ඇස්වලට තෙහෙට්‍ටු බවක් දැනෙන්නේ.. ඇස් අධික ලෙස තෙහෙට්‍ටුවට ලක්වීම නිසා අක්ෂී සහ දෘෂ්ටි ගැටලු මතුවිය හැකියි..
උදා: ඇස් වියළීම, රතුවීම, පෙනීම බොඳ වී යාම ආදී වශයෙන්.

සිරුරට මෙන්ම ඇස් සඳහා ද හොඳින් විවේක ලබාදීම වැදගත්.. ඇස්වල දුර්වලබව අවිදුර දෘෂ්ටිකතාව ළඟ පෙනීම දුර නොපෙනීම (myopia/shortsightedness) හෝ දුර දෘෂ්ටිකතාව (hyperopia/farsightedness) යන අක්ෂි ගැටලු හා සම්බන්ධව ඇතිවෙයි.. ජානමය තත්වයන්, දුර්වල පෝෂණය, වයස්ගතවීමේදි අක්ෂි පරිහාණියට පත්වීම සහ ඇස් අධික ලෙස වෙහෙසට පත්වීම වගේ හේතුසාධක නිසා මෙම ගැටලු ඇතිවෙයි..

පෙනුම බොඳවීම, නිතර හිසරදය හටගැනීම හා ඇස් වල ඉබේ කඳුලු පිරීම පෙනිම දුර්වල වීමේදී ඇතිවන පොදු රෝග ලක්ෂණ කිහිපයකි.ඔබත් මෙවැනි ලක්ෂණ හා ගැටලුවලින් පෙළෙන කෙනෙක් නම් මුලින්ම ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ අක්ෂි සෞඛ්‍ය පරික්ෂාවට ලක්කරගත යුතුයි.. ඒ හරහා ඔබට යම් රෝගයක් ඇත්නම් එය කල් තියා හඳුනාගෙන ප්‍රතිකාර ඖෂධ ලබාගත හැකියි.. ග්ලූකෝමා (ඇස තුළ පීඩනය ඉහළ යාම), මැකියුලා /අක්ෂි පරිහාණිය, කැට‍රැක්ට් හෙවත් ඇසේ සුද මතුවීම සහ ඔප්ටික් නියුරොපති හෙවත් දෘෂ්ටික ස්නායුවට හානිවීම වගේ බරපතල අක්ෂි ගැටලු මෙවැනි තත්වයන් ඇතිවීමට හේතුවෙනවා..

ඇස් පෙනීමේ දුර්වලබවට බොහෝ විට ප්‍රතිකාර කෙරෙන්නේ උපැස් යුවලක් පැලඳීමට, කාච දැමීමට හෝ එහෙමත් නැතිනම් ඇස්වල සැත්කමක් සිදුකිරීමට අවශ්‍ය බව නියම කරමින්.. ප්‍රතිකාර ලබන අතරේ ඔබේ ඇස් පෙනිම වැඩිදියුණු කරගැනීමට උපකාරී වන ස්වභාවික ක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.. ඇස් පරිස්සම් කරගන්න සහා පෙනීම දියුණු කරගන්න මේ සරල පිළියම් ක්‍රම අනුගමනය කරන්න..

ඇස්වලට ව්‍යායාම

අක්ෂි ව්‍යායාම මඟින් ඇසේ මාංශ පේශී වල නම්‍යශීලි බව වැඩිකර ඇස් පෙනීම ප්‍රශස්ත මට්ටමක පවත්වාගැනීමට අවශ්‍ය ශක්තිය හා රුධිර ප්‍රවාහය වැඩිකරවයි.නිතිපතා මෙම ව්‍යායාම කිරීමෙන් ඇස් වල විඩාව දුරු වී පුද්ගලයාගේ ඒකාග්‍රතාව වැඩිදියුණු විය හැක.පහත දැක්වෙන්නේ එවැනි ක්‍රම කිහිපයකි.

ව්‍යායාමය -1 අතේ දුරින් පෑනක් රඳවාගෙන ඒ කෙරෙහි අවධානය යොමුකරන්න. සෙමින් එය ඔබේ නාසය දෙසට ලංකරගන්න,දැන් යළි එම මානයෙන් එය නැවතත් ඈතට යොමුකරන්න. (දැන් එය ඔබේ ඇස් වල අවධානයේ නොපවතියි)මෙය වාර 10 ක් කරන්න.

ව්‍යායාමය-2 තත්පර කිහිපයක් ඔබේ ඇස් දක්ෂිණාවර්තව කරවකවන්න. දැන් තත්පර කිහිපයක් ඔබේ ඇස් වාමාවර්තව කරකවන්න.මෙසේ මාරුවෙන් මාරුවට වට 5 ක් පමණ ඇස් කරකවන්න.සෑම වාරයකම අවසානයේ ඇස්පිල්ලම් ගසන්න.

ව්‍යායාමය-3 ඉක්මනින් හා එක ලඟ වාර 30 ක් පමණ ඇස්පිල්ලම් ගසන්න.ඇස් මිකිරිකමින් තදින් වසානොගන්න.අවසානයේ ඇස් සම්පූර්ණයෙන් වසා විවේකයක් ගන්න.දිනකට දෙවරක් මෙය කරන්න.

ව්‍යායාමය-4 දුර ඇති වස්තුවක් කෙරෙහි ඔබේ ඇස් වල අවධානය යොමුකරගෙන ඉන්න.ඇස් වෙහෙසට පත්නොවන ලෙස මෙය පහසුවෙන් කළ හැකි හොඳම ක්‍රමය නම් දිනකට මිනිත්තු 5 ක් පමණ හඳ දෙස බලාසිටීමයි.දිනකට මෙවැනි ව්‍යායාම කිහිපයක් කරන්න

අව්ව තැපීම (suning) හා අත්ලෙන් දෑස් උණුසුම් කිරීම (palming) හිරු එළියේ සුවපත් කිරීමේ ගුණ අපේ ඇස් වල හා සමස්ත සිරුරේම නීරෝගීබව කෙරෙහි ප්‍රාණ ජීවයක් ලබාදෙන බව චීන සාම්ප්‍රදායික විශ්වාසයකි.දිනපතා මිනිත්තු කිහිපයක් දෑස් වසාගෙන හිරු එළියට නිරාවරණය වී ගැඹුරින් හුස්ම ගන්න.අත්ලෙන් දෑස් උණුසුම් කිරීම හෙවත් palming ක්‍රමයේදී අත් දෙක එකට අතුල්ලමින් අත් උණුසුම් කරගෙන ඒවායින් දෑස් ආවරණය කරමින් සියුම් තෙරපුමක් යෙදීම සිදුකරයි.ආලෝකය දැකිය නොහැකි ලෙස සම්පූර්ණයෙන් ඇස් වසාගන්න.සිතින් සන්සුන් දසුනක් මවාගනිමින් මේ අභ්‍යාසයේ යෙදෙන්න. මේ ක්‍රම දෙක එකට කරන්න.

පීඩන ලක්ෂ්‍ය තෙරපුම යෙදීම (acupressure)/ක‍ටු චිකිත්සාව (acupuncture)මෙම ඉපැරණි චීන ප්‍රතිකාර ක්‍රම අක්ෂි ගැටලු ලක්ෂණ සමනය කරගැනිමට බොහෝ දුරට සහය දෙයි. ඇසේ බෝලය වටා පිහිටි අස්ථි ආශ්‍රිතව පිහිටා ඇති වැදගත් නිළ ලක්ෂ්‍යයන් කිහිපයකි.මෙම පින්තූරයේ දැක්වෙන ලක්ෂ්‍යයන් සියුම්ව තත්පර කිහිපයක් පුරා සම්බාහනය කරන්න.පළමු ලක්ෂ්‍යයේ සිට අරඹන්න.මේ සඳහා විශේෂඥයෙකුගේ සහය ලබාගැනීමට ඔබට හැකියි.දිනපතා උදෑසන මිනිත්තු 30ක් තණකොල මත පාවහන් නොමැතිව ඇවිදීම හොඳ ක‍ටු චිකිත්සා ක්‍රමයක් ලෙසයි සඳහන් වෙන්නේ.

බිල්බෙරි (billbery) බෙල්බෙරි ශාක සාර මඟින් ඇස් රෙටිනාවේ දෘෂ්ටි නීල රක්ත ප්‍රතිජනනය උත්තේජනය කර ඇස් පෙනීම වැඩිදියුණු කරයි.අක්ෂි පරිහාණිය වළකයි.දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය නිසා රෙටීනාවේ ඇතිවන ගැටලු වලට ඵලදායිය.ඉදුණු බිල්බෙරි කෝප්ප 1/2 දිනපතා ආහාරයට ගැනීම සුදුසු බව සඳහන් වේ.සාරය, කැප්සියුල හා අතිරේක පෝෂක භාවිතයට ගත හැකි අතර නිසි මාත්‍රාව දැනගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගන්න

ආමන්ඩ් ඔමේගා-3 හිතකර මේද බහුල නිසා ඇස් පෙනීම වැඩිදියුණු වීමට ගුණදායි ආහාරයකි.ඒවායේ විටමින් ඊ හා ප්‍රතිඔක්සිකාරක වැනි අක්ෂි සෞඛ්‍යයට හිතකර පෝෂක අඩංගුය.මතකය හා ඒකාග්‍රතාව වැඩිදියුණු වීමට ද ප්‍රතිලාභ දේ.රැයක් පුරා ආමන්ඩ් ඇට 10 ක් පමණ වතුරේ පෙ‍ඟෙන්නට තබන්න.පසුදා උදෑසන පොත්ත ඉවත් කර මේවා අඹරාගන්න. උණුසුම් කිරි වීදුරුවක් සමඟ මෙම ආමන්ඩ් මිශ්‍රණය පරිභෝජනය කරන්න. මාස කිහිපයක් දිනපතාම මෙය කරන්න.

මහදුරු අක්ෂි සෞඛ්‍ය වැඩිදියුණු කරවන පෝෂක හා ප්‍රතිඔක්සිකාරක ගුණ ‍රැසක් මේවායේ ඇත. ඇස් පෙනීම ලබාදෙන ඖෂධය ලෙස මේවා ඉපැරණි රෝම ජාතිකයින් විසින් හඳුන්වා ඇත.ආමන්ඩ් , මහදුරු හා සූකිරි හෝ සිනි කෝප්ප එක බැගින් දමා කුඩුකරගන්න.රෑ නින්දට පෙර උණුසුම් කිරි ව්දුරුවක් සමඟ මෙම කුඩු වලින් මේස හැන්දක් ආහාරයට ගන්න. දවස් 40 ක් පමණ මෙය කරන්න.

නෙල්ලි ඇස් පෙනීම වඩවන ගුණදායි පලතුරක් ලෙස නෙල්ලි ප්‍රචලිතයි.නෙල්ලි වල ඇස් පෙනීමට හිතකර විටමින් සී හා තවත් ප්‍රතිඔක්සිකාරක බහුලය.රෙටිනාවේ සෛලවල ක්‍රමවත් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වීමට සහය හෙන කේශ නාළිකා වල නීරෝගිබව වැඩිකිරීමට විටමින් සී දායක වේ.නෙල්ලි යුෂ තේ හැඳි 2-4 ක් වතුර කෝප්ප 1/2 දියකර දිනකට දෙවරක් උදේ සවස පානය කරන්න.අමු නෙල්ලි ආහාරයට ගන්න.

නිරෝගි සමබල ආහාර වේලක් ලබාගන්න විටමින් ඒ, බී සංකීර්ණය, සී, ඩී හා ඊ, බිටා-කැරොටීන්, ඇමයිනෝ අම්ල, ලුටෙයින් හා සියැක්සැන්තින් වගේ පෝෂක බහුල ආහාර පාන පරිභෝජනයට ගන්න. ඒවා අක්ෂි සෞඛ්‍ය වැඩිදියුණු කරවන පෝෂකය.කොළ එළවළු හා පලා වල ඇති හරිතප්‍රද ඇස් පෙනීම වඩවයි.කැරට්, නිවිති, ඉරිඟු, බීට්, බතල, බ්ලූබෙරි, බ්‍රොකෝලි, කොළ ගෝවා ,මේද මාලු, බිත්තර, නට් වර්ග, ඇට වර්ග, ඇස් වල නීරෝගිබව ආරක්ෂා කරයි.වෛද්‍ය උපදෙස් යටතේ අමතර පෝෂක ලබාගත හැකියි.

තවත් උපදෙස් කිහිපයක්

එක දිගට දිගු වෙලාවක් පරිගණකය , දුරකථනය හෝ රූපවාහිනිය දෙස බලාසිටීමෙන් වළකින්න.
පරිගණකයක් භාවිතා කරන්නේ නම් තිරයෙන් අඟල් 18-24 පමණ ඈතින් පු‍ටුව තබාගන්න.තිරය ඇස් මට්ටමට කෙළින් උසකින් සකස්කරගන්න.
මිනිත්තු 20 කට වරක් ඇස් වලට විරාමයක් දෙන්න.
අඩු ආලෝකයේ පොත් පත් කියවීම නොකළ යුතුයි.ඉන් ඇස්වල පේශී වෙහෙසට පත්වේ.
ඇස් වල ගැටලු ලක්ෂණ අත්දකින්නේ නම් සෞඛ්‍ය පරික්ෂාවකට යොමුවන්න.
ගුණාත්මක තත්වයේ අයි-මේක් අප් භාවිතා කරන්න.
නිතිපතා හොඳ නින්දක් ලබාගන්න.නින්ද නොමැතිකම (sleep deprivation) ඇස්වල අපහසුතාවට හා පෙනීම බොඳවිමට තුඩ දිය හැක.

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top