මේ කියන්න යන්නේ ලෝකයේ බොහෝ දෙනාගේ අවදානය හිමිවුණ මැතිවරණයක් ගැන කතාවක්..
ඩොනල්ඩ් ට්‍රම්ප් ගැනයි මේ කියන්න යන සුබ ආරංචිය.. ඔහු අමෙරිකාවේ 47වන ජනාධිපති තෝරා ගැනීමේ සටනින් ජය ගැනීමට සමත් වී තිබෙනවා..
ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනට් ට්‍රම්ප් ජයගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..
ෆොක්ස් නිව්ස් පුරෝකථනය කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඩිමොක්රටික් පාක්ෂික කමලා හැරිස් පරාජය කර, ධවල මන්දිරයෙන් පිටව ගොස් වසර හතරකට පසු විශ්මය ජනක දේශපාලන පුනරාගමනයකට මුහුණ දෙමින් එක්සත් ජනපද ජනාධිපතිධුරය දිනාගෙන ඇති බවයි..
ට්‍රම්ප් සම්මන්ත්රණ මධ්‍යස්ථානයකදී ඔහුගේ ආධාරකරුවන් සමඟ කතා කරනු ඇතැයි අපේක්ෂා කරන ඔහුට සහාය පළකරන්නන් ෆ්ලොරිඩාවේ වෙස්ට් පාම් බීච් හි, රැස්වෙමින් ප්‍රීති ඝෝෂා නගමින්, ජයග්‍රහණය සමරනු ලැබුවා...