මේ කියන්න යන්නේ ඔබ ඒ තරම් හිතන්නේ නැති, ඒත් තවත් රසවත් ආහාරයක් ගැන කතාවක්..
ශ්රී ලංකාවේ ඇති රසයෙන් ගුණයෙන් පිරිපුන් අල වර්ග අතුරින් බතල ඉතා වටිනා ආහාරයක්..
මෙහි ඇති තන්තුමය කෙඳීති නිසා අතිශයින්ම පෝෂණීය ආහාරයක් ලෙසත් එසේම වර්තමානයේ බහුල ලෙස දක්නට ලැබෙන බෝ නොවන රෝග වලින් ආරක්ෂාවන්නටද හොඳ ගුණදායක ආහාරයක්...
ප්රතිඔක්සිකාරක ගුණ සහිත, විටමින් A, B, C, K සහ තයමින් පොස්පරස්, ෆෝලික් අම්ලය අඩංගු බතල දළු ඇඟ සිසිල් කරන හොඳ ආහාරයක් බව ඔබ මින් පෙර දැන සිටියාද..? ඒ විතරක් නෙවෙයි,
- අස්ථි ශක්තිමත් කරයි,
- රුධිරය ඉක්මනින් කැටි ගැසීම සිදු කෙරේ,
- මහ අන්ත්ර පිලිකා සහ මලබද්ධය වලකයි,
- රුධිර පීඩනය යහපත්ව පවත්වා ගැනීමට උදව් වෙයි,
- සම දීප්තිමත් කරයි,
- ප්රතිශක්තිය වැඩි දියුණු කරයි.
බතල අපිට වර්ග කිහිපයකින් ලංකාව තුළ දැකගන්න පුළුවන්.. බතල යැයි කියූ පමණින් අපේ රටේ බොහෝ දෙනා හඳුනන්නේ රතු බතල හා කහ බතල ලෙස වර්ග දෙකක් පමණි.. එසේ වුවත් ශ්රී ලංකාව තුළ බතල වර්ග 15කටත් වැඩි ප්රමාණයක් දැනට හඳුනාගෙන තිබෙනවා..
ඒ අතරින් කහ බතල කියන්නේ පෝෂණ ගුණයෙන් බහුල බතල වර්ගයක්.. මේ කියන්න යන්නේ කහ බතල කොළ සලාදයක් සාදාගන්නා ආකාරයයි..
මේක හදන්නෙ ගොටුකොළ සලාදය හදන විදියටමයි.. පොල් ටිකක් වැඩිපුර දාලා ගොඩක් තලන්නේ නැතුව අනා ගත්තොත් මේ බතල කොළ සලාදය තවත් රසවත්..
මේ සලාදයට අමු පොල් මිශ්ර කරන නිසා, පොල් මගින් ශරීරයේ විශ නැසීමේ හැකියාවකුත් පවතිනවා..