Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
26
රස ගුණ පිරි බටු කරවිල මේ තරම් ගුණ කෑමක් කියලා ඔයා හිතුවද ?

- රස ගුණ පිරි බටු කරවිල මේ තරම් ගුණ කෑමක් කියලා ඔයා හිතුවද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views

කරවිල කියන්නේ ඉතාමත් රසවත් කෑමක්. 


ගම්වල හේන් කරපු අයට නම් බටු කරවිල ආගන්තුක නැහැ.හැබැයි දැන් දැන් මේ වගේ ගුනවත් කෑම අපි අතරින් ඈත්ව යනවා වගේම බටු කරවිලත් ගම්වල පවා දැක ගැනීමට හැකියාවක් නැහැ.මේ ඒ ගැන ෆේස්බුක් සමාජ ජාලාවේ තිබූ සටහනක්.
බටු කරවිල...

කුකර්බිටේසියේ (Cucurbitaceae) කුලයට අයත් කරවිල විශේෂ හැටකට ආසන්න සංඛ්‍යාවක්‌ අතරින් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයක්‌ වන 'බටු කරවිල' ශාකය අපට ඉතාමත් වැදගත් වේ.

අප එදිනෙදා වෙළෙඳපොළෙන් මිලදී ගන්නා දේශීය කරවිල විශේෂවලට වඩා වැඩි තිත්ත රසයකින් යුතු බටු කරවිල මෙරට වැවෙන වනගත එළවළු විශේෂයක්‌ ලෙස සැලකේ.

බටු කරවිල ශාකය ශ්‍රී ලංකාවට ආවේණිකය.

මෙරට වියළි කලාපයේ එළිපෙහෙළි නොකළ බිම්වල ස්වාභාවිකව වැඩෙන මේ ශාකය ගෙවතු වගා තුළ වවන අවස්ථා ද දකින්නට ලැබේ.

බටු කරවිල ශාකයේ පත්‍ර සාමාන්‍ය කරවිල ශාකයේ පත්‍රවලට බෙහෙවින් සමානය.

අනෙකුත් කරවිල විශේෂ මෙන්ම ඒකගෘහි වේ. මල්වල වර්ණය, හැඩය සහ ප්‍රමාණය ද අනෙකුත් කරවිල විශේෂ මෙනි.

ඵලයේ ප්‍රමාණය සහ හැඩය වෙනස් වේ.

බටු කරවිල ශාකය අතු බෙදීමෙන් විශාල ප්‍රදේශයක් ආවරණය වනසේ වැඩෙන්නකි.

ගෙඩියේ ප්‍රමාණය කුඩාය, ගෝලාකාරය. එය දිගින් සෙ. මී. 3 - 7 අතර වේ.

පළල සෙ. මී. 2.5 - 3.5 අතර වේ.

ගෙඩිය තුළ මාංශල කොටස් රතු පැහැයෙන් යුක්ත වේ.

බීජ සෙසු කරවිල විශේෂවලට වඩා කුඩා වන අතර හැඩය එක හා සමාන වේ.

පැසුණු ඵල පුපුරා බීජ විසිරීමෙන් ශාකයේ ප්‍රචාරණය සිදුවේ.

බටු කරවිල ශාකයේ ඇති විශේෂත්වයක් නම් එය අනෙකුත් කරවිල විශේෂවලට වඩා නිරෝගී බවින් යුක්ත වීමය.

එනම් ඊට කෘමි හෝ රෝග උවදුරු නැති තරම්ය.

ඵලය සෙසු විශේෂ වලට වඩා තිත්ත රසයෙන් වැඩිවන අතර පෝෂණ ගුණය ඉහළ මට්ටමක පවතී.

අපේ පැරැණි ගොවි ජනතාව බටු කරවිල බහුල ලෙස ආහාරයට ගෙන තිබේ.

බටු කරවිල, තුඹ කරවිල වැනි වටිනා ඖෂධීය ශාක එදා සුලභ ලෙස සපයා ගැනීමේ පහසුකම් තිබී ඇතත් අද එසේ නොවේ.

අද එවැනි සම්ප්‍රදායික බෝග විශේෂ බොහොමයක් දකින්නට පවා නැති තත්ත්වයක් උදාවී තිබුණත් මේ බෝග විශේෂ සොයා සපයා ගැනීමේ හැකියාව තවමත් ඉතිරිව තිබේ.

එය සතුටට කරුණකි.

බටු කරවිල ශාකයේ පත්‍ර සහ බීජ ආයුර්වේද හා පැරැණි හෙළ වෙදකම අනුව ඖෂධ නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට ගැනේ.

දියවැඩියාව, අර්ශස්, විවිධ පණු රෝග හා සමේ හටගන්නා රෝග සඳහා එවැනි ඖෂධ භාවිත කෙරේ.

බටු කරවිල ප්‍රතික්ෂුද්‍රජීවී කාරක ගුණයෙන් යුතුය.

ගෙවතු වගාවක් ලෙස පවත්වාගෙන යැමේදී ජලය පොහොර හෝ කෘමිනාශක යෙදීම වැනි බාහිර කරදරවලින් තොරය.

ශාකය තමන් විසින්ම ඉදිරි පරම්පරා පවත්වාගෙන යැමත්, රැකගැනීමත් මේ ශාකවල දකින්නට ලැබෙන විශේෂත්වයකි.

බටු කරවිල, තුඹ කරවිල වැනි අපේ ඉපැරැණි ශාක විශේෂ වලින් පැළයක් දෙකක් වෙනුවෙන් ඔබේ ගෙවත්ත තුළ ද කුඩා ඉඩ ප්‍රමාණයක් වෙන්කරගන්න.

එවැනි දේ ආහාරයට ගෙන නිරෝගී බව රැකගන්න.

ඔබට හමුවන පැරැණි සම්ප්‍රදායික බීජ විශේෂ වගාවට හිත ඇති පිරිස හා බෙදාහදාගන්න.
මාදම්පේ : චන්ද්‍රපාල අතලගේ

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top