Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
13
අර්ශස් රෝගයට ඉතා ගුණ දෙන අල කොළ මාළුව..

- අර්ශස් රෝගයට ඉතා ගුණ දෙන අල කොළ මාළුව..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

458 Views
සමහරවිට ඔබ මේ කෑම ගැන අහලා ඇති.. ඒත් මේ තරම් ඒ කෑම ගුණදායකයි කියලා හිතන්නේ නැතුව ඇති නේද..? 

අපේ පැරැන්නෝ පුරාණ වෙදැදුරන් දැක්වූ මඟ ඔස්සේ යමින් ගමේ තමන්ගේ වටපිටාවේ පරිසරයේ හැදෙන වටිනා ඔසු පැළෑටිවලින් ඉතා විශාල ලෙස ශරීර සෞඛ්‍ය වෙනුවෙන් ප්‍රයෝජන ගත්තා.. හැබැයි ඒ දැනුම ගැමි පරිසරයේ හැදුණු බොහෝ දෙනාට තිබුණා. අදටත් ඇතැමුන්ට ඒ අවබෝධය තියෙනවා.. මේ කියන්න යන්නේ ඔබේ වටපිටාවේ වැවෙන හෝ ඔබට සොයාගෙන නිරෝගී සුවයක් ලබා ගත හැකි වටිනා ඔසුවක් ගැනයි..

ගමේ උදවිය හොඳින් දන්නා ‘ගහල’ ඉතා ගුණවත් ඔෟෂධීය ගුණයෙන් පූර්ණ වූ දෙයක්... මෙහි විද්‍යාත්මක නාමය වන්නේ කොලකේසියා ස්කියුලෙන්ටා (Colocasia esculenta) යන්නයි. සිංහල වහරට අනුව ගහල, කඳල, තඳල, මඬල, දෙහි අල කියාද කියනවා..

මෙය ‘ගහල’ වී ඇත්තේ කඳේ ඇතිවන අල යන අර්ථයෙන්... මෙහි ප්‍රභේදයන්ද කිහිපයක් වෙනවා... දණ්ඩ කළු පැහැගත් හා දණ්ඩ සුදු පැහැගත් ආදී වශයෙන් දෙකකි.. සරල පත්‍ර සහිත විශාල පැළෑටියකි.. මෙහි ජන්ම භූමිය වශයෙන් හැඳින්වෙන්නේ අග්නිදිග ආසියානු කලාපයයි..

මේ වෙද්දී මෙම පැළෑටිය ඉන්දියානු භූමියේ සිට ඊජිප්තුවට ගොස් අද වෙද්දී යුරෝපයෙත් ඇතිවී තිබෙනවා.. ඉන්දියාවෙත් ලංකාවෙත් මෙය සුලභව දැකගන්නට පුළුවන්.. ජලය රැඳෙන සාරවත් වූ පස මීට ඉතා හිතකරයි..

මෙම අලයේ ඉහළ ප්‍රමාණයක් පිෂ්ඨය හා ප්‍රෝටීන අඩංගුයි.. කොළ සහ නටුද වෑංජනයක් ලෙස සකසා ගනියි. බොහෝ ගම්වල අලකොළ වෑංජනය කියලත් හඳුන්වනවා..

මෙහි රසායනික සංයුතිය හා ඔසුමය වටිනාකම ගැන වඩාත් පැහැදිලි කරනවා නම් ගහල විටමින් බී බහුල පැළෑටියක්.. කැල්සියම්, පොස්පරස් හා යකඩ ගතියෙන් අනූනයි.. මෙහි අලය මලපහ කරන ගුණයෙන් යුතුයි.. මූත්‍ර වර්ධනය කරවයි.. මවුකිරි ප්‍රමාණය වැඩි කරයි.. කොළ හා නටුවේ යුෂ ධමනිවලින් ලේ ගැලීම වළක්වන්නට යොදා ගනී.. ගහල අලයේ යුෂ අර්ශස්වලට ඉතාමත් ගුණයි.. දෙබර හා බඹර විෂටත් ගුණයි.. අලය පුලුස්සාගෙන එහි අළු අරන් ඊට මී පැණි මිශ්‍ර කර මුඛයේ උෂ්ණ බිබිළිවලට ආලේප කරන පුරුද්දක් පැරැන්නන් අතර තිබෙන්නේ මෙය පාරම්පරික වෙදකමෙත් ප්‍රබලම දෙයක් නිසයි. තද දම් පැහැති වර්ගයේ කොළ, දඬු, යුෂ, ලුණු සමඟ මිශ්‍ර කරලා ඉදිමුම්වලටද ආලේප කරයි.. හිසකෙස් ගැලවී යනවා නම් ඊටත් ගුණයි. කෑම අරුචියට මෙහි අලකොළ මාළුව ඉතා ගුණයි..

මෙය ඖෂධීය ගුණයෙන් බහුල වෑංජනයක් විදියට සකස් කර ගැනීමත් ගුණදායි දෙයක්.. ගහල දලු කපාගෙන ඒවා දිනක් තබා හෝ දලු පවනේ වියළාගෙන ගැට ගසා තබා පිසිද්දී තුනපහ සමඟ දමා දිය කිරෙන් ළිප තබා පසුව බැදගත් තුනපහ සමඟ මිටි කිරි යොදා රසවත් වූ ඖෂධීය වෑංජනයක් සකස් කරගත හැකියි..

බොහෝ කය වෙහෙසූ නුවණැති පැරැන්නෝ මෙම ආහාරය බෙහෙවින් භාවිතයට ගෙන තිබෙනවා. කුඹුරු වැඩ කරද්දී ඇඹුල සමඟ මේ ඔෟෂධීය වෑංජනය වරද්දන්නේ නැහැ.. මහන්සි වී වැඩ කරන අයකුට අලකොළ ආහාරය ගැනීම ශක්තිය යළි ලබාගත හැකි දෙයක් කියලයි පාරම්පරික වෙදකමේ සඳහන් වෙන්නේ..

කොහොම වුණත් අර්ශස්වලට ඉතා ගුණ ගහල අල කොළ මාළුව අත්හදා බැලුවට වරදින්නේ නැහැ..



අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top