හොඳට සෝදා ගල් වැලි ඉවත් කරගත් නිවුඩු කැකුළු හාල් දෙමිටක් වතුර අඬු කෝප්ප 03ක් දමා හොඳට බෙරිවෙන්නට උයා පොඩිකර ගන්න.
එයට,
• ළපටි පොල් මල් දෙමිටක්
• පොල් දෙමිටක්
• කරපිංචා කිනිති 04 ක්
• රම්පා කෑල්ලක්
තුන් වරක් කොටා අඹරා මිරිකාගත් ඉස්ම බෝතල් 01ක් ඉහත පිළියෙල කරගත් කැඳට දමන්න.
එයට අමු ඉඟුරු ස්වල්පයක්, කරදමුංගු කරල් 01ක්, සූදුරු, මාදුරු, අබ, ගම්මිරිස්, උළුහාල් ඇඟිලි දෙකට අසුවන ප්‍රමාණ 03 බැගින්, ඉඟිනි ඇට පිටි තේ හැඳි 1/2ක්, මුං ඇට තේ හැඳි 01ක්, අමුක්කරා අල කලං 02ක් දමා හොඳට අඹරා වතුර අඬු කෝප්ප 01ට දියකර පෙරා ඉහත පිළියෙල කල කැඳට දමා ලිප තබා හොඳට බුබුළු දමා පැසවන තුරු හැඳි ගාන්න.
එයින් පසු ලිපෙන් බා නිවුනාට පසු බීමට දෙන්න. ලුණු, රස බලා දමන්න.
මෙහි ගුණ :
ගර්භාෂය ශක්තිමත් කරයි
ගර්භ බීජ පෝෂණය කර පිළිසිඳ ගැනීමේදී එය හොඳින් ආරක්ෂා කරයි.
ගර්භාෂයේ අභ්‍යන්තර සිවියේ ඇතිවන අම්ලය අඩු කරයි (ඉවත් කරයි)
මූලික පිළිසිඳීමේ දී මෙම කැඳ ඉතාමත් ප්‍රයෝජනය.
( උපුටා ගැනීමක්)