අර්ථසාධක ගෙවීම් පැහැර හැර ඇති සේවායෝජකයින් පිළිබද වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කෝපා කමිටුවෙන් උපදෙස් ලැබී තිබෙනවා..
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් පැහැර හැර ඇති සේවා යෝජකයින් පිළිබඳ වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවට ඉදිරිපත් කරන්නැයි එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා..
අදාළ කාරක සභාව පෙරේදා රැස් වූ අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ අර්ථසාධක අරමුදල් ගෙවීම් පැහැර හැර ඇති ආයතන 15,000 කට පමණ නඩු පවරා ඇති බවයි.. මේ අතර මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස ද මෙහිදී උපදෙස් ලබා දී තිබුණා..