මව්පියන් අතර ඇති වූ ආරවුලකට මැදි වූ නව හැවිරිදි දැරියක දැඩි පිළිස්සුම් තුවාල සහිතව පේරාදෙණිය ළමා රෝහලට ඇතුළත් කර ඇති බව පරීක්ෂණ පවත්වන ගලහ පොලිසිය පවසනවා.
පසුගිය 17 වැනිදා මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර,ගම්පොළ පොලිස් වසමේ ගලහ ඔෆිස් හන්දිය ආසන්න ප්‍රදේශයක දැරියක මෙම අනතුරට මුහුණපා තිබෙනවා. මෙම නිවසේ දෙමව්පියන් ඇති කරගත් ආරවුලකින් පසු ටිනර් ගසා ගිනි තැබීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව හෙළි වී ඇත්තේ. දැරියගේ මව පොලිසියට පවසා ඇත්තේ ආරවුල ඇති කරගත් සිය සැමියා දැරියට ගිනි තැබූ බවයි.
නමුත් අසල්වැසියන් පවසන්නේ සැමියා වරදට හසුකර ගැනීමේ අරමුණින් මව මේ දෙය කළ බවයි. ගින්නට හසුවූ දැරිය "ඇයි අම්මා මට මෙහෙම කළේ" යැයි පැවසූ බව ද අසල්වැසියෝ පවසනවා. කෙසේ වෙතත් පරීක්ෂණ පවත්වන පොලිසිය ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇත.
අසාධ්‍යව සිටින දැරියගෙන් මේ වනතුරු කට උත්තරයක් ගැනීමට නොහැකිව ඇති අතර, මෙම සිද්ධියෙන් පසු දැරියගේ පියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. ඔහු සොයා පරීක්ෂණයක් අරඹා තිබෙනවා. ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.