ජංගම දුරකතන භාවිත කරන්නකුගෙන් අන්තර්ජාල පහසුකම් සඳහා 20.3%ක බද්දක්ද සාමාන්‍ය දුරකතන ඇමතුම් සඳහා 38%ක බද්දක් ද අයකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගියදා කැඳවූ අතර එහිදී කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් එම කොමිෂන් සභාවේ ප්‍රධානීන් මේ බව අනාවරණය කර ඇති අතර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඇතිවුණේ මෙවැනි සංවදයක්.
සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා
මම රුපියල් 100ක් දැම්මොත් ඒකෙන් කීයක් බදු හැටියට ගන්නවද?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ - දැනට 2023 සිට ක්‍රම දෙකකින් ප්‍රධාන වශයෙන් මෙය සිදු කරනවා. මේ වසරේ මාර්ගෝපදේශ වෙනස් කර ගෙවන ප්‍රමාණය වැඩිකර තිබෙනවා.
ඒ වගේම 5G තාක්ෂණයත් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම පාසල් දහසකට අන්තර්ජාල පහසුකම් ලබා දීමටත් සැලසුම් කර තිබෙනවා. එන වසර පහට තව සියය ගාණේ මිලියන 35 බැගින් තවත් යෝජනාවක් සිදුකර තිබෙනවා, ජනාධිපතිවරයා විෂය භාර ඇමැතිවරයා ලෙස ගමට සන්නිවේදන පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන්. අන්තර්ජාල කෝල් චාජර්ස් ආදායම අඩුවෙලා තිබෙනවා, ඩේටා වැඩි වශයෙන් භාවිත කරන නිසා.
ඒ වගේම අන්තර්ජාලය භාවිත කරනවානම් ඒකට Telecommunication Levy කියන බද්ද අයිති වෙන්නේ නෑ. 15%ක් Effective Tax පාරිභෝගිකයාට එරෙහිව Broadband නැතුව අනෙක් Voice පහසුකම් සඳහා 38.4ක් Broadbandවලට එන්නේ 20.3ක් වගේ වෙන්නේ Effective Tax එක.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා,
අපි හිතමු තරුණියක් සහ තරුණයෙක් ඩේටාවලින්නේ කතා කරන්නේ. එහෙම කතාකරන්න 100ක් දැම්මොත් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් ද?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ
එකෙන් 20.4%ක් අඩුවෙනවා. රුපියල් 100යෙන්.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා
එතකොට මට රුපියල් 80ක් පාවිච්චි කරන්න පුළුවන්? අර කලින් කියපු 38.4ක බද්ද?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ
ඒ ඩේටා නැතුව නිකන් පාවිව්චි කරනවානම් 38.4ක බද්ද අය වෙනවා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා
ඩේටයි, වොයිසුයි දෙකමනේ භාවිත කරන්නේ?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ
ඒක හරි එතකොට බදු එකතු කිරීමේ දී ඩේටාවලට Effective Tax එක 20.3යි වොයිස්වලට 38.4යි.Ó
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා,
මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නෑ. මම අහන්නේ මේක Prepaid නේ… මම රුපියල් 100ක් දානවා මම කෝලුත් කරනවා, වට්ස්ඇප්වලිනුත් ගන්නවා. එතකොට රුපියල් 100ක් දැම්මොත් එකෙන් මට කීයක් ද පාවිච්චි කරන්න පුළුවන්ද ?
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ
ඒක ඔබ පාවිව්චි කරන ස්වභාවය අනුව. කාඩ්එක දාලා පාවිච්චි කරන්නේ ඩේටා විතරක් නම් සියයට විස්සක් විතර වෙනවා. වෙලාව අනුව සහ පැකේජස් තිබෙන විදිහ අනුව වෙනස් වෙනවා.
ඇතැම් ප්‍රදේශවලට නිසි පරිදි දුරකතන සම්බන්ධතා නොමැති වීම හේතුවෙන් පාසල් ළමයින් දුෂ්කරතාවට පත්ව සිටින බව එහි දී නිමල් පලිහේන මන්ත්‍රීවරයා කාරක සභාවේ අවධානය යොමු කළා.
මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන පිරිසක් සහභාගි වුණා..
දිනමිණ පුවත්පත ඇසුරෙන්..