ඔහුත් කාලයකට ඉහතදී මේ හැම දෙයක්ම හොඳින් සැලසුම් කරන්න ඇති. ඒත් අවසානයේ මේ වගේ දෙයක් නිසා ඔහුගේ ජීවිතය අහිමි වේවි කියලා නම් මේ ව්‍යාපාරිකයා ගැන කවුරුත් හිතන්න නැතුව ඇති.
යාපනයේ අලවෙඩ්ඩි බණ්ඩතරිප්පු ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු අධික ලෙස ණය වී එම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව වෙළෙඳසලේම එල්ලී 18 දා සියදිවි හානි කරගෙන තිබෙනවා.
වයස අවුරුදු 28 ක මෙම තරුණයා පියාට අයත් වෙළෙඳසල පවත්වා ගෙන ගොස් ඇතත් ඔහු බොහෝ වෙළෙඳ සමාගම්වලට හා පුද්ගලයින්ට අධික ලෙස ණය වෙමින් වෙළෙඳසල පවත්වා ගෙන ගොස් ඇති බවයි දැනගන්න ලැබෙන්නේ.
මේ පිළිබඳව පියාට තොරතුරු දැන ගැනීමට ලැබීමෙන් පසුව පියා ඔහුට අවවාද කර තිබුණා. ණයකරුවන් ද වරින් වර වෙළෙඳ සලට පැමිණ ණය ආපසු ඉල්ලා සිටීම නිස දැඩි කම්පනයට පත්ව ඔහු සියදිවි හානි කරගෙන තිබෙනවා.
මිය ගිය අයගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහලට භාර දී ඇති යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.