බිරිඳක විසින් කියන ලද බොරු ප්‍රකාශයක් හේතුවෙන් සැමියා විසින් පුද්ගලයකුට පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කර ඇතැයි හම්බෙගමුව පොලිසිය පවසනවා. මෙම සිද්ධිය ඉකුත් 16වැනිදා රාත්‍රියේ සිදු වී තිබෙනවා.
තුවාල ලැබූ තැනැත්තා (37) මාමඩල පදිංචිකරුවෙක්. ඔහු දහයියාවල නැබ පැලැස්ස ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ නතර වී ගොවිතැන් සහ ගවයින් බැලීම සිදු කර තිබෙනවා.
සිද්ධියට මුලික වී ඇත්තේ, නිවසේ නතරව සිටි එම තැනැත්තා තමන්ව බදාගත් බවට සැකකරුගේ බිරිඳ විසින් ප්‍රකාශ කිරීමෙන් සැකකරු අධික ලෙස කෝපයට පත් වීමයි.
කෝප වූ සැකකරු මාළු කපන පිහියක් රැගෙන තම නිවසේ නතර වී සිටි තැනැත්තා පසුපස හඹා ගොස් තිබෙනවා.
ඔහු වැවකට පැන ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළද, සැකකරු ද වැවට පැන, පිහියෙන් ඔහුගේ වම් අතට පහර දී තුවාල සිදු කර තිබෙනවා.
තුවාලකරු ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සහ නඩු භාණ්ඩ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.