Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
16
කෑම රුචිය වඩවන තක්කාලිවල ගුණ වගේම අගුණ ගැනත් ඔබ දැන සිටියාද..?

- කෑම රුචිය වඩවන තක්කාලිවල ගුණ වගේම අගුණ ගැනත් ඔබ දැන සිටියාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views

මෙය අපේ රටේ ගොඩක් සුලබ කෑමක්.. සලාදයක් ලෙස , ව්‍යංජන රසවත් ක‍රන්නත් තක්කාලි කියන්නේ නැතුවම බැරි දෙයක්.. 


ශ්‍රී ලංකාවේ බොහෝ දේශගුණික කලාපවල වැවෙන තක්කාලි විශේෂයෙන් ම නුවරඑළිය, බණ්ඩාරවෙල දිස්ත්‍රික්කවල බහුල ලෙස වගා කරනු ලබනවා..
එළවළුවක් මෙන් ම පලතුරක් ලෙස ද ආහාරයට ගත හැකි තක්කාලි අපගේ කෑමේ රුචිය වර්ධනය වන ආකාරයේ පැහැයකින් යුක්තයි.. මේ නිසාම බොහෝ දෙනෙක් තම කෑම වේලකට තක්කාලි ඇතුළත් කර ගැනීමට උත්සහ ගන්නා අතර, ගෘහණියෝ තක්කාලි සලාදයක්, සම්බෝලයක්, වෑංජනයක් ලෙස ප්‍රධාන ආහාර වේලකට එක්කර ගැනීමට කැමැත්තක් දක්වනවා.. ඊට අමතරව රසකාරකයක් ලෙස ද වෑංජනවලට එක්කර ගැනීමෙන් අපූරු රසයක් ලැබෙනවා.. එහිදී මස්, මාළු, කොහිල, කෙහෙල් මුව, කරවල වෑංජනයන්ට හා සුප් සෑදීමේ දී ද තක්කාලි එක්කර ගැනීමට ගෘහණියෝ යුහුසුළු වෙනවා.. විටමින් ඛ්, ඒ, ඡ්, ම් සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, මංගනීස්, පොස්පරස්, සින්ක් හා පිෂ්ටය, ප්‍රෝටීන හා මේදය ද තක්කාලිවල අඩංගුයි.. තක්කාලිවල ජලය 50%ක් පමණ අඩංගු වන නිසා, ශරීරයට ජලය එකතු වන එක් මාර්ගයක් ලෙසත් මේ එළවළු ආහාරයට ගත හැකියි... තක්කාලි ශරීරයට හිතකර එළවළුවක් මෙන්ම අහිතකර වන අවස්ථාවන් ද නැත්තේ නොවේ...

තක්කාලිවල හිතකර ගුණ

1 සෙම පහකරයි.
2 සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයට හිතකරයි - මෙහි දී සෙම්ප්‍රතිශ්‍යාව සෑදීගෙන එන කාල සීමාවේ දී ආහාරයට ගැනීමෙන් එම රෝගය වළක්වා ගැනීමට හේතුවේ.
3 හෘදයට හිතකරයි - තක්කාලිවල තිබෙන්නාවූ අම්ල ගුණය හෘදයේ රෝග වලට හිතකරවනු ඇත.
4 රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. පාලනය කරයි.
5 හෘද ස්ඵන්ධන වේගය පාලනය කරයි.
6 අධික රුධිර පීඩනය පාලනය කරයි
7 ශරීරයේ බර අඩු කරයි.
8 පිළිකා නැතිකරයි - විශේෂයෙන් ම බඩවැල් (අන්ත්‍ර), පුරුෂයින්ගේ පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන පිළිකා තත්ත්වයන්ට තක්කාලි බොහෝ ගුණදායකයි.
9 කාන්තාවන්ට සෑදිය හැකි පියයුරු පිළිකා, ගර්භාෂගත පිළිකා, පෙනහලු පිළිකා, අග්ණ්‍යාසගත පිළිකාවලට ගුණදායකය.
10 පිළිකා රෝගියෙකුගේ ශරීරයට අල්ලන කිරණෙන් වන හානිය අවම කිරීමට තක්කාලි උදවුවේ.
11 තුවාල ඉක්මණින් සුවවේ.
12 ආහාර දිරවීම පහසුකරයි.
13 විටමින් ‘සී’ බහුලයි.
14 මුඛයේ අමිහිරි රස නැති කිරීමට තක්කාලිවල ඇත්තේ අපූරු ගුණයකි.
15 ඇස් රෝගවලට ගුණදායකයි. ඇස්වල පෙනීම වැඩි දියුණු කරයි.
16 සමේ දිලිසෙන පැහැය ඇති කරයි.

තක්කාලිවල අහිතකර ගුණ
1 ආයුර්වේදයේ දී වාත ප්‍රකෘති, පිත් ප්‍රකෘති, කම් ප්‍රකෘති නමින් ප්‍රධාන වශයෙන් බෙදා දැක්වීමක් වේ. මේ එළවළුව පිත් ප්‍රකෘති ඇති පුද්ගලයන්ට අගුණ වීමට හැකියාව ඇත.
2 හෘදයාබාධ ඇති රෝගීන්ට අහිතකරයි
3 සෙම්රෝග ඇති අයෙ කුට ද අහිතකර වේ.
4 පීනස රෝගයට ද අහිතකරයි
5 ඇඳුම රෝගයට ද අහිතකරයි.
6 සමෙහි රෝගවලට අහිතකරයි - සමෙහි පොතු කබර, වණ, දද, කුෂ්ට වැනි තත්ත්ව වලින් පෙලෙන්නන් තක්කාලි ආහාරයට ගැනීමෙන් වළකින්න. මන්ද තක්කාලිවල ඇති අම්ලකර බව එම රෝග උත්සන්න කිරීමට හේතු වන නිසායි.
7 වාතරක්ත රෝගීන්ට අගුණයි.
8 බඩ දැවිල්ල, දහඩිය දමන, උණ අධික රෝගීන්ට අහිතකරයි.
9 මුත්‍රා දැවිල්ල, අත්පා දැවිල්ල ඇති අයට ද තක්කාලි ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.
10 කකුල්වල විලුඹ පැලීම ඇති රෝගීන්ට ද (පාද දාරී) අහිතකරයි.
11 තක්කාලි ආහාරයට ගැනීමේ දී ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ සලාද ආකාරයෙන් ආහාරයට ගැනීමටය. මන්ද ව්‍යංජනයක් ලෙස ආහාරයට ගැනීමේ දී එහි අඩංගු විටමින් සී විනාශ වී යා හැකි බැවිනි.


අන්තර්ජාලය ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top