නව තාක්ෂණයත් සමග රියදුරු සහය නොමැතිව ඉබේ ධාවනය කිරීමේ හැකියාවක් ඇතැම් නවීන මෝටර් රථ සඳහා තිබෙනවා. ඒක හඳුන්වන්නෙ Autopilot කියලා.
මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී Autopilot පද්ධතිය ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මෙය Autopilot පද්ධතිය ක්‍රියාත්මක ධාවනය කළ අවස්ථාවක සිදුවූ ලොව පළමු මරණයයි.
මෙම අනතුර සිදුව ඇත්තේ අදාළ මෝටර් රථය ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටරයක ටේලරයේ වැදීමෙන්.
කෙසේ වෙතත් අදාළ මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීයෙකු පවසා ඇත්තේ Autopilot පද්ධතිය ක්‍රියාත්මක වුවද මෙම ට්‍රැක්ටරයේ ටේලරය දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූ නිසා අහස සේ වරදවා වටහා ගැනීමත්, අසාමාන්‍ය ලෙස උසින් පිහිටි එම ටේලරය රේඩාර් පද්ධතිය මඟින් මාර්ගයේ ඉදිරියෙන් ඇති මාර්ග පුළුල් සංඥා පුවරුවක් ලෙස වරදවා වටහා ගැනීමත් නිසා මේ අනතුර සිදුවෙන්න ඇති කියලා.