හිරු එෆ්.එම්. 18 වැනි අභිමානවත් සංවත්සරය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් සංවිධාන කෙරෙන සුවිශේෂී පිරිත් පිංකම ඵෙතිහාසික කැළණිය රජමහා විහාරයේදී ඊයේ (30) පැවැත්වුණා.
ඒ, තවත් කල්පයකට ස්වභාවික විපත් සිදුනොවී, රටට සහ රටවැසියන්ට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවායී ප්‍රාර්ථනා කරමින්.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පහන් සංකල්පයක් පරිදි මෙම උත්තරීතර පිංකම ජාති, ආගම් භේදයකින් තොරව ලක්වාසී සැමට සහභාගි විය හැකි පිංකටයුත්තක් ලෙස සංවිධාන කර තිබීම විශේෂත්වයක්.
හිරුගේ අභිමානවත් 18 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කෙරුණු මෙම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සමස්ත ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී යන ආකාරයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා තිබුණා.
ඒ අනුව අටමස්ථාන, සොලොස්මස්ථාන විහාරවාසී මහා සංඝරත්නය ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් දිවයිනේ ප්‍රධාන විහාරස්ථාන දහයක් කේන්ද්‍ර කරගෙන මෙම කටයුත්ත සිදුවුණා.
ඒ, තවත් වෙහෙර විහාර රැසක දායකත්වයද සමඟින්.
කැළණිය රජමහා විහාරයේ පුන්‍ය කටයුත්ත අද උදෑසන මහා සංඝරත්නය වෙනුවෙන් පිරිනැමෙන හීල් දානයෙන් නිමාවට පත් වනවා.