ආදරේ කරන තරුණ හදවත්වල විවාහය කියන බැදීමට තියෙන්නේ ලොකු ඉඩක්.
හැම කෙනාම වගේ හීන දකින්නේ ලස්සන මංගල උත්සවයක් ගන්න එක. ඒ වගේ සුවිශේෂී වුණු මංගල උත්සවයක් ගැන අපිට අහන්න ලැබුණේ මාදම්පේ පැත්තෙන්.
ඒකට හේතුව තමයි මනාලියන් දෙදෙනෙකු හා මනාලයන් දෙදෙනෙකු එකම දිනක එකම වේලාවක අතිනත ගැනීම.
ඒ විදිහට අතිනත ගත්තු මනාලියන් දෙදෙනාම සොහොයුරියන් වගේම මනාලයන් දෙදෙනාද සොහොයුරන්. මනාලියන් දෙදෙනා නිවුන් සෙහොයුරන් වීම එහි තවත් සුවිශේෂී කරුණක්.
මාදම්පේ ඉහළ ගම පදංචි මේ නිවුන් සොහොයුරින් දෙදෙනා නර්තන ක්ෂේත්‍රයෙන් උපාධියක්ද ලබා ඇති උපන් හැකියාවන් ඇති තරුණියන් දෙදෙනෙක්.
කල වයස පැමිණි පසු මෙම තරුණියන්ගේ මව්පියන් විසින් සුදුසු සහකරුවෙකු කාලයක සිට සොයමින් සිට තිබෙනවා.
යෝජනා කිහිපයක් පැමිණියත් ඒවා නොගැලපීම නිසා නතර වුණත් දිනක් කපු මහතෙකු විසින් අපූරු යෝජනාවක් රැගෙන නිවසට පැමිණ තිබෙනවා.
තම දියණියන් දෙදෙනාම එක දිනක බන්දනා දෙන්න පුළුවන් යැයි කියමින් කපුමහතෙකු විසින් ගෙන ආ මේ අපූරු යෝජනාවට දෙපිරිසේම කැමැත්ත ලැබී තිබෙනවා.
පසුගිය දිනක මේ අපූරු නිවුන් මංගල්‍යය හලාවත පැත්තේ හෝටලයක ඉතාමත් අපූරුමත් ලෙස සිදුකරලා තිබුණා.
එහි අලංකාරය තවත් වැඩිවෙලා තිබුණේ දෙවැනි මනමාලයන් හා මනමාලියන් වගේම මල් කුමාරියන්ද නිවුන් දරුවන් වීමයි.
ඒ විදිහට යුගදිවියට එළඹුනේ හසිතා සහ හසිකා නමැති තරුණියන් දෙදෙනාත් ලක්‌මාල් හා ශ්‍රීමාල් යන තරුණයන් දෙදෙනාත්ය.
මෙම මංගල උත්සවයට නිවුන් දරුවන් 20 දෙනෙකු සහභාගී වී සිටීමද කාගේත් අවධානය යොමුව තිබූ කරුණක්.
