Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
02
කවුද අකමැති ලස්සනට ඉන්න.. ජපානයේ එයාලා බෝනික්කෝ වගේ ඉන්නේ මේවා කරන නිසාලු...

- කවුද අකමැති ලස්සනට ඉන්න.. ජපානයේ එයාලා බෝනික්කෝ වගේ ඉන්නේ මේවා කරන නිසාලු...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

ගොඩක් වෙලාවට එයලා හැමෝම එක වගේ කියලා ඔයාටත් හිතිලා තියනවාද..?

ඔව් එහෙම හිතෙන වාර නම් ඕන තරම්.. 


කාලයත් එක්ක රූපයේ ලස්සන පවත්වාගන්න ඔවුන් කරන විශේෂ දේවල් මොනවාද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවයි.. ජපන් කාන්තාවන් තමන්ගේ සම රැකගන්න කරන්නේ මොනවාද..? මෙන්න ඒ ගැන ඔබටත් කියන්න අපි සූදානම්..

01. සහල් ජලයෙන් මුහුණ සෝදන්න.
සහල් වල ඛනිජ ලවණ, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක සුලභව අන්තර්ගත වන නිසා සම වයස්ගත වීමට ඉඩ නොදී සම රැක ගනී, සනසවයි, බැබලීමක් ලබා දෙයි. දීර්ඝ කාලයක් තිස්සේ ජපන් කාන්තාවන් කොණ්ඩය සහ මුහුණ සෝදා ගැනීමට සහල් වතුර පාවිච්චි කරනවා. ගෙදරදීම සහල් වතුර සකස් කරගැනීමට භාවිතා කල හැකි ක්‍රම කීපයක්ම තියෙනවා. ඔයාට හදිස්සියක් නැත්නම්, පැසුණු සහල් ජලය සකස් කරගන්න.

පිරිසිදු බඳුනක් ගෙන සහල් කෝප්ප 1/2ක් දමා පිරිසිදු වතුරෙන් කීප වරක් සෝදන්න.

මෙයට ජලය කෝප්ප 2ක් යොදා මිනිත්තු 15ක් පෙඟීමට හරින්න.

සහල් පෙරා වෙන් කරගත් පසු ලැබෙන ජලය බෝතලයකට දමා දවස් 1-2ක් කාමර උෂ්ණත්වය යටතේ තබන්න.

සහල් වතුරෙන් මදක් අප්‍රසන්න ගන්ධයක් වහනය වනවා නම් එය මනාව පැසී ඇති බවට තහවුරු කරගන්න පුළුවන්. දැන් මෙම සහල් ජලය සාමාන්‍ය ජලය කෝප්ප 1-2ක් යොදා තනුක කර මුහුණ සහ හිසකෙස් සේදීමට භාවිතා කල හැකියි. ඉතිරි වූ සහල් වතුර ශීතකරණයේ ගබඩා කර තබා ගන්න.

02. අත් දෙකෙන් මුහුණ අතුල්ලන්නේ නැතිව පෙන දැලක් සකස් කරගන්න උත්සහ කරන්න.
ගොඩක් දෙනා මුහුණ සෝදන විට නිෂ්පාදන ආලේප කරන්නේ අත් දෙකෙන්. ඒත් ඇත්තටම මුහුණ අතුල්ලන විට, සමට පීඩාවක් ඇති වන නිසා මෙහි ප්‍රතිඵලයක් ලෙස අඩු තානයක් ලැබෙනවා. මේ නිසා ජපන් කාන්තාවන් තම මුහුණට සම ආරක්ෂණ නිෂ්පාදන යොදන විට එම නිෂ්පාදනවලින් පෙණ නෙට් එකක් නැත්නම් පෙණ දැල් සකස් කරගන්නවා. නිෂ්පාදනයෙන් කුඩා ප්‍රමාණයක් පාවිච්චි කර මේ දැලට පහසුවෙන්ම පෙණ ඝනව සකස් කරගත් හැකියි, ඉන්පසු එය පිරිසිදු කරන විට ඇඟිලිවලින් මුහුණ අල්ලන්නේ නැතිව මුහුණ සෝදා ගන්න පුළුවන්. ඔයා කරන්න ඕනි ෆේස් වොෂ් ටිකක් දැලට දමා අත්ලෙන් ඇතිල්ලීම පමණයි.

03. මුහුදු පැලෑටි වලින් සකස් කළ ෆේස් මාසක්.
මුහුදු පැලෑටි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොටසක් වශයෙන් නිර්දේශ වී තිබෙන්නේ ඒවා සතුව පවතින පුදුම සහගත සෞඛ්‍යමය ගුණ නිසා. මේවා ජපන් ආහාර සැකසීමට සුලභව භාවිතා කරනවා. ආහාර පිළියෙළ කිරීමේදී කුළුබඩුවක් වශයෙන් භාවිතා කරනවාට අමතරව මුහුණේ සම දීප්තිමත් කිරීමටත්, වැඩි සජල බවක් දැනීමටත් මෙය පාවිච්චි කල හැකියි. DIY, එනම් ඔයාටම සකස් කරගත හැකි මුහුදු පැලෑටි මාස්ක් එකක් පිළියෙළ කරගන්නේ මෙහෙමයි. මුහුදු පැලෑටි කුඩු කෝප්පයකට උණු වතුර සහ ඔලිව් ඔයිල් යොදා මෘදු ඝන සංයෝගයක් ලැබෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න. මුහුණේ සහ බෙල්ලේ ආලේප කිරීමෙන් අනතුරුව පැය කාලක් තිබෙන්නට හැර වතුරෙන් සෝදා හරින්න. එසේ නැත්නම් ඉහත පින්තූරයේ දක්වා ඇති පරිදි තෙත මුහුදු පැලෑටි තීරු මුහුණේ තබාගත හැකියි.

04. සමබර ආහාර වේලක් ලබාගන්න.
කෙනෙකුගේ හැඟීම් සහ පෙනුම, ඔහු හෝ ඇය ගන්නා ආහාර වේල අනුව රඳා පවතින බව නොරහසක්. ජපන් ආහාර ගොඩක් නැවුම් වගේම සෞඛ්‍යාරක්ෂිත යි.

මුහුදු පැලෑටි, ධාන්‍ය, මාළු, එළවළු, පළතුරු, පැසුණු සෝයාවලින් නිෂ්පාදිත ආහාර (නිදසුනක් වශයෙන් මයිසෝ) සහ හරිත තේ වගේ අලුත්, පෙර සකස් නොකළ ආහාර පරිභෝජනය කරන්න.

සත්ව ආහාර මධ්‍යස්ථව ආහාරයට ගන්න.

පෙර සකස් කරන ලද, පිරිපහදු කළ ආහාර සහ රසකැවිලි ආහාරයට ගැනීමෙන් ඉවත් වෙන්න.

05. කොලජන් මට්ටම වැඩි අගයක පවත්වා ගන්න.
කොලජන් කියන්නේ මිනිස් සමේ වැදගත් ව්‍යුහාත්මක ප්‍රෝටීනයක්. එම මට්ටම පවත්වාගත නොහැකි වූ විට වයස්ගත පෙනුමක් ලබා දෙනවා. ජපානයේදී කොලජන් අතිරේක වශයෙන් කරල්, ටොෆි, ලොලිපොප්, ජෙලි සහ පාන විදියට වෙළඳපළෙන් මිලට ගන්න පුළුවන්. කොලජන් අතිරේක පිටතින් ලබාගත්තාට කිසිම ප්‍රයෝජනයක් නැති බව සමහර විද්‍යාඥයින්ගේ මතයයි. මේ සඳහා ස්වභාවික ක්‍රම භාවිතා කල හැකියි. සිරුරට ඉහළ කොලජන් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අස්ථි සුප්, මාළු, කුකුල් මස්, පැඟිරි පලතුරු, බිත්තර සුදු මද සහ පලා වර්ග එදිනෙදා ආහාර වේලට එකතු කරගන්න.

06. කැමෙලියා තෙල් අන්තර්ගත සම ආරක්ෂණ නිෂ්පාදන මිලදී ගන්න.
කැමෙලියා එනම් සුබාකි කියන්නේ ජපනයේ තිබෙන ප්‍රසිද්ධ මල් පිපෙන ගස්වලින් එකකි. මෙහි බීජ වලින් නිස්සාරණය කරනු ලබන තෙල් වලට ජපන් කාන්තාවන් වඩාත් ප්‍රිය කරන්නේ එමඟින් සමේ ගැඹුරුම තැන්වලට පවා ඇතුළු වී තෙතමනය රඳවා තබන නිසයි. මෙහි විටමින්, මේද අම්ල සහ ප්‍රතිඔක්සිකාරක සුලභව පවතිනවා. එමඟින් සම පරිසරයට නිරාවරණය වීමෙන් රැකගන්නවා වගේම සම මෘදු සහ සිනිඳු කරවනවා. ජපන් කාන්තාවන් වැඩි වශයෙන් පාවිච්චි කරන මුහුණේ ආලේප කරන ක්‍රීම් සිට ෂැම්පු දක්වා රූපලාවන්‍ය නිෂ්පාදනවල කැමෙලියා තෙල් අන්තර්ගත වෙනවා.

07. උණු ජල තටාකයක ඉන්න.
ජපානයේ ජීවත් වන බොහෝ දෙනෙක් උණු ජාල තටාකයකට නැත්නම් සාම්ප්‍රදායික ඔන්සන් උණු දිය උල්පතක ඉන්න ගොඩක් කැමතියි. ඔන්සෙන් එකකට ගොස් ස්නානය කිරීම චිකිත්සක ස්නානයක් ලෙස සලකනවා. මෙයට හේතුව උණු දිය උල්පත් ජලයේ අඩංගු වන ඛනිජ ලවණ සිරුරට කාවදින අතර ස්නායු සන්සුන් කර, සම ආශ්‍රිතව උද්ගතව පවතින ගැටළු වලින් නිදහස් වීමට වගේම තරුණ පෙනුමක් සහ හැඟීමක් ජනිත කිරීමට හේතු වෙනවා. ඔයාට ඔන්සෙන් යන්න බැරි නම්, ගෙදරදීම උණු ජල ස්නානයක් ලබාගන්න පුළුවන්. උණුසුම් ජලය ස්නානය කිරීම මඟින් ගුණාත්මක භාවයෙන් ඉහළ නින්දක් ලබා ගැනීමට, දැවිල්ල අවම කිරීමට මෙන්ම ශරීරයේ පවතින වැඩිපුර කැලරි ප්‍රමාණය දහනය කරන්නත් උදව් වෙනවා.

08. හරිත තේ පානය සහ එය ෆේස් මාස්ක් එකක් වශයෙන් ආලේප කිරීම.
ජපානයේදී ඔයාට කවදාවත් ඇතිවන තුරු ග්‍රීන් ටී බොන්න බැහැ. නිතිපතා මෙම ප්‍රතිඔක්සිකාරක සුලභ තරුණ වීමේ මායා බෙහෙත පානය කිරීමට අමතරව ෆේස් මාස්ක් එකක් සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. එයින් සමෙහි සිදුරු තද කිරීමට, සමෙහි පවතින කුඩා රැළි වැටීම් මැකීමට මෙන්ම සම විෂබීජහරණය කරන්නත් පුළුවන්. matcha හරිත තේ කුඩු තේ හැඳි 1/2-1 කට ජලය තේ හැන්දක් සහ මී පැණි තේ හැඳි 1/2ක් යොදන්න.

අමුද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර කිරීමෙන් අනතුරුව මුළු මුහුණේම ආලේප කරන්න. විනාඩි 20ක් තිබෙන්නට හැර වතුරෙන් සෝදා හරින්න.

09. නිතිපතා මුහුණ සම්බාහනය කරන්න.
ජපන් කාන්තාවන් තම මුහුණ මෘදුව සේදූ විගසම අත්ල මඟින් මුහුණ සම්බාහනය කරනවා. සැසි කීපයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පුදුම සහගත ප්‍රතිඵල දැකගත හැකි බැවින් ජපන් සමෝච්චකරණ සම්බාහන ක්‍රම ලොව පුරා කාන්තාවන් අතර ප්‍රසිද්ධයි. මෙහි වැදගත්ම දෙය වෙන්නේ මේවා තනිවම කරගත හැකි වීමයි. මුහුණු සම්බාහන ක්‍රම අතරින් වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලන මෙය වීඩියෝවේ සඳහන් උපදෙස් වලට අනුව සිදු කිරීමට උත්සහ කරන්න පුළුවන්. කුමන මුහුණ සම්බාහන ක්‍රමය තෝරාගත්තත් මේවා මතක තබාගන්න.

ඇඟිලිවලින් ඇති වන බලපෑම අඩු කරගැනීමට සම්බාහන තෙල් හෝ ලෝෂන් එකක් ගල්වන්න.

ඇඟිලිවල චලන මෘදු හා සිනිඳු වෙන්න ඕනි.

10. ඉර එළියෙන් සම රැකගන්න.
ජපන් කාන්තාවන් තමන්ට පුළුවන් සෑම විටම ඉර එලියට සම නිරාවරණය වීමට ඉඩ දෙන්නේ නැහැ. ඉර එළියේ අන්තර්ගත වන UVA සහ UVB කිරණ මඟින් අපගේ සමට හානි වෙනවා. එමඟින් වයස්ගත වීමේ ක්‍රියාවලිය ඉක්මන් කර සමෙහි රැළි සහ ලප හට ගන්නවා. විශේෂඥ මතයට අනුව, අඳුරු දවසක වුවත් පාරජම්බුල කිරණෙන් 80%කට වලාකුළු හරහා ගමන් කල හැකියි. මේ නිසා නිවසින් පිට වන සෑම අවස්ථාවකම, හිරු එළියෙන් සම ආරක්ෂා කර ගත හැකි සන් ස්ක්‍රීන් ආලේප කරන්න.

අන්තර්ජාලය ඇසුරෙන්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top