මේ වසරේ ජූලි මස 1 වැනි සහ 31 වැනි දිනවල් වලට පුන් පොහොය දෙකක් දී තිබේ. එමෙන්ම ජුලි මස 1 වැනි දිනට යෙදෙන ඇසල පුන් පොහොය දිනයේදී සූර්ය ග්‍රහ මණ්ඩලයට අයත් සිකුරු සහ බ්‍රහස්පති ග්‍රහයන් දෙදෙනාගේ ග්‍රහ සංගමයක් හෙවත් ජ්‍යෝතිෂයට අනුව 'ග්‍රහ යුද්ධයක්' ද යෙදී ඇත.
මෙහි උපරිම අවස්ථාව දිවාකාලයට යෙදී ඇති බැවින් ශ්‍රී ලංකාවාසී අපහට මෙම ග්‍රහ සංගමය සිදුවීමට පෙර සහ පසු අවස්ථා දැක ගත හැකිය.
මේ දිනවල රාත්‍රී 7.00 ට පමණ බස්නාහිර අහස බලන ඕනෑම කෙනෙකුට පොළොවේ සිට අංශක 45ක් පමණ ඉහලින් දීප්තිමත් ග්‍රහවස්තූන් දෙකක් දැකගත හැකිය. මෙම වස්තූන් දෙකෙන් විදුලි බුබුලක් මෙන් සුදු පාටින් දිදුලන දීප්තිමත් ආකාශ වස්තුව 'සිකුරු ග්‍රහයා' වේ. මෙයට බොහෝ ලංව කහ පැහැයට හුරු තැඹිලි පාටින් දිදුලන ග්‍රහ වස්තුව 'බ්‍රහස්පති ග්‍රහයාය'.
සූර්ය ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා බ්‍රහස්පති වුවත් සිකුරුට වඩා බොහෝ ඈතින් පිහිටන නිසා බ්‍රහස්පති පියවි ඇසට පෙනෙන්නේ සිකුරුට වඩා කුඩාවටය. සිකුරු සහ බ්‍රහස්පති ග්‍රහයන් දෙදෙනා මේ දිනවල රාශි චක්‍රයට අනුව කටක රාශියට අයත් ප්‍රදේශයේ දක්නට ලැබේ. මෙලෙස පිහිටන මෙම ග්‍රහ වස්තූන් කක්ෂය පුරමින් ක්‍රමයෙන් ඉදිරියට යාමේදී ඇසල පොහොය දින එනම් ජුලි 1වැනි දින දහවල් 1.22ට පොලොව මත සිටින අපට සාපේක්ෂව බොහෝ ලංව පිහිටීමක් සිදුකිරීමට නියමිතය.
තාරකා විද්‍යාවේ ග්‍රහ සංගමයක් ලෙස හැඳින්වෙන මෙම සිදුවීම දහවල් අහසෙහි සිදුවන්නක් බැවින් පියවි ඇසෙන දැක බලා ගත නොහැක. කෙසේ වුවද මෙම සිදුවීමේ මුල් සහ පසු අවස්ථා ජුලි 1 වැනි දින රාත්‍රියේත් ජුලි 30 වැනි දින රාත්‍රියේත් දැක ගත හැකිය.
තාරකා විද්‍යාඥ
අනුර සි පෙරේරා
මෙය ශ්‍රී ලංකාවට පෙනෙන අයුරු...
