Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
10
"මට තාම මතකයි එක්තරා කරාටේ තරගයකදී මට වැදුණු දරුණු පහරකින් මම ක්ලාන්තේ දාලා ඇදගෙන වැටුණා.." - වසන්ත කුමරවිල - Photos

- "මට තාම මතකයි එක්තරා කරාටේ තරගයකදී මට වැදුණු දරුණු පහරකින් මම ක්ලාන්තේ දාලා ඇදගෙන වැටුණා.." - වසන්ත කුමරවිල - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"කොල්ලව මරන්නද හදන්නේ.. කියලා අම්මා අයියාට කෑ ගැහුවා.."

"ඔව්.. මම ජීවිතේ බොහෝ දුකක් විඳපු කෙනෙක්.."

මගේ උපන් ගම කළුතර.. මට අවුරුදු දහයේදී විතර කාලේ ඉඳන් මම සටන් කලාවට යොමු වුණා. ඒකට ප්‍රධානම හේතුව වුණේ මගේ අයියා. මම පුංචි කාලේ ටිකක් දඟයි. පවුලේ ඉන්නේ මායි අයියයි විතරයි. අවුරුදු අටේ නවයේදී ඉඳන්ම මගේ දඟකාරකම් ටිකක් පාලනය කරන්න හිතාගෙන අයියා මාව මාෂල් ආට් ක්ලාස් එකකට දැම්මා. හැබැයි වුණේ අනිත් පැත්තයි. මගේ දඟ වැඩ තවත් වැඩි වුණා. මගේ ආසාව වුණේ සටන් කලාවයි.


ඔබ.. කරාටේ ක්‍රීඩාවේ නියැලෙනවාට අම්මා තාත්තා තුළ කැමැත්තක් තිබුණාද?
නැහැ.. මට තාම මතකයි එක්තරා කරාටේ තරගයකදී මට වැදුණු දරුණු පහරකින් මම ක්ලාන්තේ දාලා ඇදගෙන වැටුණා. එදා අම්මා දැඩි ලෙස මේ ක්‍රීඩාවට විරුද්ධ වුණා. “ක්ලාස් යවන්න එපා.. කොල්ලව මරන්නද හදන්නේ.. කියලා අම්මා අයියාට කෑ ගැහුවා. ඔය කාලේදී ඉස්කෝලේ කලබල වගයක් ඇතිවෙලා අම්මා මාව මගේ පුංචි අම්මගේ ගෙදර නතර කළා. මගේ අයියාට රඟපාන්න ආසාව තිබුණා. වේදිකා නාට්‍ය කිහිපයක් අයියා රඟපාලා තිබුණා. කැලණියේ පුංචි අම්මාගේ ගෙදර ඉන්න කාලේදී අයියා මගේ හිත වෙනස් කරන්න ඕන නිසාම “සිනමාවේ ෆයිට් කරන්න උඹ කැමතිද..? කියලා අහලා මාව සරත් සිල්වා කියන සටන් අධ්‍යක්ෂවරයා ළඟට එක්කගෙන ගියා. එතකොට මගේ වයස අවුරුදු දහහතරයි. ඒ අනුව මම “කියලා වැඩක් නැහැ චිත්‍රපටයේ සටන් නළුවෙක් විදිහට සම්බන්ධ වුණා. තප්පර හතළිස් පහක් වගේ පොඩි සටන් ජවනිකාවක් ඒකේ තිබුණා. ඒක හරිම සුන්දර මතකයක්.

චිත්‍රපටයෙන් පසුව වසන්තට දිගටම සටන් ජවනිකා කරන්න ආස හිතුණා ද..?
නැහැ.. එහෙම ලොකුවට ආසාවක් ඇති වුණේ නැහැ. හැබැයි චිත්‍රපටය තිරගත වෙද්දී අර පුළුල් තිරයෙන් දකිද්දී මට ලොකු ආසාවක් ඇති වුණා. හැබැයි අයියට “අනේ මාව තව චිත්‍රපටයට දාන්නකෝ. කියලා කියන්න පොඩ්ඩක් අකමැති වුණා. හැබැයි මාස හය හතක් යද්දී මටම හිතිලා “අයියේ.. මාව තව එකකට දානවකෝ. කියලා කිව්වා.

සටන් ජවනිකා රඟපෑවට රංගනය පිළිබඳව මුලින්ම අධ්‍යයනය කළේ වසන්ත කොයි කාලේදී ද?
රංගනය පිළිබඳ ආසාව ඇතිවෙලා තියෙන කාලේදීම ලංකාවට “Blood Spot Part 3 ෆිල්ම් එක රෑගත කරන්න නිෂ්පාදන කණ්ඩායමක් ලංකාවට ආවා. ඒ ෆිල්ම් එකට සටන් නළුවන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණයට මාත් සම්බන්ධ වුණා. එදා ලංකාව පුරාම කරාටේ ක්‍රීඩාවේ නියැලුණු විශාල ප්‍රමාණයක් ඇවිත් හිටියා. ඒකට යන්න මට ටෙඩී විද්‍යාලංකාරත් උදව් කළා. ඒකේදී සම්මුඛ පරීක්ෂණ නවයකට මම සහභාගී වුණා. චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මාස තුනක් අපිට ජාත්‍යන්තර පුහුණු වීමක් ලැබුණා. ඒ හරහා මට ජනප්‍රිය, ප්‍රවීණ පිරිසක් හඳුනාගන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. වේදිකාවට පය තිබ්බ මොහොතේ ඉඳන් සටන් ශිල්පියෙක් වුණා. මට රංගන ශිල්පියෙක් වීමේ ආසාව ඇතිවුණා. විශේෂයෙන් සටන් නළුවෙක් වීමේ ආසාවක් ඇතිවුණා. ෆයිට් එකක් ඇතුළේ රඟපාන්න මට ඕන වුණා. ඊට පස්සේ මම මාව හඳුනාගන්න බොහෝ දේවල් කළා. බොහෝ චිත්‍රපට බැලුවා. ඒ හරහා ඔවුන්ගේ සටන් ජවනිතා අධ්‍යයනය කළා. ඒ ඔස්සේ ලංකාවේ දක්ෂ සටන් නළුවෙක් වෙන්න මම ආස කළා.

ඒ ඔස්සේ වසන්ත අධ්‍යක්ෂවරු යටතේ සටන් නළුවෙක් බවට පත්වෙනවා. එහෙම නේද..?
ඔව්.. ඔය හරහා අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් මම හඳුනාගෙන ඔවුන් හරහා මට රඟපාන්න අස්ථාව ලැබුණා. ඊට පස්සේ මම ඉතාලි ෆිල්ම් එකක රඟපෑවා. ඒ හරහා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒක හරියට විශ්වවිද්‍යාලයක් වගේ වුණා. ඒ හරහා මම ලංකාව පුරා සටන් කලාව හැදෑරූ පිරිසක් එකතු කරගෙන මගේ කණ්ඩායමක් හදාගත්තා. ඔවුන් කවදාවත් චිත්‍රපටවල රඟපාන්න ඕනෑ කියලා මාත් එක්ක එකතු වුණු අය නොවේ. සැබෑ සටන් කලාවයි සිනමා සටන් කලාවයි අතර හොඳ බැඳීමක් තියෙනවා කියලා තේරුණාට පස්සේ මම ඔවුන්ව සිනමාවට පුරුදු පුහුණු කළා. සැබෑ සටන් කලාවයි, සිනමා සටන් කලාවයි දෙකක්. ඒ දෙක අවබෝධ කරගත් කෙනාව සිනමාවේ වැඩ කරන්න පුළුවන්. ඒ කණ්ඩායම එක්ක මම “Under World චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ඒක කරන්නත් මට ලොකු සල්ලියක් තිබුණේ නැහැ. හැබැයි ලංකාවේ සිනමා සටන් කලාවේ අපි ලොකු වෙනසක් කළා. ඒත් චිත්‍රපටය තිරගත වෙලා දවස් දහහතරක් ගතවෙද්දී ලෝකයටම බලපාපු සුනාමි ව්‍යසනය ඇතිවුණා.

ඒ කියන්නේ කවදාවත් නොහිතපු ක්ෂේත්‍රයකට වසන්තට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා?
ඔව්.. ඇත්තෙන්ම.. සටන්කරුවෙක් වෙන්න පුළුවන් වුණාට සටන් නළුවෙක් වෙන්න මම හිතුවේ නැහැ. අදටත් දුෂ්ටයා කියන චරිතයට මම තාමත් ආදරේයි වගේම කෑදරයි. ඔහුට කරන්න පුළුවන් දේ සිනමාවේ අප්‍රමාණයි. ඒ කාලේදී මට ඒ දුෂ්ට චරිත තුළ ලොකුවට කරන්න ලැබුණේ නැහැ. මම හැමවෙලේම සටන් අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය දේ ඉගෙන ගන්නවා. දැනටත් මම ඉගෙන ගන්නවා. ඒ පුහුණුවත් එක්ක තමයි සටන් අධ්‍යක්ෂවරයා දියුණු වෙන්නේ.

රන් සයුර චිත්‍රපටයෙන් ඔබ නැවතත් නිෂ්පාදකයෙක් බවට පත්වෙනවා නේද..?
ඔව්.. මම ජීවිතේ බොහෝ දුකක් විඳපු කෙනෙක්. සටන්කරුවන්ට පිළිගැනීමක් නැහැ කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒ වගේ තැනකින් ආපු මට අද මම ගැනම පුදුමයි. අද යම් තැනක ඉන්නවා නම් ඒකට මම දෙවියන් වහන්සේට ස්තූති කරනවා. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “රන් සයුර චිත්‍රපටය මම මහ දුක් කන්දරාවක් දරාගෙන කරපු චිත්‍රපටයක්. “රන් සයුර පළවෙනි දවස් දෙක තුන රූගත කිරීම් කරලා මම ඒක නතර කළා. මට ඉදිරියට කරන්න සල්ලි තිබුණේ නැහැ. එක දවසක් මම පල්ලියට ගිහින් දෙවියන් ඉදිරියේ “ඔබවහන්සේ කැමති නම් මට මේක කරන්න ඉඩ දෙන්න. කියලා යාඥා කළා.

පල්ලියේ ඉඳන් එළියට එද්දී මම දන්න මල්ලි කෙනෙක් මාත් එක්ක කතාබහ කරලා “අයියේ.. චිත්‍රපටයට මොකද වුණේ. කියලා ඇහුවා. මම සියලුම විස්තර කිව්වට පස්සේ “අයියේ වැඩේ පටන් ගන්න මම සල්ලි දෙන්නම්. කියලා මාව විශ්වාස කරලා මට මුදල් ලබලා දුන්නා. ඒ විදිහට තමයි සංජීව කුමාර මල්ලි මාත් එක්ක එකතු වෙලා “රන් සයුර නිෂ්පාදනය කළේ. අද වෙද්දී මම මේ කලාවේ භූමිකා පහක් රඟපාලා තියෙනවා. සටන්කරුවා, සටන් නළුවා, සටන් අධ්‍යක්ෂකවරයා, ප්‍රධාන නළුවා සහ නිෂ්පාදකවරයා. මේ භූමිකා පහෙන් අමාරුම සහ භයානක භූමිකාව නිෂ්පාදකවරයායි. මේ සුන්දර කලාව සමහරු අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තා. අද නිෂ්පාදකවරු රැකගන්නේ නැහැ. නිෂ්පාදකවරු නිසා රටේ කීදාහක් ජීවත් වෙනවාද? නමුත් යටකරපු මුදල සොයාගන්නවත් හදපු ෆිල්ම් එක නිදහසේ පෙන්වන්න මේ රටේ බලධාරින් ඉඩ දෙන්නේ නැහැ.

මේ දිනවල තිරගත වන “මානය චිත්‍රපටයේ නළුවා ඔබයි?
ඔව්.. දෙවැනි පාරත් බැට කාලා මම මගේ සහෝදරයෙක් වන රොෂාන් ඉන්දික මල්ලිත් එකතු කරගෙන චිත්‍රපටයක් පටන් ගත්තා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තු මල්ලිලා කණ්ඩායමක් එකතුවෙලා නිර්මාණයක් කරන්න හැදුවට උන්ට සල්ලි වියදම් කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. “රන් සයුර චිත්‍රපටයේ මහා බරක් ඇඳපු ඒ දුක් කන්දාරවක් දාරගත්තු අංජු ධනංජයට චිත්‍රපටක් කරන්න ඕන වුණා. අලුත් කණ්ඩායමක් ගැන විශ්වාස කරලා මුදලක් සිනමාව වෙනුවෙන් වැය කිරීම ගැන රොෂාන් ඉන්දික රළපනාවට මම අදටත් ස්තූති කරනවා. ඒ වගේ අයව අපි ආරක්ෂා කළ යුතුයි.

චිත්‍රපටය තිරගත කරන දිනවලදීම හිතපු නැති අකරතැබ්බයකටත් වසන්ත ඇතුළු පිරිස මුහුණ දුන්නා නේද?
ඔව්.. ලංකාවේ සිනමාපට බෙදාහැරීමේ ක්‍රමවේදවල යම් යම් ප්‍රශ්න තිබුණා. මට ඒ කණ්ඩායම් දෙකේ හරි වැරදී ගැන අදාළ වෙන්නේ නැහැ. කොයි අයත් එක්ක ප්‍රශ්න තිබ්බත් නිර්මාණකරුවන්ට කවදාවත් තලන්න එපා. ඒ අයගේ ප්‍රශ්න නිසා දුක් විඳින්නේ නිර්මාණකරුවයි බව අමතක කරන්න එපා. ඒ දෙගොල්ලන්ම පවතින්නේත් මේ නිර්මාණකරැවන් නිසාමයි. ඒක තේරැම් ගන්නේ නැති අවාසනාවන්ත රටක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ ගැන මට දුකයි. මේ චිත්‍රපටය සියලු වැඩ කටයුතු බෙදාහැරීම් කරමින් පවත්වාගෙන යද්දී ඔවුන්ගේ යම්කිසි උසාවි නියෝගයක් හරහා බෙදාහැරීමේ ක්‍රමය නැවතත් පෞද්ගලීකරණය වුණා. ඒ නියෝගයත් එක්කම චිත්‍රපටය පෙන්වන්නට නියමිතව තිබූ සිනමාශාලා අටක් මට තහනම් වුණා.

අපි ලොකු අමාරුවක වැටුණේ. අනිත් පාර්ශවය රිද්දවන්නට කරපු දෙයින් තැලුණේ අපි වගේ පොඩි මිනිස්සු. මේ ප්‍රශ්නයට අලුතින් ආ සහෝදර කැල විතරක් මුහුණ දුන්නා නම් ඒ අය පුදුම විදිහට අසරණ වෙනවා. කොහොම හරි මම අදාළ තැන්වලට කතා කරලා බොහෝම අමාරුවෙන් මේ චිත්‍රපටය පෙන්වන්න ඉඩ ලබාගත්තා. ආයතනවල පලිගැනීම්වලින් තැලෙන්නේ මේ රටේ නිර්මාණකරුවනුයි. කලාකරැවන් කියන්නේ බොහෝම සංවේදි මිනිස්සු. ඒක සමහරු තේරුම් ගන්නේ නැහැ. අද මට වෙච්චි මේ අසාධාරණය සිනමාවේ කිසිම කෙනකුට සිදුවෙන්න නම් එපා.

වසන්ත අපි ඔයාගේ පෞද්ගලික ජීවිතේ ගැනත් ටිකක් කතා කරමුද?
ඔව්. පෞද්ගලික ජීවිතෙන් මම බොහෝම සරල මනුස්සයෙක්. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒ කෙල්ලෝ දෙන්නට මම නැතිවම බැහැ. මට උන් දෙන්නත් නැතිවම බැහැ. මගේ ලොකු දුව උසස් පෙළ කළා. පොඩි දුව නවය වසරේ. මගේ බිරිඳගේ නම අරුණි. ලොකු දුවගේ නම මහීමා. පොඩි දුව තරුෂි. මගේ ජීවිතේ ඒ තුන්දෙනාම තමයි. මම කවදාවත් අනවශ්‍ය දේවල් පටලවගෙන නැහැ. අනවශ්‍ය විදිහට ජීවත් වෙලා නැහැ. කලාකරුවෙක්, නිර්මාණ විදිහට මම පොළොවේ පය ගමලා ජීවත් වෙනවා. මගේ බිරිඳ, දරු දෙන්නයි නිසා මට ඕනෑම දෙයක් නැති කරගන්න පුළුවන්. ඒ තුන්දෙනා තමයි මගේ ජීවිතේ.

දේශය






Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top