Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
01
"ඇය නිතර කිව්වේ අපි දෙන්නා සනීප වෙලා එකට ප්‍රසංගයක් කරමු කියලා..." - ලයාන්විත ගීතයෙන් රටක් නැළවූ සිනමාවේ රිදී සීනුව ඇන්ජලින් ගුණතිලක ගැන කලා ශිල්පීන් කියන කතා - Photos

- "ඇය නිතර කිව්වේ අපි දෙන්නා සනීප වෙලා එකට ප්‍රසංගයක් කරමු කියලා..." - ලයාන්විත ගීතයෙන් රටක් නැළවූ සිනමාවේ රිදී සීනුව ඇන්ජලින් ගුණතිලක ගැන කලා ශිල්පීන් කියන කතා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

89 Views
ලස්සන සාරි සපත්තු හැමදේම ඇය නැතිබැරි අයට දුන්නා...
 
කාලයක් අපි අතර පොඩි පොඩි හිත රිදීම් තිබුණා..
 
දශක ගණනාවක් ශ්‍රී ලාංකිකයන්ගේ සවන් පිනවූ ගීත කෝකිලාවිය ඇන්ජලීන් ගුණතිලකගේ අභාවය සම්බන්ධයෙන් සමාජ ජාල ඇතුළු මාධ්‍ය ඔස්සේ ශෝකය පළ වෙමින් පවතී.
 
ඇය ජීවන ගීතයෙන් සමු ගන්නා විට 79 වෙනි වියේ පසු වූවාය. කලක සිට රෝගාතුරව සිටි ඇය ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව පවුලේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය.
 
සිය සමකාලීන මිතුරිය ඇන්ජලීන් ගුණතිලකගේ වියෝව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ ප්‍රවීන ගායන ශිල්පිණි ලතා වල්පොල ඇයගේ ඉටු නොවූ බලාපොරොත්තුවක් පිළිබඳ කියා සිටියේ ඉතා හැඟීම් බරවය.

"ඇය රෝගී වුණාම මම ඇය බලන්න ගියා. ඇය හැඟුම්බරව මාව වැළඳගත්තා. එදා සිට මම නිතර නිතර ඇය බලන්න ගියා. ඇය නිතර කිව්වේ අපි දෙන්න සනීප වෙලා එකට ප්‍රසංගයක් කරමු කියලා.මට කණගාටුයි ඇගේ වියෝව."
 
"ඇන්ජලීන් සහ මම එකම කාලේ චිත්‍රපට පසුබිම් ගායනයට යොමුවුනේ. ඇය ඉතා දක්ෂ ගායිකාවක්. ඇත්තටම කාලයක් අපි අතර පොඩි පොඩි හිත රිදීම් තිබුණ. නමුත් පසුව මම ඇය බලන්න ගියා."
 
සිය මිතුරියගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් පැවති රුචි අරුචිකම් ගැන ද ගායන ශිල්පිනී ලතා වල්පොල සඳහන් කළේ අතීතය සිහිපත් කරමිනි.
 
"පසුකාලීනව ඇය ටිකක් හිත් රිදීමෙන් සිටියේ ඒ ගැන. ඇය ඉතා ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳි කාන්තාවක්. පසුව ඇය ටිකක් කලකිරීමෙන් පසුවුණා. තමන් සතු ලස්සන සාරි සපත්තු හැමදේම ඇය නැතිබැරි අයට දුන්නා."
 
චිත්‍රපට විශාල සංඛ්‍යාවක පසුබිම් ගායනයෙන් දස්කම් දැක්වූව ද ඇන්ජලීන් ගුණතිලකට නිසි ඇගයීමක් ලැබුණේ ද යන්න පිළිබඳ ඇය ප්‍රශ්න කළාය.
 
"ගොඩක් අවස්ථාවල ඇයට නිසි ඇගයීමක් ලැබුනද කියල සැකයි."
 
කලක් සිංහල සිනමාවේ පසුබිම් ගායනය කලක් පැවතියේ ඉන්දීය ගායිකාවන් අතය.
 
ඇන්ජලීන් ගුණතිලක ගේ අභාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ඇය හඳුන්වනු ලැබුවේ, සිංහල සිනමාවේ එක් අවධියක් සම්පූර්ණයෙන් නියෝජනය කළ ගීත කෝකිලාවියක ලෙසය.
 
"අපි ඉන්දීය ගායිකාවන්ගෙන් මිදිලා සිංහල ගායිකාවන් ඒ ගායන කලාව අත්පත් කර ගත් පසු ඉදිරියෙන්ම සිටි ශිල්පීන් තමයි ලතා වල්පොල, සුජාතා අත්තනායක සහ ඇන්ජලීන් ගුණතිලක කියන තිදෙනා."
 
එවක ජනප්‍රියත්වයට පත් සිනමා පසුබිම ගීත බොහොමයක් හින්දි සහ දෙමළ අනුකරණයන්ය.
 
එවැනි ගීත හා සම සමව ඇන්ජලීන් ගුණතිලක ස්වතන්ත්‍ර නිර්මාණ විශිෂ්ඨ ලෙස ගායනා කළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
 
ප්‍රේමසිරි කේමදාස සහ සරත් දසනායක යන ශ්‍රී ලාංකීය සංගීතඥයන් වඩාත් හොඳින් ඇයගේ එම හැකියාව හඳුනා ගත් බව කී මහාචාර්යවරයා "ඔවුන් තමයි ඇන්ජලීන් ගුණතිලක ලවා ස්වතන්ත්‍ර ගීත ගායනා කරවා ඇයට හිඳ ආස්ථානයක් ලබා දුන්නේ," යනුවෙන් සඳහන් කළේය.
 
"ඇය එක්තරා යුගයක ප්‍රදීපස්තම්භයක් ලෙස සලකුතොත් එය නිවැරදි කියා මා සිතනවා. ඒ යුගය සම්පූර්ණයෙන්ම ලතා වල්පොල, සුජාතා අත්තනායක සහ ඇන්ජලීන් ගුණතිලක යුගය වශයෙන් අපට හැඳින්විය හැකියි."
 
සිංහල ගීත ගායිකාවක් ලෙස ඇන්ජලීන් ගුණතිලක ශ්‍රී ලාංකීය සංගීත කලාවට කළ දායකත්වය කෙබඳු ද?
 
"ඇය ඉතා නිවැරදිව වචන උච්ඡාරණය කළා. නිවැරදි ස්වාරස්ථාන තුළ සිට ගායනා කළා. ඇය කිසිම ගීතයක අපස්වර ගායනා කර නැහැ."
 
"චරිතවලට සහ අවස්ථාවට උචිතව ඕනි චිත්‍රපට පසුබිම් ගායිකාවක් ගීත ගායනා කරන්න. එය ගුවන් විදුලි, කැසට් සහ සංයුක්ත තැටි සඳහා ගීත ගායනා කරනවට වඩා අමාරු වැඩක්. ඇන්ජලීන් ගුණතිලක එය නිවැරදිව කළා කියලා මා සිතනවා."
 
ඇන්ජලීන් ගුණතිලකගේ නික්ම යෑම යුගයක අවසානය ද?
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න කියා සිටියේ ඇය විසින් බිහි කරන ලද "අලුත් පරම්පරාවක්" සිටින බවය.
 
"යුගයක අවසානය නමුත් තවත් යුගයක ආරම්භය. මොකද ඇන්ජලීන් ගුණතිලක වගේ ගායිකාවන්ගේ පරම්පරාවේ ආභාෂය ලබලා ඉදිරියට ආපු ඉතා විශිෂ්ඨ තරුණ ගායිකාවන් රැසක් ඉන්නවා."
 
"මේ හිස්තැන පුරවන්න එවැනි ගායිකාවන් පස් දෙනෙකුවත් අවශ්‍ය වෙයි නමුත් එමන්දු පස් දෙනෙක් සිටීම ගැන අපි සතුටු විය යුතුයි," යනුවෙන් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළේය.
 
1939 වසරේ මාතරදී උපත ලැබූ ඇන්ජලින් ද ලැනරෝල් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය වුවාය.
 
එවක ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවේ නිරත සිය පියාට පසුකාලීනව කොළඹට ලැබූ ස්ථාන මාරුවීමත් සමග ඇන්ජලින්ට අග නගරයේ අධ්‍යාපනය සඳහා වරම් හිමිවිණ.
 
කුඩා කල සිටම සංගීතයට මෙන්ම නර්තනයට ද ඇලුම් කළ ඇන්ජලින්, පසුකාලීනව සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත්වුයේ ඇන්ජලීන් ගුණතිලක නමිනි.
 
ලෙස්ලි ගුණතිලක සමග විවාපත්වූ ඇය දෙදරු මවකි.
 
සොහොයුරෝ චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇන්ජලින් එතැන් සිට චිත්‍රපට රැසක් වෙනුවෙන් සිය හඬ මුසු කළ සම්මාණනීය ගායිකාවකි.
 
70 දශකයේ බිහිවූ සිනමා නිර්මාණ රැසක ප්‍රවීන ගයන ශිල්පී එච්.ආර් ජෝතිපාල සමග ඇය ගැයූ යුග ගීත රසික හදවත් අමන්දානන්දයට පත් කළේය.
 
"හද විමන් දොරින්" "නුපුරුදු හැඟුමකි" "ඉර සඳ වැඳලා" "රෑ දවල් මල් හැඟුම්" "දෝතින් දෝතයි" වැනි ගීත රසික හදවත් කෙරෙන් කිසිදා අමතක නොවන ජනප්‍රිය ගීත බවට පත්ව තිබේ.
 
"සඳ තනිවෙලා අහසේ" "මා එදා" "මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ" "පෙම්වතියන්නේ" වැනි ගීතද ඇය ගයනකල ජනප්‍රිය ගීත රාශියකින් කිහිපයකි .
 
2016 වසරේ සිට අවස්ථා කිහිපයකදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇන්ජලින් දැනට සති කිහිපයකට පෙර නැවත රෝහල් ගත කල බව ඇගේ පවුලේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට වැඩිදුරටත් පැවසීය.
 
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අඟහරුවාදා (අප්‍රේල් 02) බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
 
-බීබීසී සිංහල-



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top