එදිනෙදා ජීවිතයේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා නොපෙනෙන බලවේග පසුපස යෑමට අපේ රටේ බොහෝ කාන්තාවන් පුරුදුව සිටිනවා. නමුත්, ඇතැම් විට ඉන් සිදුවන්නේ තව තවත් කරදරයන්ට ගොදුරු වීමටයි.
එවැනි නොපෙනෙන බලවේග මුවාවෙන් කාන්තාවන් රවටා ලැගුම්හල් වෙත කැදවාගෙන ගොස් ලිංගික ආශවන් පිරිමසාගන්නා හොර කපුවෙකු හිරු CIA කණ්ඩායමේ සූක්ෂම කැමරාවට හසුවුනා.
වේයන්ගොඩ කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටා ඇති මේ අපූර දේවාලයට යන එන කාන්තාවන්ට මෙහි කපුවා ලිංගික හිංසන සිදුකරන බවට එහි ගිය කාන්තාවක් හිරු CIA කණ්ඩායමට තොරතුරු හෙලිකලා.
ඇය පවසන පරිදි අදාල කපුවා අවේශයෙන් මෙන් පවුලේ විස්තර සියල්ල පවසන අතර ඉන් අනතුරුව කාන්තාවගේ කන්‍යාභාවය පිළිබඳව පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇයට කන්‍යාභාවය මේ වන විට අහිමි වී ඇති බවත් ඔහු සමඟ එකතු වීමෙන් එය නැවත ලබා ගැනීමට හැකි බවත්ය.
එසේ සිදුවන්නේ ඔහුගේ ශරීරයේ ඇති සුවීශේෂි බෙහෙත් බලයක් නිසා යැයි පවසමින් මොහු කාන්තාවන් මුලාකරන්නටද අති දක්ෂයෙකි. මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමට හිරු CIA කණ්ඩායම තරුණියක් යොදාගත් අතර කපුවා හා තරුණිය අතර කතා බහද පටිගතකරන්නට හැකියාව ලැබී ඇත.
ඔහු පවසන ඇතැම් කාරණා මාධ්‍යයක ප්‍රසිද්ධ කිරීමටවත් නොහැකි අසභ්‍ය කරණු වන අතර CIA රහසිගත වීඩියෝව පහතින් නරඹන්න...