Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
16
"මම ගැහැණු ළමයින්ට බූට්‌ තිබ්බට වැඩිය මට ගැහැණු ළමයි බූට්‌ තිබ්බා.." - ගිරිරාඡ් කෞෂල්‍ය - Photos

- "මම ගැහැණු ළමයින්ට බූට්‌ තිබ්බට වැඩිය මට ගැහැණු ළමයි බූට්‌ තිබ්බා.." - ගිරිරාඡ් කෞෂල්‍ය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

116 Views
"විවිධ නොගැලපීම් නිසා අපි දෙපැත්තකට වුණා.."

"මාස දෙකතුනයි එක්කෙනෙක්ට ආදරේ කරන්නේ.."

ගිරිරාඡ් කෞෂල්‍ය නිතරම තව කෙනෙකු හිනස්සන චරිතයක්. විවිධ චරිත ඔස්සේ වර්ෂ ගණනාවක් ජනතාව අතර රැදිලා ඉන්න ඔහු ආදරේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා.

ගිරිරාඡ් හැබෑ දිවියේ පෙම්වතාගේ චරිතයට එළැඹෙන්නේ ?
ඉස්‌කොලෙ අවධියේ තමයි. මම ඉගෙනගත්තේ කැළණිය ගුරුකුළ විද්‍යාලයේ. සාමාන්‍යපෙළ පන්තියේදී තමයි ඒ හැගීම මට මුලින්ම දැනෙන්නේ. හැබැයි මේ ආදර හැගුම අද අපි ආදරය කිරීම තුළින් අපි විඳින දේ නෙමෙයි. ඇත්තටම ඒක ආදරයක්‌ වගේ බැදීමක්‌. ඒවගේ ඒ කාලේ වරින් වර ප්‍රේම කතා කිහිපයක්‌ම තිබුණා. කොහොම හරි ඒ හැගීම බොහොම කෙටි කලකින් ඒ කියන්නෙ මාස දෙකකින් තුනකින් වගේ වෙනත් කෙනෙක්‌ වෙත මාරුවුණා.

ඒ කියන්නෙ ගිරිරාඡ් එදත් අදවගේ ජීවිතය සැහැල්ලුවෙන් ගතකළ කෙනෙක්‌ කියන එකද ?
ඒ කාලෙත් මම දැන්වගේම හිනාවෙලා බොහොම සතුටෙන් සැහැල්ලුවෙන්ම තමයි ගතකළේ. ඒ කාලේ ඉස්‌කොලෙ මට විශේෂ ආකර්ෂණයක්‌ තිබුණා. මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයත් වෙලා හිටියා. ඉතින් ඉස්‌කෝලේ ඇතුළේ මට ගැහැණු ළමයින්ගේ විශේෂ කැමැත්තක්‌ තිබුණා.

කවදා කොතැනකදීද ගිරිරාඡ්ගේ ආදර හිත හැගුම්බර ආදරයකට නතු වෙන්නේ ?
උසස්‌පෙළ පන්තියේදී පෙම් කරද්දී මම මුලින් කියපු සරළ ප්‍රේම හැගුම බැරෑරුම් තැනකට ඇවිත් තිබුණා. උසස්‌ පෙළ පන්තියේදී ඇතිවුණ ප්‍රේම සබදතා විවාහ වෙන්නම ඕන කියන හැගීමකින් පවත්වගෙන ගිය අවස්‌ථා තිබුණා. ඒත් ඉතින් කොහොම හරි කාලය ගත වෙද්දී විවිධ නොගැලපීම් තේරුම් අරන් අපි දෙපසකට වුණ අවස්‌ථා තිබුණා.

මට නම් දැනෙන්නේ ඔබ ආදර කතා පටන් ගන්නවටත් වඩා ඉක්‌මනින් ඒවා නිමා කර ඇති බවයි ?
මගේ ජීවිතයේ ප්‍රේම සබඳතා බොහොමයක්‌ ටික කාලයයි තිබුණේ. ඒකට හේතුව වුණේ මම ස්‌වභාවයෙන්ම ඉක්‌මනින්ම කෙනෙක්‌ ගැන පැහැදීම් ඇතිකරගන්න කෙනෙක්‌. මේ ඉක්‌මන් බවත් එක්‌ක මම ඉක්‌මණින්ම ආදරෙයිත් කියනවා. නමුත් ටික දවසක්‌ යද්දී ඒ ඒ අයගේ අදහස්‌ සහ මගේ අදහස්‌ වල නොගැලපීම් දෙදෙනාටම දැනන්න පටන් ගනිත්දී එකිනෙකා ගැන නොරිස්‌සන බවක්‌ ඇතිවෙනවා. එහෙම වුණාම ආදරය බිඳිලා යනවා.

ඒ කාලේ ඔබ ආදරය ගැන හිතුවේ බොහොම සැහැල්ලුවෙන්ද ?
නැහැ. මම ආදරය කරද්දී බොහොම අවංකව ආදරය කරන කෙනෙක්‌. මගේ ජීවිතයේ කෙනෙක්‌ මට ටිකක්‌ සමීප වෙද්දී මම ගොඩාක්‌ ඒ කෙනාට සමීප වෙනවා. ඒ ගතිය මම මගේ ජීවිතයේ කාන්තාවන් සම්බන්ධව විතරක්‌ නෙවෙයි පිරිමි යහළුවන් කෙරෙහිත් තිබුණා. මම පැවසුවේ හරිම ඉක්‌මණින් මම මිනිස්‌සු ගැන පැහැදීම් ඇතිකර ගැනීමේ මා තුළ තියෙන ලක්‍ෂණයක්‌. ආදර සබදතාවයකදීත් මට බලපෑව විදිහයි. කොහොම වුණත් වැඩිය සිද්ධ වුණේ මම ගැහැණු ළමයිට බුට්‌ තිබ්බට වැඩිය මට ගැහැණු ළමයි බූට්‌ තිබ්බ එකයි.

ඒත් එක්‌තරා කාලෙක ගිරිරාඡ් හැබෑ පෙම්වතෙක්‌ වෙනව ?
ඔය අතරේ මගේ පළමු රැකියාවට රාජාංගනය ප්‍රදේශයට යන්න වෙනවා. මට මහවැලි අධිකාරියේ මහවැලි ආර්ථික ඒජන්සියේ රැකියාව ලැබෙන්නේ. ඒ ප්‍රදේශවල ජීවත්වෙන එක වෙනස්‌ම අත්දැකීමක්‌. එහෙ ඉද්දී අපිට එකිනෙකාගෙ උදව් බෙහෙවින් අවශ්‍ය වෙනවා. මම රැකියාව කළ ආයතනයේම සැළසුම් ශිල්පිණියක ලෙස සේවය කළ යුවතියකට නිතර මගේ උදව් අවශ්‍යවෙනවා. ඒ වගේම මටත් ඇගේ උදව් උපකාර ඕනෑ වෙනවා. මේ දැන හදුනාගැනීම ඉතා කෙටි කලකින් ප්‍රේමයකට පෙරළෙනවා. අපි 86 අවුරුද්දෙ හදුනාගන්නවා. 87 දී අපි විවාහ ගිවිස ගන්නවා. 88 විවාහ මංගල්‍ය ගන්නවා. 89 අවුරුද්දේ අපිට ලොකුදුව ලැබෙනවා.

මුලදී වගේ ඉක්‌මණින් දැන හඳුනාගෙන ආදරය කරලා පස්‌සෙ නොගැළපීම් පෙනෙන්න ගත්තේ නැතිද ?
ඒ වෙද්දී අපි ජීවිතයේ වගකීම් හඳුනාගන්නා වයසට එළැඹිලානෙ. විවාහ වුණාට පස්‌සෙ අපි තේරුම් ගන්නවා ආදරය කරද්දී ඉවසා දරාගන්න සිද්ධවෙන එකත් අනිවාර්ය දෙයක්‌ බව. කිසිම කෙනෙක්‌ගෙන් සියයට සියයක්‌ම අපි බලාපොරොත්තු වෙන විදිහම ලැබෙන්නෙ නැහැනේ. කොහොම වුණත් අපි දෙන්න අතරේ ගොඩක්‌ ගැළපීම් තිබුණා. ඒ නිසයි අවුරුදු 30 ක්‌ තිස්‌සේ අපි මේ ගමන එකටම එන්නේ.

පසුකලෙක ගිරිරාඡ් ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක්‌ වෙද්දී ආදරය කරන හිත ඒක භාරගත්තේ කොහොමද ?
මම ජනප්‍රිය වෙන්න වෙන්න මගේ බිරිද මට තව තවත් ආදරය කළා කියලයි මම හිතන්නේ. මම ජනප්‍රිය පුද්ගලයෙක්‌ වෙන්නෙ අපිට දුවල දෙන්නම ලැබුණට පස්‌සේ. ඒ වෙද්දී වයසින් පරිණත භාවයකුත් එක්‌කනේ මට ජනප්‍රියත්වය ලැබෙන්නේ. එතැනදී මට ඒ දේවල් මැදහත් සිතකින් විඳගන්න පුළුවන් වෙලා තිබුණා. එතකොට මට අවුරුදු හතළිහත් පැනලා. අපිට දුවල දෙන්නම ලැබිලයි තිබුණේ. මගේ අපේක්‍ෂාව වුණේ දරුවන්ගෙ අනාගතය යහපත් කරගෙන කලා කටයුතු හොඳින් කරගෙන යන එකයි.

පුළුල් ඇහැකින් අද ජීවිතය දෙස බලන ඔබේ ලෝකය අද දවසේත් ආදරයෙන් පිරිලද ?
කාන්තා පිරිමි භේදයකින් තොරව හැම මනුෂ්‍යයෙකුටම ආදරය ලෙංගතුකම ඇතිවෙන එක මා තුළ තියෙන විශේෂ ගුණයක්‌. ඒ ගුණය නිසා මම මොන මොන අපහසුතා විඳින්න සිදුවුණත් මා තුළ ඇති ඒ ආදරණීය බවනම් මම නැතිකරගන්නේ නැහැ. මම විශ්වාස කරන දෙයක්‌ තමයි මිනිහෙක්‌ හදවතින් ආදරය අයින් කළොත් එදාට ඒ මිනිහ මැරෙනව කියලා.

ධම්මිකා සුරංජි පතිරණ

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top