වයස අවුරුදු අසූ හයක් වූ විවියන් නම් වූ ඇය මේ වන විට අසනීප තත්ත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටින්නීය.
ඇයගේ අසනීප තත්ත්වයට අවශ්‍ය ප්‍රතිකාර හැකි උපරිමයෙන්ම ලබා දෙන බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
වාසනාව උපතින්ම උරුම කරගත් ඇයගේ පියා ජී. එස්. ද සිල්වායි . ඔහු ව්‍යාපාරිකයෙක්. නාට්‍ය රචකයෙක් වගේම නිෂ්පාදකවරයෙක්.
එනිසාම විවියන් නම් වූ ඇයට කුඩා කලම .ලක්ෂ්මී බායි, සුසිලා ජයසිංහ, ඇනී බොතේජු, විමලා කාන්තා, රොම්ලස් ද සිල්වා වැනි ප්‍රවීණ කලා ශිල්පිනියන්, ශිල්පීන්ගේ ඇසුර හිමි විය .
ඇයගේ නිවසට පැමිණ එවැනි කලා ශිල්පින් ශිල්පිනියන් නාට්‍ය පුහුණු වුහ . ඒ සදහා සංගීතය සැපයීමට රූපසිංහ මාස්ටර්ද ඒ නිවසට ගොඩ වූ වාර අනන්තය .එනිසාම විවියන් නම් වූ සාමාන්‍ය යුවතියගේ හිතද ගීතයට පෙම්බැන්දාය.
ගීතයට සංගීතයට පෙම් කළ ඇය පියාගේ නාට්‍යවලද ගායනයට ඉඩක් ඉල්ලා ගත්තාය . ඒ ඇගේ ගායනයේ ආරම්භයයි .ඇය ඇයගේ මාමා සමග ගුවන්විදුලියට ගී ගයද්දී ඇගේ වයස අවුරුදු 8 කි .
ඇයට අවුරුදු 10 දී ගුවන් විදුලියේ සරල ගී ගයන්නටද අවස්ථාවක් ඇය හිමි කරගන්නේ සරළ ගී පරීක්ෂණයට සම්බන්ධ වූ බොහෝ අය පරදාය . එතැන් පටන් ඇගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය වුයේ ගුවන් විදුලියය .
ඇය මුලින්ම ගැයුවේ ‘චන්ද්‍රා දේ පියා’ ගීතයයි’ ඒ ආරම්භය ඇගේ ජිවිතයම ඇය වෙනස් කර ගත්තාය.
මේ සියල්ල ඇය කළේ මරදානේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න අතරතුරෙයි. පවුලේ එකම ළමයා වූ විවියන් කලාවට සම්බන්ධ වුණේ දැඩි නීති රීති මැදයි. හැම සරල ගී වැඩ සටහනකටම ඇගේ දෙමාපියන් ඇය ළගය.
ඒ අවේද ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු පාඩු කර ගෙනය. වර්ෂ 1946දී සුනිල් ශාන්ත ශුරින් ඇගේ හඩට ඉල්ලුමක් දුන්නේය.
ඒ රැල්ල නැගෙන්නේ වැල්ල බලා ඇදෙන්නේ " ගීතය ගයන්නා කරන්නටය . ඇයට ලැබුණු ඒ අභියෝගය ඇය ජයගත්තාය.
ඒ ගිය අතිශය ජනප්‍රිය විය . එතැන් පටන් විවියන් ද සිල්වා නම් වූ යුවතියට ගී ගයන්නට අවස්ථාවන් උදා විය.
මා සංඝබෝධි, සැරදේ ශ්‍රී කන්ධ කුමාර, බුදු මගුල ළගම ඒවි, නංගී නංගී රූපිකා, නවතින්න තිස්ස වැනි අතිශය ජනප්‍රිය ගී සමුදායකින් විවියන් ද සිල්වාගේ මිහිරි හඬින් අපේ ගී කෙත පෝෂණය වෙද්දී ඇය වෙළෙඳ තැටි ගායිකාවන් අතර ඉහළම ආකර්ෂණය දිනා ගත්තාය.
එසේ හඬින් ආකර්ෂණය දිනාගත් ඇය වර්ෂ 86 ක්ම නිරෝගිව ජිවත් වුවාය .දැන් ඇය තරමක් දුරට අසනීපව සිටින්නේ වයෝවෘද්ධ නිසාය.
සංගීත ක්ෂේත්‍රයේ යුගයක් මියුරු හඩින් පෝෂණය කළ ඇයට ඉක්මන් සුව ලැබේවායි හිරු ගොසිප් අපි ප්‍රර්ථනා කරන්නෙමු.
VIDEO