මේ දවස් වල හිරු ටීවී නාලිකාවේ විකාශය වන නිසල සඳ ඔබ ටෙලි නාට්‍යයේ මෙල්නාදී සේරම් කියන චරිතය මතකද. ඒ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේ වගේම වේදිකාවෙත් එක හා සමාන විදිහට රසික හදවත් පින වන චරිතයක්.
එයා තමයි උමයංගනා වික්‍රමසිංහ. ඇය මේ දවස් වල පුංචි තිරයට වඩා වේදිකාව ඔස්සේ ඇගේ රසිකයින්ට දැක ගන්න පුළුවන්. පුංචි තිරයෙත් වේදිකාවෙත් එකවගේ දස්කම්පාන උමයංගනා එක්ක අපි පොඩ්ඩක් කතා කළා.
ඉතිං උමයංගනා. ඉතින් කොහොමද ඔයාට ?
හොඳයි. වරදක් නෑ. හැමදාම වගේ සතුටින් ඉන්නවා.
ඇත්තද උමයංගනා පුංචි තිරයට සමුදීලා වේදිකාවට ගොඩවුණා කියන්නේ ?
එහෙම නෑ. ටෙලි නාට්‍යවල වැඩයි, වේදිකා නාට්‍යවල වැඩයි දෙකම කරනවා මං. ඒත් මේ දවස් වල අලුත් වේදිකා නාට්‍ය කිහිපයකම වැඩ කරගෙන යනවා. ඒ නිසා ටිකක් විතර ටෙලි නාට්‍ය වලින් ඈත් වෙලා හිටියේ.
කොහොමද වේදිකාවත් එක්ක ගෙවන ජීවිතේ ?
වේදිකාව කියන්නේ ටිකක් අපහසු, ගොඩක් කාලය කැප කරන්න ඕන තැනක්. හැබැයි වේදිකාවෙන් මගේ රංගන ජීවිතයට ලැබෙන පෝෂණය අති විශාලයි. ඒ නිසා මම කොහොමත් වේදිකාවත් එක්ක ගෙවෙන කාර්යබහුලත්වයට ගොඩක් කැමැතියි.
හිරු නාළිකාවේ විකාශනය වන අලුත්ම ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඒ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර තියෙනවා . ඉරේෂ් ලොකු බණ්ඩාර අධ්‍යක්ෂණය කරන "නිසල සඳ ඔබ" ටෙලි නාට්‍ය යේ "මෙල්නාදී සේරම්" කියන චරිතය හරිම වෙනස් චරිතයක්. කාලෙකින් තමයි ඒ වගේ චරිතයක් මට හම්බවුණේ. ඒ නිසා රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර හුඟක් ඉහළයි.
පොඩි කාලේ ඉඳන් හීන දැක්කේ වේදිකාවට ද, සිනමාවටද නැත්නම පුංචි තිරයට ද ?
පොඩි කාලේ ඉදන් මම රංගන ශිල්පිනියක් වෙන්න හීන දැක්කේ නෑ. මගේ හීනෙ වෙන එකක්.
එහෙනම් කවුරු වෙන්නද හීන දැක්කේ ?
ඇත්තටම මම වෛද්‍යවරියක් වෙන්නයි හීන දැක්කේ. ඒත් රංගනය කියන දේත් එක්ක මට දෙකම එකපාර කරගෙන යන්න මට අවස්ථාව ලැබුණේ නෑ. ඒත් දැන් මම රංගන වෘත්තිය ගැන ඉතාමත් සතුටු වෙනවා සහ ඒකට ගරු කරනවා.
සිනමා නිර්මාණ වලට දායක වෙන්නත් අවස්ථාව ලැබුණලු නේද ?
ඔව්.අලුත් ෆිල්ම් දෙකක රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒක මගේ රංගන ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්.
කොහොමද මේ හැමදෙයක්ම ගැටලුවක් ඇති නොවෙන විදියට කරගෙන යන්නේ ?
මම හැමදේම සමබර විදිහට කරනවා. කිසිම වැඩක් කරන්න බැරිනම් බාර ගන්නේ නෑ. මාසෙකට එක නිර්මාණයක් ඇරෙන්න තවත් නිර්මාණ පටලවාගෙන වැඩ කරන්න අමාරුයි. කොහොමත් ඉඩකඩ බෙදාගෙන තමයි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ.ඒ නිසා මට ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.
උමයංගනා කැමති නැද්ද රියැලිටි වැඩසටහන් වලට සහභාගී වෙන්න ?
කලින් නම් මම ඒ දේවල් කරලා තියෙනවා. ඒත් දැන් මම ඒවට යන්නේ නෑ. ඒ වුණාට මේ දවස්වල මම ගායන කටයුතු වලට සහභාගී වෙනවා. මම ඒ සම්බන්ධව පුහුණු වීම් කරන්නත් යනවා. රියැලිටි වැඩසටහන් වල අනිත් අය තරග කරන විදිය දකිනකොට මට සතුටුයි. ඉතිං මට දුකක් ඇති වෙන්න තරම් දෙයක් නැහැ ඒ දේවල් වලට සහභාගී නොවුණා කියලා.
ඇත්තද මේ ක්ෂේත්‍රයේ අය ඔයා ගැන කියන කටකතා ?
කට කතා කියනවා කිව්වට මං දන්නේ නෑ ඒ මොනවද කියලා. එහෙම පැතිරුණත් ඒක මට අදාළත් නැහැ. මම හිතන්නේ කටකතා කියන්නේ හරි පහත් මිනිස්සු. එයාලට වෙන වැඩක් නැති නිසා ඒවා කරනවා.
දෙවියන්ගෙන් උමයංගනාට වරමක් ලැබුණොත්, මොනවද ඉල්ලන්නේ ?
මම දෙවියන්ගෙන් කිසිම දෙයක් ඉල්ලන කෙනෙක් නෙමෙයි. මම මට පුළුවන් විදිහට හැම දේම කර ගන්නවා.
ආපසු හැරිලා බැලුවොත් ඔබ තෘප්තිමත් කියලා හිතනවද?
ඔව්. අනිවාර්යයෙන්ම. මම අද ඉන්න තැන ගැන මට හරි සතුටුයි.
වේදිකාව, සිනමාව, රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙද්දී ඔබ වාසනාවන්තයි කියලා හිතෙන්නේ නැද්ද ?
මම නම් එහෙම කියන්න දන්නේ නැහැ.මම හිතනවා කෙනකුට ක්ෂේත්‍රයේ ඉදිරි පැවැත්ම සඳහා දක්ෂතාව,හැකියාව විතරක් නෙමෙයි යම් කිසි දේකින් වාසනා ගුණයකුත් තියෙන්න ඕන සහ මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදියකුත් තියෙන්න ඕන.
ඔබට මේ හැම දෙයක්ම කර ගෙන යන්න ලැබුණේ ඔබට ලැබුණු නිදහස නිසා නෙමෙයි ද ?