ජනප්‍රිය රංගන ශිල්පිණී මේනකා මධුවන්තිගේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් හා කෙටි පණිවුඩවලට හොරෙන් සවන් දුන් බව කියන ව්‍යාපාරිකයකු පොලිසියට කැඳවා තරයේ අවවාද කර පොලිසිය විසින් මුදාහැරි පුවතක් සම්බන්ධයෙන් අද (26) පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.
එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන පරිදි සිද්ධිය මෙසේයි.
මීට මාස තුනකට උඩදී රංගන ශිල්පිණී මේනකා මධුවන්ති ඇසුරු කළ 26 හැවිරිදි ව්‍යාපාරික තරුණයකුට ඇගේ ජංගම දුරකථනය ලබාදී අන්තර්ජාල ලිපිනයක් සාදා දෙන ලෙස පවසා තිබෙනවා.
ඒ අනුව එය සාදා දී ඇති තරුණයා ඇයට ලැබෙන දුරකථන ඇමතුම් මෙන්ම කෙටි පණිවුඩ (SMS) ඔහුගේ ජංගම දුරකථනයට ද ලැබෙන ආකාරයට සකස් කරගෙන ඇති බව ඇයට දැනගන්නට ලැබී තිබේ.
තවද එම තරුණයා ඇගේ අන්තර්ජාල ගිණුමට ද හොර රහසේ ඇතුළු වී එහි තිබූ ඡායාරූප වෙනත් පුද්ගලයන් වෙත යවා ඇතැයි ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙන බව එම වාර්තාවේ දැක්වෙනවා.
මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට මුහුණපා ඇති බවත්, සමාජයට මුහුණ දීමට නොහැකිව සිටින බවත්, එනිසා මෙම පුද්ගලයාව ගෙන්වා නැවත මෙවැනි දේවල් නොකරන ලෙසට අවවාද කරන ලෙසත් දන්වා ඇය පොලිසියට පැමිණිලි කර ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ කොහුවල පොලිසියේ නිලධාරීහු කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ පදිංචි ව්‍යාපාරික තරුණයාව පොලිසියට ගෙන්වා තරයේ අවවාද කර මුදාහැරි බවටද පුවත්පත් වාර්තාවේ දැක්වෙනවා.