Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
සෝභිත හිමියන්ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුකෙරුණු පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ඊයේ දිනයේ ප්‍රධාන කතාව පැවැත්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනුයි.

එම කතාව පැවැත්වීමට ඔහුට ආරාධනා කිරීම භාෂා ත්‍රිත්වයෙන්ම සිදුවූ අතර එහි සිංහල හා දමිළ බසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම නිවැරදිව කියැවුණත් ඉංග්‍රීසි බසින් එම ආරාධනාව කරන අවස්ථාවේදී ජනපති මහින්ද රාජපක්ෂ ලෙස නිවේදකයාට වැරදීමකින් ආමන්ත්‍රනය විය.

views818 Views
comment

englishtrans
කලාපය ගුවන් මුක්ත සහ ධීවර කටයුතුවලින් බැහැර කරයි

WT1190 F ලෙස හඳුන්වන අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටසක් අද (13) ශ්‍රී ලංකාවට ඉහළින් පෘථිවියේ වායුගෝලයට පිවිසෙනවා. එය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.49ට පමණ දකුණු දිග වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදට පතිත වනු ඇති බවයි යුරෝපීය අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු වෙරලේ සිට සැතපුම් 62 ක් පමණ දුරින් පිහිටි මුහුදට වැටෙන ආකාශ වස්තුව සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නොමැති බව ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.
views445 Views
comment


Pix by Indika Weerasinghe
views778 Views
comment
englishtrans
‘‘ගිය මාසෙත් බෝම්බයක් අරන් දඹුල්ලේ බැංකුවකට ගිහින්,
සල්ලියි, සේවකයෙකුයි උස්සන් පැනලා‘‘

කැකිරාව නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට ඊයේ දහවල් සිදුවූ පිපිරීමකින් දෙදෙනෙකු මියගොස් තවත් හතරදෙනෙකු තුවාල ලැබූ අතර මෙලෙස අත්බෝම්බයක් රැගෙන පැමිණ ඇත්තේ මීට පෙර දඹුල්ල ප්‍රදේශයේ බැංකුවට බෝම්බයක් රැගෙන මංකොල්ලකෑමක් සිදුකළ පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

දඹුල්ල සිදුවීමේදී මොහු විසින් බැංකුවේ සේවකයෙකු රැගෙන ගොස් මඟ අතහැර ගිය අතර ඔහු සොයා විශේෂ පොලිස් මෙහෙයුමක්ද ආරම්භ කෙරුණා. ඒ තිබියදීයි මොහු නැවත කැකිරාව ප්‍රදේශයේ බැංකුවක් මංකොල්ල කෑමට පැමිණ ඇත්තේ.
views773 Views
comment
englishtrans
‘‘මම ගෙට යන්න හදනකොට දකුණු උරිසෙන් ඇල්ලුවා,
කෑ ගැහුවොත් කට බැඳලා මරමු කීවා,
එකෙක්ට වැලමිටෙන් ගහලා දොර වහගත්තා‘‘

නිධානයක් ලබා ගැනීමට බිලිදීම සදහා පස් හැවිරිදි පිරිමි දරුවෙකු පැහැරගෙන යාමට ගත් උත්සාහයක් අසාර්ථක වීමේ පුවතක් එප්පාවල - කැලේඅමුණුකොළය ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම නිවසට පසුගියදා (10) පස්වරු 7.00 ට පමණ නාඳුනන  පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ තිබෙනවා.

ඔවුන් නිවසට පැමිණ ඇත්තේ කාන්තාවගේ ස්වාමි පුරුෂා පිළීබදව විමසමින්. පසුව එම නිවසේ සිටි දරුවා පැහැරගැනීමට තැත්කර තිබෙනවා. එහිදී දරුවා පැහැර ගැනීම වළක්වා ඇත්තේ දරුවාගේ මව විසින්..

views742 Views
comment
englishtrans
පසුගිය සතිය පුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්ව තිබූ ඇවන්ගාඩ් සමාගම සමඟ පවතින ගිවිසුම අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්  ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේදි මෙම තීරණය දැනුම් දුන් බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ.

මේ අනුව එම සමාගම සතුව පවතින අවි ආයුධ නාවික හමුදාව වෙත පැවරීමටද ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. මෙම සාකච්ඡාවට නීතිපතිවරයා මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයින්ද එක්වුණා.  

views604 Views
comment
englishtrans
හිස ප්‍රදේශය පුපුරා ගිහින්

කැකිරාව නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද දහවල් සිදුවූ පිපිරීමකින් දෙදෙනෙකු මියගොස් තවත් හතරදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
 
අත්බෝම්බයක් රැගත් පුද්ගලයෙකු බැංකුව කොල්ලකෑම සඳහා ඊට ඇතුලුවීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු නැවැත්වීමට බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු උත්සාහ කර තිබෙනවා.

views907 Views
comment
englishtrans
‘‘බලන්න අයියා මෙයා වෙන කෙනෙක් බඳින්න යනවා,
ඉතිං මම පිහියෙන් ඇන්නා‘‘

ආදරය නිසා පෙම්වතිය මරණයට පත්කළ පෙම්වතෙකු පිළිබඳව පුවතක් වාර්තා වී හෝරා කිහිපියක් ගතවන්නට පෙර ආදරයෙන් වෙලි සිටි තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ සිත් තැවුලක් මත එක් තරුණයකු අනෙක් තරුණයාට පිහියකින් ඇන මරා දමා ඔහුද වස පානයකර රෝහල් ගතකල වෙනස්ම ආකාරයේ පුවතක් හබරණ ප්‍රදේශයෙන් වාර්තාවෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හබරණ  ජයසේන්ගම පදිංචි ඩබ්ලිව් .එච් .ඔෂාන් විදුරංග (23)සංචාරක හෝටල් සේවකයෙකි .වස  පානය කර රෝහල් ගත කර ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සම්බාහන මධ්‍යස්ථානයක සේවකයෙකි .

views875 Views
comment
englishtrans
මරනවා කියලත් කළින් කියලා,
‘‘එකෙක්වත් හෙල්ලෙන්න එපා කියලා කෑ ගැහුවා,

‘‘කාමරේට  ගිහින් වෙඩි තියාගෙන තියාගෙන ගිහින්‘‘

මාතර - වැවහමන්දූව ප්‍රදේශයේදී නාවික  හමුදා පෙම්වතා සිය පෙම්වතියට වෙඩි තබා ඔහු ද වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වැවහමන්දූව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 26ක තරුණියක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිය දිවි හානි කරගෙන ඇත්තේ තංගල්ල - නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ කෝට්ටේගොඩ පදිංචි වයස අවුරුදු 26ක සෙබලෙක්.

views1,176 Views
comment
englishtrans
‘‘අම්මගේ නම දන්නේවත් නෑනේ හදාගත්තු කෙනා‘‘
කෝල් කරලා ගෙන්නන්නේ සඳුනිලු

පසුගියදා මහරගම - පන්සල පාර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණයේ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් තිදෙනෙකු හා කළමනාකරු අත්අඩංගුවට ගත් අතර මෙම වැටලීමේ තවත් වීඩියෝවක් CIA තුලින් ඊයේ (10) විකාශය වුණා.  

එම වීඩියෝවේදී  මෙම ගණුදෙනුව සිදුකරන තරුණයා හාස්‍යජනක කරුණු රැසක් පවසමින් පොලිසිය නොමඟ යවන්නට තැත්කර ඇති අයුරු එහිදී දැකගන්නට ලැබුණා. මෙම ජාවාරම සිදුකරන ප්‍රධාන කාන්තාව සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමේදී ප්‍රථමයෙන් පවසන්නේ ඒ තමන්ගේ මව බවයි.

views1,275 Views
comment
englishtrans
දවස් ගණන් තියාගන්න එපා,
ලක්ෂ ගණන් පෙට්ටි එපා,
පෙරහැරවල් එපා, එක දවසින් වැඩේ ඉවරකරන්න

අපවත් වී වදාල අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් උන්වහන්සේ අපවත් වීමට පෙර අදාහන කටයුතු සිදුවිය යුතු ආකාරය පැවසූ අවස්ථාවක වීඩියෝවක් මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.

එහිදී උන්වහන්සේ සඳහන් කරන්නේ තමන්ගේ දේහය එක් දිනක් තබාගෙන කටයුතු සියල්ල අවසන් කරන ලෙසයි. එසේම තමන් වෙනුවෙන් ආදාහන උත්සවයක් පැවැත්වීමද උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා.

views756 Views
comment
රුවන්ගි රත්නායක පසුගිය දිනෙක ඇයගේ උපන්දිනය වෙනුවෙන් දානමය පින්කමක් සිදුකරගත් අතරම ඇයගේ සමීපතම මිතුර මිතුරියන් සමඟින් තවත් උත්සවයක් පවත්වමින් ඡායාරූප පෙළක් ගෙන තිබුණා.

පසුගිය සති කිහිපය පුරා ඇය ඇඳ සිටි ඇඳුමක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ කතාබහක් ඇති වූ අතර උපන්දිනයදාද ඊට බෙහෙවින් සමාන ඇඳුමක් ඇය ඇඳ සිටිම විශේෂත්වයක්...
views2,363 Views
comment
englishtrans
හිටිගමන් ගෙදර එද්දී සැමියාට තරු පෙනෙයි
පාරට එක්ක ඇවිත් මාළු පිහියෙන්ම කපලා
සෙට් වුණේ ළමයා පන්ති එක්ක යද්දිලු

අනියම් ඇසුරු නිසාවෙන් සිදුවන් පුද්ගල ඝාතනයන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා දිවයිනේ නන් දෙසින් තොරතුරු වාර්තා වුණා. එවැනිම හේතුවක් නිසාවෙන් අම්බලන්තොට පුහුල්යාය මාර්ගයේ දී පසුගිය දිනෙක රාත්‍රී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර තිබියදී හමුවී තිබෙනවා.

අදලා පුද්ගලයා විසින් නිවසකට ගොස් එහි සිටි කාන්තාවක් සමඟින් අනියම් ඇසුරක් පවත්වා තිබෙනවා. ඒ අතර ඔවුන් නිදි යහනේ සිටිය දී සැමියා හදිසියේ නිවසට පැමිණිමෙන් පසු සිද්ධිය දැකීමෙන් මහත් කළකිරීමකට හා කෝපයට පත්ව තිබෙනවා.

views496 Views
comment
englishtrans

ඉලක්කම් 9 කින් හා ඉංග්‍රීසි 'V' අක්ෂර සහිතව ලාංකික අපවෙත ලැබී තිබූ පැරණි හැඳුනුම්පත් අංකය වෙනුවට 'V' අක්ෂරය ඉවත්කරමින්  ඉලක්කම් 12ක් පමණක් ඇති නව හැඳුනුම්පත් අංකයක් හඳුන්වා දීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා.

views1,395 Views
comment
englishtrans
වර්ධනය නොවී මියගිය දරු කලළ දෙකක් මුඛයේ එල්ලෙමින් උපත ලැබූ දැරියක බේරාගැනීම කළ සැත්කමක් සාර්ථක ව සිදුකිරීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සමත්ව තිබේ.

මහමෝදර රෝහලේ දී උපත ලැබූ මේ දැරියට සැත්කම කර ඇත්තේ උපත ලබා 3වන දිනයේදීයි. කුසේ සිටින දරුවාගේ යම් ගැටළුවක් ඇති බවට වෛද්‍යවරු සැක කළ අතර මව සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීමට කටයුතු කර තිබිණි.

views691 Views
comment
[1]      «      5185   |   5186   |   5187      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top