බොලිවුඩයේ සුපිරි නිළියක් වන කරීනා කපුර් ගැබිණියක් බවට පත්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා හෙළිකර තිබෙනවා. කෙසේ වෙතත් මෙතෙක් එම තොරතුරු නිශ්චිතව තහවුරු වී නැහැ.
මිට පෙර අවස්ථාවකදී ද කරීනා කපුර් ගැබ්ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කල ද එය බොරුවක් බවයි පසුව හෙළි වුණේ.
එහෙත් මේ වන විට ලන්ඩනයට ගොස් ඇති කරීනා කපුර් සිය සැමියා වන යසිෆ් අලි ඛාන් සමග මාසයකට වැඩි කාලයක් එහි ගතකර තිබුනා. ඒ සයිෆ් අලි ඛාන්ගේ චිත්‍රපටයක රූගත කිරීම් සඳහායි.
කෙසේ වෙතත් ඔවුන් යළිත් ඉන්දියාවට පැමිණ ඇති අතර ඒ පැමිණීමෙන් අනතුරුවයි කරීනා සම්බන්ධ මෙම තොරතුරු මාධ්‍ය විසින් හෙළිකර ඇත්තේ.
කරීනා කපුර්ගේ සැමියා වන සයිෆ් අලි ඛාන්ගේ මීට පෙර විවාහයේ දරුවන් දෙදෙනා ද කරීනා සමග ඉතා සුහදශීලීව කටයුතු කරන බවයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙන්නේ.
කරීනා කපුර් ගැබිණියක් බවට පත්ව ඇතැයි පළව යන වාර්තා සත්‍යයක් වුවහොත් ඒ කරීනාගේ පළමු දරුවා වනු ඇති.