Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
27
"මම වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නැහැ කියලා ජෝතිෂවේදියෝ දෙන්නෙක්ම කියලා තියෙනවා..." - සනත් නිශාන්තට 2024 දී එන මාරකය ගැන මාදම්පේ ජ්‍යෝතිෂවේදියා කියූ අනාවැකිය...

- "මම වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නැහැ කියලා ජෝතිෂවේදියෝ දෙන්නෙක්ම කියලා තියෙනවා..." - සනත් නිශාන්තට 2024 දී එන මාරකය ගැන මාදම්පේ ජ්‍යෝතිෂවේදියා කියූ අනාවැකිය...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35 Views

හිස් අතින්ම පැමිණ හිස් අතින්ම නික්ම යන ජීවිත ගමනේදී මරුවා කැටුව යන දවස කලින් දැනගත හැකිවුවහොත් ඔබට ඒ ගමන වළකාලිය හැකිද?


එවැනි විස්කමක් කළ හැකි බලවතකු මේ මිහිපිට තවම ඉපිදී ඇති බවක් නම් අසා නැත. ඉකුත් 24 වැනිදා අලුයම හදිසි අනතුරකින් ජීවිත ගමනට සමුදුන් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරාට ද කලකට පෙර සිය මරණය ගැන එවැනි අනාවැකි කිහිපයක්ම අසන්නට ලැබී ඇත.

ඒ අතරින් ඉතා මෑතකදී මාදම්පෙ ප්‍රදේශයේ ජ්‍යෝතිෂවේදියකු ඇමැතිවරයාට කියා ඇත්තේ 2024 වසරේදී අනතුරකින් ඔහුගේ ජීවිතය නැතිවිය හැකි බවත් 2024 වසර පසුකර ගතහොත් ඔහුට රජ විය හැකි තරම් වාසනාවක්, බලයක් සහිත ග්‍රහයෝගයක් ෙක්න්දරේ තිබෙන බවය.

මේ කතාව මීට දින කිහිපයකට පෙරදී රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත හලාවත ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීම් කිහිපයකදීම පවසා ඇත්තේ සිනාසෙමිනි. ඊට හේතුව ඔහුට ජ්‍යෙතිෂ්‍ය ගැන සුවිසල් විශ්වාසයක් නොවීමය. හැරත් සිය දේශපාලන ගමන තුළ ඔහු කිහිප වරක්ම මරණ මංචකය හමුවට ගොස් තිබූ අතර මරණ තර්ජන, මැර ප්‍රහාර ආදී අභියෝග රැසකට ද මුහුණ දී තිබූණි. ඔහු කවදත් සිය ආයෝමය ශක්තිය ලෙස විශ්වාස කළේ සිය ආත්ම ශක්තිය බව ඇමැතිවරයාගේ සමීපතමයෝ පවසති.

මීට දින කිහිපයකට පෙර කොළඹදී පැවැති ජනමාධ්‍යවේදීන්ගේ සුහද හමුවකදී ද රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පවසා තිබුණේ තමාට මාරක අපල තිබෙන බවට ජෝතිෂවේදියකු පැවසූ බවය. එහෙත් කලකට පෙර සිය හඳහන බැලූ හිතවත් ජෝතිෂවේදියකු තමා ගහේ ගලේ ගැහුවත් මරන්නට බැරි යැයිපැවසූ කතාව ද ඔවුන් හමුවේ පවසා තිබිණි.

“මම වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නැහැ කියලා ජෝතිෂවේදියෝ දෙන්නෙක්ම කියලා තියෙනවා. මම දේශපාලනය නිසා මැරෙන්න ගිහින් බේරිලත් තියෙනවා. ඒත් මම අදටත් ජීවත් වෙනවා. දේශපාලනයත් කරනවා. ඒත් මේ කතා නිසා පවුලේ ඥාතීන් කියනවා මට දේශපාලනයෙන් අයින් වෙන්න කියලා.” සනත් නිශාන්ත ඇමැතිවරයා එහිදී එසේ ද පවසා ඇත. සිය ජීවිතයත් මරණයත් ගැන ජෝතිෂවේදීන් පැවසූ අනාවැකි බරපතළ ලෙස සිතට නොගත්ත ද ඔහු සිය ප්‍රාණ සම බිරියත් දරුවන් සිව්දෙනාගේ ජීවිතවල සුරක්ෂිතතාව ගැනත් සුවපහසුව ගැනත් නිතර කල්පනා කළේය. ඒ නිසාම ඔහු සිය මාධ්‍ය ලේකම්, ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ‍ෙව්දී පී.සී. හෙට්ටිආරච්චිට මීට ටික කලකට පෙර යම් දෙයක් කියා තිබිණ.

“දේශපාලනය නිසා සමහර විට මටත් ද.මු. දිසානායක ඇමැතිතුමාට වෙච්ච දේ වෙන්න පුළුවන්. මම නැතිවුණත් මගේ නෝනටයි දරුවන්ටයි කරදරයක් නැතිව ජීවත් වෙන්න ඕන නිසා තමයි මම බිස්නස් පටන් ගත්තේ. කොහොමටත් මම අවුරුදු හැටේදී දේශපාලනයෙන් සමුගන්නවා. මට තව තියෙන්නෙ අවුරුදු 12යි.”එහෙත් දෛවය ඔහුට අවුරුදු 12ක් ඉතිරි කළේ නැත. ඉකුත් 25 වැනිදා අලුයම 2.30ට පමණ හලාවත සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා රැගත් සුඛෝපබෝගී ජීප්රිය කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී මාරක අනතුරකට ලක් විය. ඒ, එම දෙසටම ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක ගැටීමෙනි. එම අනතුරින් බරපතළ තුවාල ලැබීම හේතුවෙන් ඇමැතිවරයා ජීවිතය හැර ගිය අතර, ඒ වන විට ඔහු සිය ජීවිත ගමනේ 48 වැනි වියේ පසුවිය.

අනතුර හේතුවෙන් රාජ්‍ය ඇමැතිවරයාගේ හිසට, වම් පාදයට සහ පපුවට සිදු වූ බහුවිධ තුවාල සහ අභ්‍යන්තර ලේ වහනය එම මරණයට හේතුව බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න, විශේෂඥ වෛද්‍ය වියානි ඩයස් යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව රාගම ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුදර්ශන දිසානායක පැවසීය. එමෙන්ම රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට නිදන්ගත රෝගයක් හෝ වෙනත් කිසිදු රෝගාබාධයක් නොතිබූ බව ද එහිදී හෙළි වී තිබිණ. එහෙත් නොසිතූ මොහොතක මරුවාට පරාද වන්නට ඔහුට සිදු විය. ඒ අවාසනාවන්ත මොහොත පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයාගේ බිරිය මලවි ආරච්චිගේ චමරි ප්‍රියංකා (40) සිහි කළේ කඳුළු අතරිනි.

”මහත්තයාට කෑමට, නින්දට, විවේකයට වෙලාවක් තිබුණේ නැහැ. දරුවන්ගේ දේවල් මම බලා ගත්ත නිසා එයා සම්පූර්ණයෙන්ම කැප වෙලා හිටියෙ දේශපාලනය වෙනුවෙන්. තනතුරු, ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මහත්තයා කවමදාවත් පක්ෂය මාරු කළේවත් පක්ෂය පාවා දුන්නෙවත් නැහැ. එයා වැඩි කාලයක් වැඩ කළේ ගමේ මිනිස්සු වෙනුවෙන් වුණත් රටටත් මිනිස්සුන්ටත් ඉටු කළ යුතු සේවාව අංශු මාත්‍රයක්වත් පහළට දැම්මේ නෑ. උපතින් කතෝලිකයෙක් වුණත් මහත්තයට ආගම්, ජාති භේදයක් තිබුණෙ නෑ. පුත්තලම දිස්ත්‍රික්කයේ හැම ආගමකම, ජාතියකම මිනිස්සු මහත්තයාගේ නායකත්වය යටතේ කිසිම භේද භින්න වීමක් නැතිව වැඩ කළා. අරගලය දවස්වල අපේ ගේ ගිනි තියපු නිසා ඉන්න ගෙයක් නැති නිසයි එදා රෑම අපිට කොළඹ එන්න සිද්ධ වුණේ. ඥාතියෙක්ගෙ වෙඩින් එකක් නිසා අපි පවුල පිටින්ම ඒකට සහභාගි වෙලා මහත්තයා අපිව වෙන වාහනයකින් කොළඹ එවුවා. එයා එහෙමම හලාවත තිබුණු තව වෙඩින් එකකට ගියා. ඒ ගිහින් එනකොට තමයි මේ දේ සිද්ධ වුණේ….”ඉන් එහාට වදන් ගළපා ගත නොහැකිව ඇයගේ දෙනෙතින් කඳුළු ගලා හැලේ. මවගේ උකුළ මත වාඩි වී සිටි සිඟිති පුතු “අම්මා අඬන්න එපා” කියමින් දෑතින්ම මවගේ දෙනෙත් පිසදමා තනිවම ඔහුගේ දෑසේ කඳුළු ද පිසදමා ගත්තේ බලා සිටින අයගේ දෙනෙත් ද කඳුළින් පුරවමිනි. පියාට තිබූ නිල බලය ගැන හැඟීමක් නැති ඒ නොදරුවන් තැවෙන්නේ සිය පියා අහිමි වීමේ වේදනාව දරාගත නොහැකිවය.

කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා ආරච්චිකට්ටුවේදී 1975 වසරේ මැයි මස 3 වැනිදා උපත ලැබුවේ සහෝදරයන් තිදෙනකු සහ එක් සහෝදරියකගෙන් සමන්විත දරුවන් පස් දෙනකුගෙන් යුතු පවුලේ බාල දරුවා ලෙසිනි. සනත් නිශාන්ත කුඩා වියේදී ඔහුගේ පියාගේ වියෝවවූ බැවින් මවත් වැඩිමහල් සහෝදරයත් එක්ව ආරම්භ කළ ව්‍යාපාරය පවුලේ එකම ආදායම් මාර්ගය බවට පත්විය. ආරච්චිකට්ටුව රජයේ විදුහල, රාජකදලුව කනිටු විදුහල සහ හලාවත ශාන්තමරියා පිරිමි මහා විදුහල්වලින් ඉගෙනුම ලැබූ ඔහු යොවුන් වියේ සිටම සමාජ සේවකයකු සහ කලාකරුවකු ලෙස ප්‍රදේශයේ ප්‍රකටව සිටියේය. 1996 ව‍සරේදී සනත් නිශාන්ත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති කිංස්ලි සරත් හේමචන්ද්‍ර ගේ මඟ පෙන්වීම යටතේය. ඒ අනුව 2000 වසරේදී ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කළේය.

2000 වර්ෂයේදී පොලිස් වෙඩි පහරකින් සනත් නිශාන්තගේ වැඩිමහල් සහෝදරයකු වන සුමිත් කපිල පෙරේරා මරණයට පත්වූ අතර ඔහුගේ දෙවැනි වැඩිමහල් සොහොයුරා ජගත් සමන්ත පෙරේරා දෙවරක්ම ආරච්චිකට්ටුව ප්‍රා‍දේශීය සභාවේ සභාපති ලෙස පත්විය. 2001 වසරේදී දේශපාලන පලිගැනීම්වල ප්‍රතිඵලයක් ලෙස සනත් නිශාන්තගේ නිවෙසත් ව්‍යාපාරික ස්ථානයත් ප්‍රතිවාදීන් විසින් ගිනිබත් කිරීම නිසා ඔහුටත් පවුලේ අයටත් දැඩි අසරණ තත්ත්වයකට මුහුණ දීමට සිදු විය. මීට කලකට පෙර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත යූටියුබ් නාළිකාවක සාකච්ඡාවකට එක්වෙමින් එකී සිදුවීම සිහිපත් කළ අතර, එහිදී හිතවත් ජ්‍යෙතිෂවේදියකු පැවසූ තවත් අනාවැකියක් පිළිබඳ සිහිපත් කළේ මෙලෙසිනි.

”තාත්තා ඉන්න කාලේ මගෙ උපන් වෙලාව අනුව හදවලා තිබුණු පලාපල පොත මම සම්පූර්ණයෙන්ම කියවලා තිබුණා. අපේ සමුපකාර සභාපති බන්දුල සමන්කුමාරගේ තාත්තා, ආරි අංකල් දවසක් මගෙන් ඇහුවා උඹේ කේන්දරේ හදලද තියෙන්නෙ කියලා. ඒ වෙලාවේ මම නෑ කිව්ව නිසා ආරි මාමා කිවුවා උපන් වෙලාව දෙන්න කියලා මම හදන්නම් කියලා. ටික දවසකින් එයා මට කෝල් කරලා කිව්වා අරක හදල තියෙන්නේ,අරන් පලයන් කියලා. මම ඒක ගෙනැල්ලා තාත්තා කලින් හදවලා තිබුණු පොතෙයි ඒ පොතෙයි තිබුණු ඒවා ආයෙත් බැලුවා. ආරි මාමා පොත දෙද්දි මට කිවුවා උඹ ඉපදුණු වෙලාව කාටවත් දෙන්න එපා, උඹට තියෙන්නෙ මාර වෙලාවක් කියලා.ඒ කතාව 2001 දෙසැම්බර් 5 වැනිදා ආණ්ඩුව පෙරළිලා අපි විපක්ෂයේ ඉන්න වෙලාවේ තහවුරු වුණා.

එදා මම අම්මා එක්ක ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙට ගිහින් ඉන්න වෙලාවේ 25-30ක කණ්ඩායමක් ඇවිත් මාව වට කළා. එක්කෙනෙක් පිස්තෝලයකින් මට වෙඩි තියන්න හදද්දි අම්මා ඉස්සරහට පැන්නා. ඒ වෙලාවෙ මම පැනලා දිව්වම කට්ටිය මගේ පස්සෙන් පැන්නුවා. මම ඒ ළඟ තිබුණු පොලිස් පෝස්ට් එක ළඟට ගියාම ඒක ඉස්සරහ වට කරගෙන මට ගැහුවා. මම පොලිස් පෝස්ට් එක ඇතුළට දිවුවම ඒක ඇතුළටම ඇවිත් මට පිහියෙන් ඇන්නා. ගමට ආරංචිය ගිහින් තිබුණේ මාව මරලා කියලා. ගමම මළගෙයක් වෙලා තියෙද්දි ආරි මාමා කියලා තියෙනවා, සනත්ගේ මිනිය මෙතැන්ට ගෙනාවෙත් මිස මම ඔය කතාව විශ්වාස කරන්නෙ නැහැ, එයාව එච්චර ලේසියෙන් මරන්න බැහැ කියලා. කතෝලිකයෙක් නිසා මම ඒ වගේ කතා එච්චර විශ්වාස කළේ නැහැ. ”

අභියෝග හමුවේ නොසැලුණු සනත් නිශාන්ත 2004 සහ 2009 වසරවලදී වයඹ පළාත් සභාවේ පළාත්සභා මන්ත්‍රීවරයකු ලෙසත් පත්වූ අතර, 2010 වසරේ වයඹ පළාත් මාර්ග සංවර්ධන, විදුලිබල, නිවාස හා ඉදිකිරීම් සහ ධීවර කටයුතු ඇමැති ලෙසත් 2013 වසරේදී කෘෂිකර්ම, ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන ඇමැති ලෙසත් කටයුතු කළේය. 2015දී පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2015දී පළමු වරට පාර්ලිමේන්තුට පිවිසි ඔහු පොදුජන පෙරමුණේ වැඩිම ජනතා මනාපය ලැබූ අපේක්ෂකයා විය. ග්‍රාමීය හා ප්‍රාදේශීය ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඔහු මියයන විට ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් පුත්තලම දිස්ත්‍රික් පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක සහ ආණමඩුව ආසනයේ කැඳවුම්කරු ලෙසත් කටයුතු කළේය. 2022 වසරේ මැයි 9 වැනිදා රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ නිවෙසත් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත‍ගේ නිවෙසත් අරගලකරුවෝ විසින් ගිනිබත් කළහ.

ඉකුත් 24 වැනිදා අනතුර සිදුවූ දින රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පාර්ලිමේන්තුවේ පැවති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරගැනීමේ විවාදයටත් ඉන්පසුව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පැවැති උත්සවයකට ද සහභාගි වී ඇත. අනතුරුව බිරිය සහ දරුවන් සමඟ කුරුණෑගල ඥාතියකු විවාහ මංගල්‍යයට සහභාගි වී ඔවුන් කොළඹ ඇරලවා ආරච්චිකට්ටුවේ තවත් විවාහ උත්සවයකට සභාභාගි වී නැවත කොළඹ බලා එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත වාහනයේ රියැදුරු අසුනට යාබදව ඇති වම්පස අසුනේ නිදාගෙන ගමන් කර ඇති අතර, ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි (43) ඇමැතිවරයාට සමාන්තරව පිටුපස අසුනේ ගමන් කරමින් සිට ඇත. ඇමැතිවරයා ගමන් ගත් ජීප් රථයේ වම්පස කොටස කන්ටේනරයේ පිටුපස දකුණුපස මුල්ලේ වැදී රථය කැරකී ගොස් අධිවේගි මාර්ගයේ වම්පස ඇති යකඩ වැටෙහි ගැටී ඇති බව පැවසෙන අතර, ඒ හේතුවෙන් ජීප් රථයේ එන්ජිම පිහිටි ඉදිරි කොටස සහ වාහනයේ වම්පස සුන්බුන් ගොඩක් බවට පත්ව තිබිණි. අනතුරෙන් මරාන්තික තුවාල ලැබූ රාජ්‍ය ඇමැතිවරයා සහ දෙදරු පියකු වන ආරක්ෂක නිලධාරියා ද රාගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව ද වාර්තා වේ.

අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැතිවරයා ගමන් කරමින් තිබූ ජීප් රථය අධික වේගයෙන් ගමන් කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇති අතර, රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රියැදුරු ප්‍රභාත් එරංග (29) ඒ පිළිබඳ පවසා ඇත්තේ මෙවැන්නකි.

“අපේ වාහනය ඉදිරියෙන් ගමන් කරමින් සිටි කන්ටේනරයට ඉස්සර කරන්න යනකොටම දකුණු පැත්තෙන් වේගයෙන් ආපු කාර් එකක් ඉස්සර කළා. අපේ වාහනයේ ඒ කාර් එක වැදෙයි කියලා අපේ වාහනය මම වමට කැපුවා. ඒත් එක්කම අපේ වාහනය කන්ටේනර් එකේ ලොකු සද්දෙකුත් එක්ක වැදුණා. වාහනය කැරකෙනවා වගේ දැනුණා. ඊට පස්සෙ මොනව වුණා ද කියල සිතා ගන්න බැරි වුණා” සිද්ධිය සම්බන්ධයෙන් එම මේ වන විට එම රියැදුරා සහ රාජ්‍ය ඇමැතිවරයාගේ රථය ගැටුණු කන්ටේනර් රථයේ රියැදුරා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරාගේ අපරීක්ෂාකාරී රිය පැදවීම සහ අධික වේගය මෙම අනතුරට මුල්වී ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

ඇමැතිවරයාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඔහුගේ සහෝදරයකු වන ජගත් සමන්ත‍ පවසා ඇත්තේ සිය සහෝදරයා මත්පැන් පානය නොකරන බවය. සහෝදරයාගේ වියෝව තම පවුලට මෙන්ම සහෝදරයාගේ බිරියත් අවුරුදු 12,10 සහ 9 වයස්වල පසුවන දියණියන් තිදෙනාත් පස් හැවිරිදි පුතු ඇතුළු පවුලට දැරිය නොහැකි පාඩුවක් බවත් ඔහු පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයාගේ බිරිය මලවි ආරච්චිගේ චමරි ප්‍රියංකා පම්බල කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. පළමු වරට සනත් නිශාන්තට ඇය ඇස ගැටෙන්නේ දේවස්ථානයේදීය. ඊට කලකට පසු ඇය ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු යටතේ නීතිඥවරියක ලෙස පුහුණු වෙමින් සිටියාය. ඒ කාලයේදී සනත් නිශාන්ත පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටි අතර, හලාවත අධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවක් සම්බන්ධයෙන් කටයුතු කළේ චමරිගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයාය. ඔහු හමුවීම සඳහා සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කිහිපවරක් නීතිඥ කාර්යාලයට පැමිණ ඇති අතර, එසේ පැමිණි විටෙක චමරි අත තිබූ පෑනක් බිම පතිත වී ඇත්තේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ දෙපා අසලටය. ඒ අවස්ථාවේ බිම තිබූ පෑන අහුලමින් නැඟී සිටි චමරිගේ හිසට සුරත තබමින් සුවපත් වේවා කියා මන්ත්‍රීවරයා ඇයට සරදමක් ද කර තිබිණ. එසේ හිතවත්කමින් ඇරඹි ඔවුන්ගේ ආදර කතාව විවාහයෙන් අවසන් වූ අතර කලක් නීතිඥවරියක ලෙස කටයුතු කළ චමරි සැමියාගේ කාර්යබහුල දේශපාලන ජීවිතය නිසා නීතිඥ වෘත්තියට සමුදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළාය.

“මහත්තයා නැතිවීම කියලා නිම කරන්න බැරි තරම් වේදනාවක්. ඒත් රටත් ජනතාවත් වෙනුවෙන් එයාගේ බලාපොරොත්තු රාශියක් තිබුණා. එයාගෙ මරණයෙන් ඒවා නැති කරන්න බැහැ. ඉදිරියේදී නීතිඥවරියක ලෙසත් අවශ්‍ය වුණොත් ඔහු වෙනුවෙන් ඔහුගේ ඡන්දදායකයන් සමඟ එක්වී ඒ බලාපොරොත්තු ඉටු කිරීමට මම සූදානම්” සිය සැමියාගේ වියෝව දරාගත නොහැකි සොවින් තැවෙමින් වුවද සිය සැමියාගේ අපේක්ෂාවන් සපල කිරීමට ඇයගේ සිත දිරිමත්ය.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා පුත්තලම ආරච්චිකට්ටුව නිවෙසේ තැන්පත් අතර අවසන් කටයුතු 28 වැනි ඉරිදා පුත්තලම රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ.

උපුටා ගැනීම - සිළුමිණ 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top