හය හතර නොතේරෙන දරුවෙකුට මවගේ රැකවරණය අහිමි වීම බරපතල ඛේදවාචකයක් වුවත් තවත් එවැනි පුවතක් කළුතර - දොඩන්ගොඩ ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා...
රැකවරණය අහිමිවූ අවුරුදු එකහමාරක් මෙම දරුවා හැදී වැඩෙන්නේ වකුගඩු රෝගයෙන්, පිළිකා රෝගයකින් සහ අංශභාග රෝගී තත්ත්වයකින් පසුවන තම පියා, මිත්තනිය සහ සීයා සමඟයි...
මාස 6 දී මව මෙම දරුවා හැර දමා නිවසින් පිටව ගොස් ඇත්තේ තම සැමියා වකුගඩු රෝගයෙන් පෙලීම සහ ඔහුගේ මවුපියන් පිළිකා රෝගයෙන් සහ අංශභාගයෙන් පෙළීමත් සමඟ ඇතිවූ දුෂ්කරතා හමුවේයි..
වකුගඩු රෝගයෙන් පෙළෙන පියා වරින් වර රෝහල් ගත වන පසුබිමක දරුවා රැක බලා ගන්නේ රෝගී මිත්තනිය සහ සීයා විසින්...
අංශභාග රෝගය වැළඳී ඇති සීයාට නිසි පරිදි වචන උච්චාරණය කිරීමට නොහැකි අතර බහතෝරන වියේ පසුවන මෙම දරුවා මේ වන විට ඔහුගේ කථන විලාශය අනුකරණය කරමින් සිටීම ද කණගාටුදායක කරුණක්...
මෙම නිවසේ වැඩිහිටියන් තුන්දෙනාම රැකියාවක නිරත වීමට නොහැකි තත්ත්යක සිටින අතර, අසල්වැසියන්ගේ උපකාර මත ජීවත්වන ඔවුන්ගේ නිවසේ විදුලිය ද බිල නොගෙවීම නිසා විසන්ධි කර තිබෙනවා...