මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්...
රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් ගජමුතු 4ක් සහ ඒවා අලෙවි කිරීමට පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකු ඔවුන් පැමිණි කුඩා ලොරි රථයක්ද සමග සීදූව ප්‍රදේශයේදී පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා...
ගජමුතු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන් බවට හඟවමින් පොලිසිය මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉමදූව, වැලිඔය, පලුගස්වැව සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්...
ඔවුන් අද (15) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි...