ඒ සෑම කාසියකම සංකේතාත්මක ඩයිනොසෝරයෙකු ප්‍රදර්ශනය කර තිබීමත් මෙහි ඇති විශේෂත්වයක්....
මෙලෙස කාසි වර්ග 3ක් එළි දක්වා ඇති අතර ඒවා ටයිරයිනොසෝර්, ස්ටීගෝසෝර් හා ඩිප්ලොඩොකස් ලෙස නම් කර ඇති බවටයි වාර්තා වෙන්නේ
එමෙන්ම මෙම ඩයිරයිනොසෝරස් කාසියේ විශේශීත කාසියක් ද නිකුත් කර ඇති අතර එම කාසියේ වටිනාකම පැන්ස 50ක් වෙනවා.. , එය මෙලෙස නිකුත් කළ පළමු පැන්ස 50හේ කාසිය ලෙසද එංගලන්ත ඉතිහාසයට එක් වනවා..
මේ කාසි සියල්ලම එංගලන්තයේ ස්වභාවික ඓතිහාසික කෞතුකාගාරයේ මහචාර්යවරයෙකු වන පොල් බැරට්ගේ මගපෙන්වීම යටතේ පැලියෝ චිත්‍ර ශිල්පි රොබට් නිකොල්ස් විසින් නිර්මාණය කර තිබෙනවා ...
එසේම වර්තමාන විද්‍යාත්මක සොයා ගැනීම් මත පදනම්ව මෙම සියළුම කාසි නිර්මාණය වී ඇති බවටයි දැක්වෙන්නේ
කෙසේ වෙතත්, රෝයල් මින්ට් සමාගම විසින් ටෙල්ස් ඔෆ් ද අර්ත් ආභරණ සන්නාමය සමඟ එක්ව සාද නිමකරවන ලද මෙම කසි රෝයල් මින්ට් සමාගමේ වෙබ් අඩවියෙන් මිලදී ගත හැකියි..
ඒ අනුව මෙහි මිල ගණන් පවුම් 11හේ සිට ආරම්භ වන අතර රනනින් නිමවන මෙවැනි කාසියක් පවුම් 1220 වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..