Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
27
රෝග රැසකට දිව ඔසුවක් වුණ අලිගැටපේර කෑවොත් ඔබටත් මෙහෙම වෙනසක් දැනේවි...

- රෝග රැසකට දිව ඔසුවක් වුණ අලිගැටපේර කෑවොත් ඔබටත් මෙහෙම වෙනසක් දැනේවි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
පලතුරු ලෝකයේ අපි බොහෝ දෙනෙක් කන්න ආස කරන පලතුරක් තමයි අලිගැටපේර කියන්නේ....

හොඳින් ඉදුණු අලිගැට පේර වල තියෙන රස නිසාම අලිගැටපේරවලට ආස කරන බොහෝ දෙනෙක් ඉන්නවා... 

මෙච්චර දවසක් ඔබ හිතුවා නම් අලිගැටපේර නිසා රෝගාබාධ වැරදෙනවා කියලා, මේ කියන්න යන්නේ ඒ කතාව එහෙම නෑ කියන එක... ඔබ නොහිතුවට ඇත්තටම මේ රසවත් පළතුරේ සැඟවුණ ගුණ කීපයක්ම තියනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන..

අලිගැටපේරවල ඇට ලේ පිළිකාවට දිව ඔසුවක් බව කැනඩාවේ පර්යේෂකයෝ පිරිසක් කියනවා.. එහි ඇති අණුක හේතුවෙන් ලියුකේමියා හි ස්කන්ධ සෛල මර්ධනය වන බව ද ඔවුහු පෙන්වා දෙයි...

ලියුකේමියා රෝගය හා සම්බන්ධ ස්කන්ධ සෛල මර්ධනය සඳහා ලෝකයේ දැනට සොයාගෙන ඇත්තේ ඉතාමත් ස්වල්ප ඖෂධ ප්‍රමාණයක්... පර්යේෂකයන් පෙන්වාදෙන්නේ අලිගැටපේර මගින් ලියුකේමියා රෝගින්ගේ ජිවිත අපේක්ෂාව ඉහළ දැමිය හැකි බවයි..
ලියුකේමියාව යනු මාරාන්තික රෝගී තත්ත්වයක්...
සෞඛ්‍ය සම්පන්න අයගේ ඇට මිදුලුවල නිපදවන ස්කන්ධ සෛල වැඩී පසුව රතු රුධිර සෛල, පට්ටිකා සහ සුදු රුධිර සෛල බවට පත්වෙනවා... නමුත් ලියුකේමියා රෝගින්ගේ මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදුවන්නේ නැහැ... එමගින් රතු රුධිර සෛල නිපදවිම වෙනුවට අසාමාන්‍ය ලියුකේමියා සෛල නිපදවෙනවා...
මේවා නොමේරු සෛල වන වන බැවින් සාමාන්‍ය රුධිර සෛල ලෙස ක්‍රියා කිරීමට නොහැකි වෙනවා...
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ අලිගැටපේර මේදයේ අණුවල ඇති ඇවොකටින් බී මගින් මෙම අහිතකර නැවැත්වීමට හැකියාව ලැබෙන බවයි... එමගින් ස්කන්ධ සෛල සෞඛ්‍ය සම්පන්නව රුධිර සෛල ලෙස වැඩීම සිදුකරනවා..


අලිගැට පේර ඕනම ආහාරයක් සමග සැසදේ… එම නිසා මා දිනකට එක ගෙඩියක් හෝ ආහාරයට ගැනීම සිදු කරනවා.. අලිපේර ආහාරයටගෙන ඇට විසි කිරීමට පුරුදුව සිටියානම්දැන් එහෙම කරන්න එපා...

දැන් අලිපේර ඇට ඖෂධිය ගුණ වලින් යුත් බව මෙන්ම ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදීද දීර්ග කාලයක සිට යොදා ගන්න බව දන්නා කරුණක්..

අලිපේර ඇට ආහාරයට ගැනීම සුදුසුද?

චෙරි, මිදී හා කොට්ටන් යන පලතුරු ඇට වල වමනය යාම ඇති කරන, ක්ලාන්ත ගතිය ඇති කරන එමෙන්ම සමහර අවස්ථාවල මරණය ඇති කරන සයනයිඩ් නම් විෂ රසයන ද්‍රව්‍ය පැවතුනද අලිපේර ඇට වල එවන් අතුරු පල නැත.
අලිපේර වල මද විෂ ටැනින් නම් ද්‍රව්‍ය අන්තර්ගත වුව ද එහි බලපෑමක් එල්ලවන්නේ අලිපේර ඇට ව්ශාල ප්‍රමාණයක් අනුභව කළහොත් පමණි. 2013 දී පර්යේෂකයන් විශාල ගණනක් ලෝක විද්‍යා සගරා කීපයකම අලිපේර ඇට පිළිබද ඔවුන්ගේ පර්යේෂණ ප්‍රසිද්ධියට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ මත වන්නේ අලිපේර ඇට වල විෂ රසායනික අඩංගු නොවන බවත් ඒවා පරිභෝජනයට ඉතා සුදුසු බවත්ය.

අලිපේර ඇට අආහාරයට ගැනීමෙන් ඇතිවන යහපත් සෞඛ්‍ය තත්ත්වය.

අලිපේර විටමින් බි, සෞඛ්‍යමත් මේද හා පෝෂක වලින් අනුනය. එසේම ඒවා ජෛව සක්‍රිය ශාක රසායනික උද්දිපකයකි. එහි මේද අම්ල, ට්‍රයිටපින්ස්, පයිටෝස්ටෙරල් හා ඇබිසිසික් අම්ලවලින් එන ග්ලුකොසයිඩ් අනුනය. 70%ක් වන ප්‍රතිඔක්සිකාරක මුල ද්‍රව්‍ය අන්තර්ගත වන්නේ අලිපේර ඇට වලය. අලිපේර වල පවතින ප්‍රතිඔක්සිකාරක ශාක රසායනික දෙක වන්නේ ප්‍රොන්තොසයිනිඩ්ස් සහ ෆ්ලේවනොයිඩ්ස් ය. මේ දෙක ජාරක කෙදි වල ඉහලින්ම පවතීනවා..
.

අලිපේර ඇට ඔබේ සෞඛ්‍යට දායක වන්නේ කෙසේද?

අනෙක් වාසි අතර අලිපේර වල ප්‍රතිදිලිර, ප්‍රතිජීවක, ප්‍රතික්ෂුද්‍රජීවි, කෘමි නාශක, කිට නාශක, ඇමිබා නාශක වැනි ගුණාංග පවතීනවා..

1 පිළිකා නාශනයට දායක වේ.
අලිපේර වල පවතින ෆ්වනොල්ස් නම් වූ බලවත් ප්‍රතිඔක්සිකාරකය (එසේම තවත් විශාල ගණනක්) (ඇන්ටි ටියුමර්) ගෙඩි ඇතිවීම වලක්වයි. ඇන්ටිකා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් අලිපේර ඇට සාරය ලියුකේමිය සෛලවල ස්වයං විනාශය සිදු කරන බව සොයා ගෙන ඇති අතර ඔවුන් එය ඖෂධ ජීව විද්‍යාව නම් වූ සගරාවේ පල කර ඇත.
එසේම පිළිකා පර්යේෂණ නම් වූ සගරාවක මෑතකදි පලකරන ලද අධ්‍යනයකට අනුව අලිපේර වල පවතින ඇවකේෂන් බි නම් වූ සාරයට මයිලොයිඩ් නම් වූ තිව්‍ර ලියුකේමිය සෛල විනාශ කල හැක. මේ අධ්‍යනයට අනුව මෙම සෛලවලට විරුද්ද ස්වභාවික නිෂ්පාදන 800ක් පමණ පරීක්ෂණයට ලක් කර ඇත.
2 හර්ද රෝගීන් සදහා
2012 දී මානව පෝෂණයට ශාක ආහාර නම්වූ සගරාවේ පල කරන ලද අධ්‍යනයකට අනුව අලිපේර ඇට පිටි වලට කොලෙස්ටරෝල් සහ L.D.L කොලෙස්ටරෝල් මට්ටම් අඩු කල හැක. එසේම එහි පෙන්වන පරිදි අලිපේර ඇට ධමනි අවහිරතා වලක්වයි. කොලෙස්ටරෝල් අඩු කිරීම සම්බන්දයෙන් අලිපේර කෙදි ප්‍රයෝජනවත්ය. මෙම කෙදි කොලෙස්ටරෝල් සමග සම්බන්ධ වී අතුනුබහන් වලදී එය අවශෝෂණය වලකයි. පර්යේෂකයන් පෙන්වන පරිදි මෙම අලිපේර ඇට අධි කොලෙස්ටරෝල් තත්ත්ව වලට අධ්‍යානති තත්ත්ව වලදී දායක වේ. එසේම එය ප්‍රදාහය හා දියවැඩියාව වලක්වයි.
3 ජීරක උපකරකයකි.
අලිපේර ඇටවල ප්‍රතිඔක්සිකාරක හා කෙදි ජීර්ණය පහසු කරයි. උතුරු ඇමරිකානුවන් ජීරක ගැටලුවන ජටරිය ව්‍රනය, උග්‍ර අතිසාරය, තීව්‍ර අතීසාරය යන්නට අලිපේර ඇට මගින් ප්‍රතිකාර ලබා දේ.
4 ප්‍රති ශක්ති පද්ධතිය ශක්තිමත් කරයි.
ශක්තිමත් ප්‍රතිශක්ති පද්ධතියකට ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කලහැක. අලිපේර ඇට වල ප්රෝසයිනිඩ්නිස් හා කැචේන්ස් නම් ප්‍රතිඔක්සිකාරක පවතී. එහි වන ප්‍රතිදාහ විරෝදී ගුණාංග දැඩිබව, ඉදිමුම, බද්ධ වේදනා හා ලෙඩ රෝග අවම කරන අතර උණ හා වෛරස් වලින් ආරක්ෂා කර ප්‍රතිශක්තිය ජනනය කරයි. අලිපේරවල සාරයට කැන්ඩිඩා නම් රෝගකාරක බිජ හා අනෙක් දිලිර වැළක්විය හැකි බව 2009 දී පල කරන ලද සගරාවක් පවසයි.
5 සමේ රැලි අඩු කරයි.
අලිපේර ඇට වල තෙල් සමේ ප්‍රෝටීන් වැඩි කරන නිසා රැලි වැටීම වලක්වයි.

අලිපේර ඇටය ඉවත් කරගන්නේ කෙසේද?

– කුහරය වටින් සිද අලිපේර ඇටය ඉවත් කර ගන්න.
– පිහියක් කුහරය තුලට දමා කරකවා පහසුවෙන් ඇද ගන්න.
– පසුව පිහියෙන් ඇටය ඉවත් කර ගන්න.
– ඇට ටික එකතු කරන්න. පසුව වියලන්න පොත්ත ගලුවුනාම හතරට කපා වියලන්න මම අවන් එකේ 50c දාලා තියනවා. ගානට වෙලුනාම කුඩු කරලා බෝතලේකට දමා ගන්න.
– මෙම කුඩු ඔබගේ බිමට එක් කර ගන්න. (අනෙක් අවශ්‍ය ද්‍රව්‍ය සමග)
පරිපුර්ණ අලිපේර ඇට (කොළ පැහැ ) බිමකට වට්ටෝරුවක්

• අලිපේර ඇට 1/2 ක්
• අලිපේර ගෙඩි 1/2 ක්
• අලමන්ඩ් කිරි හෝ ජලය 1 කෝප්පයක්

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top