Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
25
"අයියා එනකම් ඉඳලා එයත් එක්කම යනවා." "මම දැක්කේ සුදු පාට සාරියක් ඇඳගත්තු ගැහැනු කෙනෙක්" දන්න මෝහිනී ගැන නොදන්න කතාව

- "අයියා එනකම් ඉඳලා එයත් එක්කම යනවා." "මම දැක්කේ සුදු පාට සාරියක් ඇඳගත්තු ගැහැනු කෙනෙක්" දන්න මෝහිනී ගැන නොදන්න කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

මෝහිනී විෂ්ණුගේ අවතාරයක්ද ?


චන්ද්‍රයා මෝදු වී ඇත. තරු රටා මවා ඇත. දරුවාත් සමඟ රෝහලෙන් එළියට පැමිණි රෝහිණී දිගු සුසුමක් හෙළුවාය.
‘‘අද ගමට යන බස් එක අල්ලගන්න හම්බවෙන්නේ නෑ. පයින් තමයි ගෙදර යන්න වෙන්නේ.’’ දරුවා කර පින්නාගත් ඈ පාළු මාවත දිගේ ඉදිරියට ඇදුණාය. නොදරුවත් සමඟ මහපාරට ආවත් කනත්ත ළංවෙන විට ඇගේ ගැහැනු සිත තැතිගන්නට විය. ගමට යන කවුරුන් ​හෝ හමුවේවියි සිතමින් වට පිට බලන්නට වූවාය.
ගමන හෙමින් වුවත් ටික ටික කනත්ත අසලටම අෑ ළඟා වූවාය. ඇගේ බලාපොරොත්තු සඵල විය. පන්දමකුත් රැගෙන යමෙකු එනු ඇය දුටුවාය.
‘මේ වෙලාවට එන්නේ සෝමදාස අයියා. ටිකක් බිව්වට එයා හොඳ මනුස්සයා. අයියා එනකම් ඉඳලා එයත් එක්කම යනවා.’ රෝහිණී තමාටම කියා ගත්තාය.
සෝමදාස යම් තරමකට වෙරි වී සිටියේය. පන්දම දෙපසට වනමින් ඔහුද කනත්ත අසලට පැමිණියේය. සඳ එළිය වැටුණු සොහොන් කොත් සුදු ඇඳගත් මිනිසුන්​ සේ දිස්වෙයි. සෝමදාස ද තැතිගත් සිතින් යුතුව ඉතිපිසෝ ගාථාව මුමුනමින් සොහොන් බිම පසු කරන්නට වූවේය.‘
‘අයි​ෙය්..’
සෝමදාස දුටු රෝහිණී සතුටු සිතින් ඔහුව ආමන්ත්‍රණය කළේය.
‘සිතේ තිගැස්මත්, මද කල්පනාවත් සෝමදාසගේ සිත ව්‍යාකූල කළේය
.
‘බුදු අම්මෝ, මෝහිනී’
ඔහු පන්දම බිම දමා දුවන්නට වූවේය...
‘අයියේ මම රෝහිණී’
ඇගේ කිසිදු වචනයක් සෝමදාසට නොඇසුණේය. ඔහු ඉතිපිසෝ භගවා කියමින් තව තවත් වේගයෙන් දුවන්නට විය.
මෙවන් වූ අත්දැකීම් ලද අය බොහොමයක් සමාජයේ ඇත. එහිදී මෝහිනී නම් කවුද? ඇය සැබෑවටම සුදු සාරියකින් සැරසුණු දරුවෙකු අතින් ගත් සොඳුරු ලලනාවක්ද? ඇය තරුණ සිත් වශීකරගෙන ඔවුනට පීඩා ගෙන දෙන භූතාත්මයක්ද? නැතිනම් එය සිතින් මවාගත් මනසිකාරයක්ද?
මේ පිළිබඳව තොරතුරු සොයා බැලු අතර මෙවන් වූ තතු අනාවරණය විය.
සඳ රාහු ඇල්ලීම පිළිබඳව විකිපීඩියා විශ්වකෝෂයේ මෙසේ සඳහන් වී තිබුණි.
‘රාහු ග්‍රහයෙකි. රාහුගේ මව සිංහිතා වූ හෙයින් ඔහු සෛංහිකේය නම් විය. මේ ග්‍රහයා විසින් චන්ද්‍ර සූර්ය දෙදෙනා ග්‍රහණය කරනු ලබන බව කවි සමයයි. කිරි සයුර කලඹා ලත් අමෘතය දෙවියන් අතර බෙදන කළ රාහු අසුරයා වෙසින් පැමිණ අමා බිඳක් ලබා ගත්තේය. හිරු සඳු දෙදෙනා ඒ සොරකම විෂ්ණුගේ ස්ත්‍රී අවතාරය වූ මෝහිනියට දැන්වූහ. කෝප වූ මෝහිනී චක්‍රායුධයෙන් රාහුගේ හිස කපා දැමුවේ අමෘතය ගෙලෙන් පහළට යාමට පෙරය. එහෙත් ඊට පෙර ඒ අමෘතය මුව තැවරී තිබූ හෙයින් රාහු හිස අමර විය. කඳ කේතු විය. රාහු වරින් වර හිරු සඳු ග්‍රහණය කරන්නේ ඒ කෝපයෙන් බව කියැවේ. මේ නිසා කවි සමයේ චන්ද්‍රග්‍රහණය හඳ රාහු ඇල්ලීම ලෙස හඳුන්වයි.
මීට අනුව මෝහිනී යනු විෂ්ණු දෙවියන්ගේ ස්ත්‍රී අවතාරයයි. මෙම මෝහිනී සහ විෂ්ණු අතර සම්බන්ධය දක්වන තවත් එක් උදාහරණයක් වෙයි.
එනම් මෝහිනියාටම් යනු ​ෙක්රළයේ සාම්ප්‍රදායික නර්තනයකි. එය කාන්තාවන් පමණක් රංගනයේ යෙදෙන්නෙකි. නිර්මාණය කර ඇත්තේ මොහින් (නරඹන්නන් වශීකරන) හා ආටම් (ශරීරයේ රිද්මය) එකතු කිරීමෙනි. මෙයින් විෂ්ණු දෙවියන් මෝහිනී ලෙස වෙස්ගත් කතන්දර දෙකක් කියවෙයි.
ඉන් පළමුවැන්න වෙන්නේ මෝහිනී ලෙස වෙස්ගෙන යක්ෂයන් පලවා හැරීමයි. දෙවැන්න වන්නේ මෝහිනී ලෙස වෙස්ගෙන ශිව දෙවි බ්‍රහ්මපුර යක්ෂාවේෂයෙන් ගලවා ගන්නා බවයි.
මෙය විෂ්ණු දෙවියන් ඇසුරින් කරන නර්තනයක් බැවින් ඉන් දෙවියන් කෙරෙහි ඇති බැඳීම පෙන්වා දෙයි.
මූලික චලන 40 ක් අන්තර්ගත මෙම නර්තනය ස්වාධී පිරුනාල් රජු සමයේ ආරම්භ වී ඇත. මෙම නර්තනයේ මූලික පරමාර්ථය මනස මෝහනයට පත්කිරීමයි.
මීට අමතරව හෙළ වෙදකමේදී නිර්වින්දන කාර්යය සඳහා මෝහිනී නම් චූර්ණයක් භාවිත කර ඇති බව පැවසෙන්නේය.
ඉන්දියාවෙන් ආ සංකල්පයක් ලෙස ලාංකීය සමාජයේ මුල්බැසගත් මෝහිනිය ලංකාවේ සංස්කෘතියටද යම් ආකාරයේ බලපෑමක් කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ සිට කළුකන්දාව ගම්මානයට යන දුර්ග මාර්ගයේදී සුන්දර දියඇල්ලක් හමුවේ. එම දිය ඇල්ල මෝහිනී ඇල්ල ලෙස නම් කිරීම තෙක් ඒ සංස්කෘතික විප්ලවය සිදුවී ඇත. එනම් ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ මතවාදය වී ඇත්තේ එම ඇල්ල අසල මෝහිනිය සිටි නිසා එය මෝහිනී ඇල්ල වූ බවය.
මේ පෙර අපර දෙදිග සමාජයේ මුල්බැස ගෙන ඇති සන්සිද්ධීන්ය. එහිදී මෝහිනී නම් කාන්තාව හා ඇගේ සුන්දරත්වය පිළිබඳ මෙසේද අර්ථකථනය කළ හැකිය. එනම් මෝහන, මන නන්දන සිත් වශීකරණ, මනස ප්‍රබෝධමත් කරන යන එකම අර්ථ සහිත වචනය. එදා සමාජයේ සංකල්පයක් වෙන්නට ඇති. එය කවිසමය මගින් රූපශ්‍රීයෙන් අගතැන්පත් මනස වශීකරවන සුලු ස්ත්‍රියකට සමාන කර ඇති අතර වත්මන් සමාජය මගින් සුන්දර භූතාත්මයකට ආරෝපණය කර ඇත.
මෙවන් වූ මතවාද රාශියක් ඇති මෝහිනිය පිළිබඳව මූලාශ්‍රගත තොරතුරු කතා කිරීමට ජනශෘති පර් යේෂකයෙකු වන කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ මහාචාර්යවරයෙකු වන සුනන්ද මහේන්ද්‍රයන් සම්බන්ධ කර ගත්තෙමු.
මෝහිනී කියන ප්‍රතිරූපය ගැන මට මුලින්ම කියවන්නට ලැබුණේ වෛදික සාහිත්‍යයේ එන කෘතීන් වලින් බව මා දැනගත්තේ වෙරිටේල් මහතාගේ සංස්කෘත නාට්‍ය කලාව කියන කෘතියෙන්. එම කෘතියේ ඔහු දක්වා තිබෙනවා කෙනෙකු ආකර්ෂණය කිරීමේ බලය රංගන ශිල්පියෙකුට තිබෙන බවට නාට්‍ය ශාස්ත්‍රයට ආවේ වේද සාහිත්‍යයෙන් කියලා.
මෝහනය කියන්​ේන ආකර්ෂණයට. ප්‍රේක්ෂකාගාරයක් වසඟකර ගැනීමේ ශක්තියයි මෝහනය. මෝහනය නැති තැන නිර්මෝහණය තිබෙනවා. සාමාන්‍ය චරිතයකට මෝහනයට පත්වෙන්න බෑ. ඒකට රංග අභ්‍යාස අත්‍යවශ්‍යයි.
ජාතක පොතේ ඇතැම් කතාවල තිබෙනවා හුදකලාවේ මහමඟ යන මිනිසුන්ට ඔවුනගේ තනි නැති කිරීමට හමුවන මෝහනය වන කාන්තා ප්‍රතිරූප පිළිබඳව.
තවදුරටත් අපිට පුරාණ කවි සමයේ මුණ ගැසෙනවා වන අසපු ළඟ පිපෙන ලිය තඹරා කියන මල් ජාතියක්. නමුත් මේවා විද්‍යාත්මකව ඔප්පු කර නෑ. ඒවා කවි සමයේ කල්පිත සුන්දර වස්තු නිර්මාණයට හසුකරගත්තත්, මේ හේතුව නිසා අචේතනික වස්තුවලට සචේතනික බවක් එකතු වෙලා තිබෙනවා. ඉන් මෝහනය නැමැති සංකල්පය කාන්තා රූපයක් බවට පත්වෙලා තිබෙනවා.
ජනශ්‍රැතියට ඉන්දියාවේ කතා රාශියක් එකතුවෙලා තිබෙනවා. ඒවා ලංකාවටත් බලපෑමක් වෙලා තිබෙනවා. ඒ වගේම ප්‍රාචීනවාදී රටවලටත් ඒවා බලපාලා තිබෙනවා. ඒවායින් කියැවෙන්නේ හුදකලාව ගමන් කරනා මිනිසුන්ගේ සිතේ හට ගන්නා ගති සොබාවයන්. ඊට දරුවකු අතින් ගත් ආකර්ශනීය තරුණ කාන්තාවක් භාවිත කරනවා. ආකර්ෂණය නිසා කෙනෙක් විපත්තියට පත්වෙනවා.
මෙහිදී සත්‍ය ලෙස නම් වටපිට බලා සිත ආකර්ෂණය කරගන්නේ නැතිව තමන් නියැලී සිටින රාජකාරි කටයුත්ත සපුරා ගැනීමට වෑයම් කළ යුතු බවයි කියවෙන්නේ.
වේලපත්ත ජාතකයේ එක්තරා තවුසෙක් වටපිට බැලීම නිසා මෝහනය වී අනතුරට පත්වූ ආකාරය සඳහන් කර තිබෙනවා.
මෝහනය කියන සංකල්පය විද්‍යාත්මකව ඔප්පු කිරීමට බැරි නිසා නූතන ලෝකයේ මිනිස්සු ඊට වෙනත් අර්ථකථන දී තිබෙනවා.
එනම් ඔවුන් කියනවා සොහොන් ළඟ මෝහිනී කියලා ළඳක් පෙනී සිටිනවා. ඇගේ අතේ දරුවෙක් ඉන්නවා. ඇයට වශීකරන ශක්තියක් තියෙනවා. ඇය අවතාරයක් කියලා. මා දන්නා පමණින් මේ ගැන ටිකක් හැදෑරූ කෙනෙක් තමයි මහගම සේකර කවියා. ඔහු මෝහිනී කියලා කවියක් ලිව්වා. එය පණ්ඩිත් අමරදේවයන් ගායනා කළා.
මූලාශ්‍රගත සිදුවීම් වලින් පෙනී යනවා (ඉංග්‍රිසි පොත්) ප්‍රාචීන සාහිත්‍ය, (ජනකතා) මලක් දෙස බලා සිටින තාපසයෙකුට, ශාන්තුවරයෙකුට, මුනිවරයෙකුට තමන් තුළ පවතින ශක්තිය උරගා බැලීමට එවනු ලබන කිසියම් ආකර්ෂණීය රූපයක් මෝහිනිය ලෙස නම් කර ඇති බව.
ඒ වගේම ලාංකීය සමාජයේ ආදීකාලීන කවි පොතක මෝහිනිය පිළිබඳ මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා.
ගමට වැදෙන මෝහිනිය තරුණ සිත් වසඟ කර ගැනීමට සමත් වුණා.
මෝහනය ඉංග්‍රීසි භාෂාවේ මෙස්මරයිස් (මෝහනය) සමාන අදහස් දෙන්නක්.
රවින්ද්‍රනාත් තාගෝර්ගේ ‘ස්වජන නෞකා’ කියන පොතේ මෝහිනිය ගැන පැවසෙන එක කෙටිකතාවක් තිබෙනවා. ඒ වගේම බබාතී බට්ටාචාර්ය කියන වංග දේශිකයා ‘මෝහිනිය සංගීතයට ප්‍රියකරන වනගත කාන්තාවක්’ ලෙස හඳුන්වා දී තිබෙනවා.
සෘග්වේද සමයේ සිට පෙරදිග සංකල්පවලටයි මෝහනය පිළිබඳව කතා කර ඇත්තේ.
මෙය අදටත් විද්‍යාත්මක පදනමක් නොමැති සංකල්පයක් පමණයි.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් මෝහිනිය පිළිබඳව එසේ අර්ථ දැක්වූ අතර වර්තමාන කවි සිතුවිලි මෝහිනිය අර්ථ ගන්වා ඇත්තේ මෙසේය.
‘ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ
දොළ හඬන තුන්මං හන්දියේ
කවුරු එනතුරු මඟ බලනවද
මෝහිනී මගෙ නංගියේ
මෝහිනී ආදර නංගියේ...//’
උඹෙ දරුවා ගන්න කවුරුත්
​ෙනායන මූසල හන්දියේ
උඹට දරුවෙක් දෙන්න
ඕනෑ තරම් අය ඇත නංගියේ...//’
සුරඟනට අමතන දරුවන්
හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් උනේ කොහොමද
කියා දීපන් නංගියේ..//’
සමන් ලෙනින්ගේ හඬින් ප්‍රභාමත් වෙන එම ගීතයේ යකින්නක් ලෙස භයංකාරව අර්ථ දක්වා ඇති මෝහනිය සමාජ අසාධාරණයට ලක්වෙන කාන්තා චරිතයක් බවට පත්කර ඇත. එය කවියේ සඳහන් සියලු පද අරුත් විමසීමේදී මොනවට පැහැදිලි වෙයි.
මෝහිනිය පිළිබඳ පෙර අපරදිග සමාජ මතවාදයන් එසේය. ඇය මෝහිනියගේ වෙස්ගත් විෂ්ණු අවතාරයද, නැතිනම් සමාජ අසාධාරණයට ලක්වී මියගිය කාන්තාවකගේ භූතාත්මයක්ද? එසේත් නැතිනම් ගොම්මනේ ඇවිද යන තරුණ පුතුන් හා හිමියන් නපුරින් ආරක්ෂා කරගැනීම සඳහා සමාජය විසින් නිර්මාණය කරගත් උපකල්පනයක්ද සිතීම ඔබට භාරය.
සටහන කුමාරි හේරත්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top