Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
07
වෙලාවකට සමන්ති, වෙලාවකට සඳරේණු - සිංහල නිල් චිත්‍රපටි නිළියෙක් ජීවිතය ගැන කියන කතාව

- වෙලාවකට සමන්ති, වෙලාවකට සඳරේණු - සිංහල නිල් චිත්‍රපටි නිළියෙක් ජීවිතය ගැන කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

මේ කතාව අපට කියන්නේ  නම් ගණනාවකින් පෙනී සිටිමින් සිංහල නිල් චිත්‍රපට ගණනාවක රඟපා ඇති 27 හැවිරිදි තරුණියකි. ඇගේ ඇත්ත නම සමන්ති නොවෙයි. එහෙත් මෙයට අවුරුදු හතරකට පෙර සිංහල බ්ලූ ෆීල්ම් එකක රඟපාන විට එය නිෂ්පාදනය කළ තැනැත්තාට තම නම ලෙස ඇය දුන්නේ සමන්ති යන නමය. සුන්දර සිරුරක්‌, සරාගී දැසක්‌ සහ ලස්‌සන අඟපසඟ ඇති රූමත් තරුණියක වන සමන්තිට තවත් නම් කිහිපයක්‌ තිබිණ.

මෙයට අවුරුදු පහකට පෙර එනම් වසර 2010 දී ඇය බ්ලූ ෆීල්ම් පහක රඟපෑවාය. එයින් පළමුවැන්නේ නිෂ්පාදකයට ඇය දුන් නම සඳරේණු ය. දෙවැන්නට සඳරාජිනීය. තුන්වැන්නට මල්රේණු ය. හතරවැන්නට යළි සඳරාජනි ය. පස්‌වැන්නට ප්‍රබෝධා ය.



"මොකද ෆීල්ම් එකෙන් ෆීල්ම් එකට නම් මාරු කරන්නේ....?" මම ඇගෙන් ඇසුවෙමි.

"ලස්‌සන තරුණ කෙල්ලකුට ලස්‌සන නමක්‌ තියෙනකොට ආකර්ෂණය වැඩියි. නිකම් කුසුමා, විමලා, කරුණා වගේ නමක්‌ තිබුණොත් අපේ ප්‍රොඩියුසර්ලා අපිව ගණන් ගන්නේ නැහැ. ඔය ජානකී, රෝහිණී වැනි නම් වුණත් අද පරණයි. ඒ නිසා සඳරේණු, මල්රේණු, ආකර්ෂා වගේ නමක්‌ තියෙන්නම ඕනෑ. මම ඔය පාඩම ගත්තේ සිංහල සිනමාවෙන්. ප්‍රසිද්ධ සිංහල නළු නිළියන් නම් මාරු කරගත්ත අය බව මම අහල තියෙනවා. දැන් බලන්නකො ටෙලි නාට්‍යවල ඉන්න නිළියන්ගේ නම්. ඒ නම්වලට කොල්ලන්ට පිස්‌සු වැටෙනවා.

ඇගේ කතාවට මම එකඟ වුණෙමි. තරුණ සුන්දර කරලැයින් ඒ නමින් දකිනවාට වඩා ආකර්ෂා ලෙස දැකීමට කොල්ලෝ කැමැත්තාහ. රූමත් කරුණාවතී හෝ සීලවතී ඒ නමින් දකිනවා වෙනුවට පුනර්ජීවනී හෝ නෙත්මි ලෙස දකින්නට කොල්ලෝ පමණක්‌ නොව වයසක අංකල්ලා ද කැමැත්තාහ. මේ තරුණියගේ ප්‍රායෝගික කතා විලාසයෙන් මම මහත් කම්පනයට පත් වුණෙමි. "ඔයාගේ වයස කීයද?" ඒ මගේ ප්‍රශ්නයයි.

"විසි හතයි"

"ගම?"

"ගම්පොල."

"ඉගෙනගත්තෙ........?"

"නුවර...... බාලිකා විද්‍යාලේ....."

"කීයට ඉගෙන ගත්තද?"

"ඒ ලෙවෙල් පාස්‌. බයෝ කළා. කැම්පස්‌ සිලෙක්‌ට්‌ වෙන්න ලකුණු හතරක්‌ මදි වුණා."

"තාත්ත අම්ම එහෙම....?"

"දෙන්නම රජයේ සේවකයෝ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ."

"ඇයි ඔයා බ්ලූ ෆීල්ම්ස්‌වල රඟපාන්නේ?"

"ඇයි මම රඟනොපාන්නේ..? මට එහෙම රඟ නොපා ඉන්න තරම් තියන සාධාරණ හේතු මොනවාද?"

ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්නයක්‌ ඇසුවේ යෑයි මම තැවුනෙමි. දැන් ඉතින් මේ සාකච්ඡාව මෙතැනින් අවසන් වෙනවා ඇත. එහෙත් ඇය යළිත් කතා කළාය "ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ මේකයි. මම බ්ලූ ෆීල්ම්ස්‌වල රඟපාන එක මාර විදියට එන්ජෝයි කරනවා. මම රඟපාපු බ්ලූ ෆීල්ම්ස්‌ එකක්‌ බලද්දී මාර ආතල් හැඟීමක්‌ හිතට එනවා. සමහර වෙලාවට ගෙදර කට්‌ටිය නැති වෙලාවේ මම ලැප්ටොප් එකෙන් මං ඉන්න ෆීල්ම් එකක්‌ බලනවා. ඒ වෙලාවට බියර් එකක්‌ හරි මලක්‌ හරි (කේරළ ගංජා සුරුට්‌ටුවක්‌) තිබුණොත් එන්ජෝයිමන්ට්‌ එක ඩබල් වෙනවා...."

"ඔයා එක ෆීල්ම් එකකට කීයක්‌ අය කරනවද?"

"එහෙම ගාණක්‌ කියල නැහැ..... සමහර ඩිරෙක්‌ටර්ල රුපියල් 25000 ක්‌ දෙනවා. සමහරු 10,000 ක්‌ දෙනවා. කීය ගෙව්වත් බ්ලූ ෆීල්ම් එකක උපරිම කාලය විනාඩි 20 යි නේ."

"ඉතින් ඔය ෆීල්ම් එකක්‌ ෂූට්‌ කරන්න (රූපගත කරන්න) කී දෙනෙක්‌ විතර එනවද...?"

"ඔක්‌කොම අපි තුන්දෙනයි. ඩිරෙක්‌ටර්ම තමයි ෆොටොග්‍රැෆී කරන්නෙත්. ඊට අමතරව කොල්ලෙකුත් එනවා. එයා තමයි මගේ පාට්‌නර් හැටියට රඟපාන්නේ. ඌටත් මගේ හිතේ රුපියල් 5000 ක්‌ විතර දෙනවා......"

"ඇයි ඔයාට 25000 ක්‌ දීලා ඌට 5000 ක්‌......?"

"මෙතැනදී අපි කාන්තා අයිතිය සුරක්‍ෂිත කරලා පුරුෂාධිපත්‍යයට පයින් ගහලා තියෙනවා. ඌට 5000 ක්‌ වත් දෙන්න ඕනෑ නැහැ කියන තැන තමයි මං ඉන්නේ. මොකද මේක හුඟක්‌ වෙලාවට උගේ පළමුවැනි අත්දැකීම. මං වගේ ලස්‌සන කෙල්ලක්‌ එක්‌ක එකතු වෙන්න ඌට චාන්ස්‌ එක මේකෙදී ලැබෙනවා. ඉතින් හරිනම් ඌ අපට ගාණක්‌ ගෙවන්න ඕනෑ."

"ඉතින් ඔහොම හදන බ්ලූ ෆීල්ම් විකුණනවද?" මම සමන්තිගෙන් ඇසුවෙමි.

"මම දන්න තරමින් නම් නැහැ. කාට විකුණන්නද? කව්ද ඕව ගන්නේ? ඉන්ටර්නෙට්‌ එකට ගියාම පිටරටවල හදපු කොලිටි බ්ලූ ෆීල්ම් කොච්චර තියෙනවද?"

"ඔය සල්ලිවලින් මොනවද කරන්නේ....?" මම කල්තබා පිළියෙළ කරගෙන සිටි ප්‍රශ්නයක්‌ ඇසුවෙමි.

"යාළුවොත් එක්‌ක ලන්ච්වලට යනවා. සමහර දවස්‌වලට නයිට්‌ ක්‌ලබ් යනවා."

"නයිට්‌ ක්‌ලබ්වලදී කොල්ලෝ එහෙන් මෙහෙන් කිට්‌ටු කරන්නෙ නැද්ද?"

"ඕනෑ තරම් එනවා. කතා කරනවා. ඩාන්ස්‌ කරනවා. සින්දු කියලා ෆන් ගන්නවා. හැබැයි අතනින් මෙතනින් අල්ලන්න ආවොත් සෙරෙප්පුව ගලවලා ඒකෙන් ගහනවා......"

"ඇයි ඒ......?"

"මම ගණිකාවක්‌ නෙවෙයිනේ. මම බ්ලූ ෆීල්ම් කරන්නේ මගේ ෆන් එකට. මගේ ඈංගල් එකෙන් ඒක කුපාඩිකමක්‌ නෙමෙයි."

"ගෙදර අය මේව දන්නවද...?"

"ඔයාට පිස්‌සුද?" ඇය හිස සලා සිනාසී මගෙන් ඇසුවාය. "ගෙදර අය ඔන්න මට මනමාලයෙකුත් බලලා. දැවැද්දකුත් දෙන්නයි යන්නේ.

සමන්ති නමින් පෙනී සිටින ඇගේ සැබෑ නම ........... වීරසුරන්ද්‍ර ය. සමහර විට ලබන අවුරුද්දේ කසාද බඳින ඇය ඊළඟ අවුරුද්දේ දරුවකු හා සැමියා සමඟ මට හමුවනවා ඇත.

"ඔයාට බය නැද්ද සමාජ රෝග හැදෙයි කියලා" මම අවසන් ප්‍රශ්නය නැගුවෙමි.

"නැහැ.........." ඇය සෘජුවම කීවාය. ඒවට ප්‍රිවෙන්ටිව් මෙතඩ්ස්‌ ඇන්ඩ් ප්‍රිකෝෂන්ස්‌ (රෝග හට ගැනීම වළක්‌වන ආරක්‍ෂාකාරී ක්‍රම) තියෙනවා. මම ඒවා සියයට සීයක්‌ම අනුගමනය කරන කෙනෙක්‌.

* * * * * * * * * * * *

සංවිධානාත්මක බ්ලූ ෆීල්ම් කර්මාන්තයක්‌ නැති, හෝටල් කාමර තුළට රිංගාගෙන හෝ පඳුරුවලට මුවාවෙමින් කැමරා ෆෝන්වලින් කාම දර්ශන රූපගත කරන ශ්‍රී ලංකාව වැනි රටක්‌ තුළදි සමන්ති වැනි චරිතයක්‌ අර්ථකථනය කරන්නේ කෙසේද යන්න කාටවත් හිතා ගැනීමට පවා නොහැක. ඇය ජීවත් වන්නේ එක්‌තරා මානසික මට්‌ටමකය.

ඇය ෆන් සහ එන්ජෝයිමන්ට්‌ සඳහා බ්ලූ ෆීල්ම් රඟපාන අතර ඒ මුදල් නයිට්‌ ක්‌ලබ්වලදී වැය කරයි. ඒ මුදල්වලින් ජීවත් වීමට ඇයට වුවමනා නැත. ඇය සිය කැමැත්තෙන් බ්ලූ ෆීල්ම් ක්‍ෂේත්‍රයට පිවිසෙන විට කන්‍යාවකි. ඇය ගැහැනියක වී ඇත්තේ ඇය සමඟÊපළමුවන බ්ලූ ෆීල්ම් එක රඟපෑ නළුවා අතිනි.

මෙයට වසර 05 කට පෙර, 2010 නොවැම්බර් 9 වැනිදා හෝ ඊට ආසන්න දිනක ශ්‍රී ලංකා පොලිසිය 'ශ්‍රී ලාංකික බ්ලූ ෆීල්ම් නළු නිළියන්' 85 දෙනකුගේ ඡායාරූප පුවත්පත්වලට නිකුත් කළේය. මේ අයගෙන් 81 දෙනෙක්‌ තරුණියන් වූ අතර 4 දෙනෙක්‌ තරුණයෝ වූහ. එහෙත් පුවත්පත් මේ පින්තූර පළකිරීමෙන් වැළකී සිටියහ.

මන්ද පොලිසිය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට දැන සිටියාට පත්තරවල ඡායාරූපවල පළකිරීම සම්බන්ධයෙන් තිබෙන නීති දැන නොසිටි බැවිනි. ඡායාරූපයක්‌ යනු නූතන තාක්‍ෂණය මගින් වෙනස්‌ කළ හැකි දෙයකි. මේ ඡායාරූප පුවත්පත්වල පළවූ විට ඒවායේ සිටින තරුණියක්‌ හෝ තරුණයෙක්‌ තමා බ්ලූ ෆීල්ම් නිළියක්‌ බව ඔප්පු කරන ලෙස අභියෝග කරමින් අදාළ පුවත්පත්වලට විරුද්ධව අපහාස නඩුවක්‌ ගොනු කළොත් පුවත්පත්වල ගැලවුම්කරුවා වශයෙන් පොලිසිය ඉදිරිපත් වන්නේ නැත.

සාමාන්‍යයෙන් මෙවැනි පින්තූර පුවත්පතක පළ කරන විට පොලිසිය සමඟ ගිවිසුමක්‌ අත්සන් කළ යුතුය. පින්තූර පළ කරන පුවත්පතට එරෙහිව නඩුවක්‌ ගොනු වුවහොත් පුවත්පත වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට/ සාක්‍ෂි දීමට/ නඩු ගාස්‌තු දැරීමට පොලිසිය එන බවට එම ගිවිසුමේ සඳහනක්‌ තිබිය යුතුය. එහෙත් එවැනි ගිවිසුම් අත්සන් කිරීමට නෛතික ප්‍රතිපාදන පොලිස්‌ දෙපාර්තමේන්තුව සතුව නැත.

ඉහත සඳහන් තරුණ තරුණියන් ශ්‍රී ලාංකේය කාම වෙබ් සයිට්‌ 180 ක තිබෙන බ්ලු ෆීල්ම්වල රඟපා ඇත. මේ පින්තූර යටත් වන්නේ 1983 අසභ්‍ය ප්‍රකාශන ආඥාපනතටය. අසභ්‍ය ප්‍රකාශන (පින්තූර, පොත්පත්, චිත්‍රපට) බෙදාහැරීම, ප්‍රදර්ශනය සහ දැන්වීම් මගින් ප්‍රවර්ධනය කරන තැනැත්තකු එයට වැරදිකරුවකු, වැරදිකාරියක වූ විට ඔහුට හෝ ඇයට රුපියල් 10,000 ක්‌ දඩ ගසා තුන් මසකට හිරේ දැමීමට ඉහත සඳහන් පනතට බලතල ඇත. 2010 වන විට ශ්‍රී ලංකා පොලිසිය බ්ලූෆීල්ම් අඩංගු වෙබ් සයිට්‌ 100 බැගින් සතිපතා තහනම් කරමින් සිටියේය. එහෙත් අන්තර්ජාලය යනු වෙබ් සයිට්‌ සාගරයකි. බ්ලූ ෆීල්ම් ආකරයකි. ආණ්‌ඩුව එක්‌ බ්ලූ ෆීල්ම් වෙබ් අඩවියක්‌ තහනම් කරන විට තවත් වෙබ් අඩවි ගණනාවක්‌ ඔස්‌සේ  එකී තහනම් කළ වෙබ් අඩවිය නැරඹිය හැකිය.

මෙහිදී කිව යුතු තවත් වැදගත් කාරණයක්‌ තිබේ. එනම් පොලිසිය විසින් මාධ්‍යයට එදා නිකුත් කෙරුණ පින්තූර සමහරක එකම නිළිය දෙතුන්පලක සිටින බවය. විවිධ කෝණවලින් ගත් පින්තූරවලදී ඔවුන් එකම නිළිය දැක ඇත්තේ නිළියන් දෙදෙනකු ලෙසය. කෙසේ වුවද නිල් චිත්‍රපට කර්මාන්තයේදී දඬුවම් ලැබිය යුත්තේ නළු නිළියන්ට වඩා නිෂ්පාදකයන් සහ අධ්‍යක්‍ෂවරුන් ය. සැබෑ වරදකරුවෝ ඔවුහුය. එහෙත් පොලිසිය කරන්නේ අත ළඟම ඇති මුව හමට තැලීමය. Nemo punitur pro alieno delicto යන ලතින් කියමන මෙහිලා සඳහන් කරමු. කෙනකුගේ වරදට තව කෙනෙකුට දඬුවම් නොකළ යුතුය යන්න එහි සිංහල තේරුමය.


(උපුටාගැනීම දිවයින පුවත්පතෙන්)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top