දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට සැකකෙරෙන ලිපියක් ලියූ සටහනක් සහිතව යාපනය කොක්කුවිල් ප්‍රදේශයේදි පාසල් සිසුවෙකු අද(26) උදෑසන දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා. මළසිරුර ආසන්නයේ තිබියදී අදාල ලිපියද හමු වූ බවට යාපනය කොක්කුවිල් ප්‍රදේශවාසීන් පවසනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ රෙජ්ස්වරන් සෙන්දුරන් නමැති යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 18 හැවිරිදි පාසල් දරුවෙකු එලෙස කෝච්චියට පැන සියදිවි නසාගෙන ඇති බවයි.
දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු බවට තමන් ඉල්ලීම් කොට ඇති අතර, සියලූම දේශපාලන සිරකරුවන් පුනරුත්තාපනය කොට නිදහස් කරන්න යනුවෙන් සඳහන් කරමින් සඳහන් කරමින් තිබූ ලිපියක් මළ සිරුර සමීපයේ තිබියදී හමු වූ බවට කොක්කුවිල් ප්‍රදේශවාසීන් පැවසූහ.
ප්‍රදේශවාසීන් පැවසූවේ කෝපායි උතුර ප්‍රදේශයේ පදිංචි උසස්පෙල අංශයෙන් කලා විෂය හැදෑරු සිසුවෙකු එලෙස මියගොස් ඇති බවයි.