මිය යන විට ඔහු 74 වන වියේ පසුවුණා.
රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඔහු අද අලුයම මිය ගිය බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.
රසිකයින් අතර ජනාදරයට පත්වූ ගීත රැසක් රචනා කළ ඔහුගේ ගී රචනාවලට පරම්පරා කිහිපයක ගායකයින් විසින් පණ පෙවීම විශේෂත්වයක්.
චන්ද්‍රිකා සිරිවර්ධන, පණ්ඩිත් අමරදේවයන් සමග ගායනා කළ කැන්දන් යන්නේ කවදද මා, එච්.ආර්. ජෝතිපාලයන් ගැයූ බිදක් රැදී අසන් ලදේ, මාලනී බුලත්සිංහ ගැයූ සඳ මඩලේ සිට, දයාරත්න රණතුංගයන් ගායනා කළ සම කෝණී ත්‍රිකෝණයකි, සුජාතා අත්තනායක ගැයූ සතරවටින් කළුකරගෙන වහින වේලාවේ, සුනිල් එදිරිසිංහයන් ගැයූ වාදකයාණෙනි ඔබේ සිතාරය, ගුණදාස කපුගේ ගැයූ නාඹර ගොයමට, ටී,එම්. ජයරත්න ගැයූ මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ, රූකාන්ත සමග චන්ද්‍රලේඛා ගැයූ සඳලේඛා, කීර්ති පැස්කුවෙල් ගැයූ රිදී සීනු සිනාවේ, පුන්සිරි සොයිසා ගැයූ ගංගා දියවැල් ගලා මෙන්ම සන්ෆලවර් ගැයූ ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දගලන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් නිර්මාණය කළ ජයප්‍රිය ගී පදවැල් කිහිපයක්.
පසුගිය දින කිහිපය පුරා සමන් චන්ද්‍රනාත් වීරසිංහ සිටියේ තරමක් අසනීප තත්ත්වයකින්.
සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් ගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බවයි පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
පහතින් දැක්වෙන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් ලියූ ගී කීපයක් :-
කියයි මිහිරි කතා - ධනපාල උඩවත්ත
බිඳුවක් ඉවසා - පුන්සිරි සොයිසා
ගංගා දියවැල් ගලා - පුන්සිරි සොයිසා
කැන්දන් යන්නේ කවදද මා - පණ්ඩිත් අමරදේව + චන්ද්‍රිකා සිරිවර්ධන
බිඳක් රැදී අසන් - එච්.ආර්. ජෝතිපාල
සඳමඩලේ සිට - මාලනී බුලත්සිංහල
සමකෝණී ත්‍රිකෝණයකි - දයාරත්න රණතුංග
හිම රේණු වැටෙනා - ලතා වල්පොල + ග්‍රේෂන් ආනන්ද
සතර වටින් කලු කරගෙන වහින වෙලාවේ - සුජාතා අත්තනායක
වාදකයාණනි ඔබේ සිතාරය - සුනිල් එදිරිසිංහ
නාඹර ගොයමට - ගුණදාස කපුගේ
මට තනි නැත නුඹ නාඬන් සුරතලියේ - ට්.එම්.ජයරත්න
කවියක් වෙන්නද ඕනේ - නීලා වික්‍රමසිංහ
සුරංගනාවක් සදිසි මෙනෙවියක් - ආචාර්ය වික්ටර් රත්නායක
සඳලේඛා - රූකාන්ත ගුණතිලක + චන්ද්‍රලේඛා පෙරේරා
රණ්ඩු වෙවී යාලු වෙවී - චන්ද්‍රිකා සිරිවර්ධන + සුනිල් සිරිවර්ධන
කවිකාරියේ - කීර්ති පැස්කුවල් + ධම්ම්කා වල්පොල
වරුසාවේ වලාකුල් සලාලා - කීර්ති පැස්කුවල්
රිදී සීනු සිනාවේ - කීර්ති පැස්කුවල්
සිතක කොහේ තිබුනාදෝ ආදරේ - සමිතා මුදුන්කොටුව + ජයසිරි වටරැක
වාලුකා කතරේ - නිරෝෂා විරාජිනි
සෙව්වන්දියකට පෙම් බැන්දා - පුන්සිරි සොයිසා
මුදු කෝමල ගෑනු ළමයිනේ - නලින් පෙරේරා
කොවුලා අමතනු නෑ මට ඇසුනේ - සුනිල් සිරිවර්ධන
නිදාගන්න රත්තරන් - නිරංජලා සරෝජනී
සුදු රෝසයි මුහුණ පුරා - ජයන්ත දිසානායක
හැඩකාරයි මං පොඩ්කාලේ - චන්ද්‍රානි ගුණවර්ධන
ඔබ අහසයි - එච්. ආර්. ජෝතිපාල + චන්ද්‍රානි ගුණවර්ධන
ඉගිල්ලෙන්න - චන්ද්‍රිකා සිරිවර්ධන
නැව් නැගිලා ඇවිදින් - එඩ්වඩ් ජයකොඩි + උරේෂා රවිහාරි
ලතා මඩුල්ලක් කතා කරනවා - එඩ්වඩ් ජයකොඩි + චන්ද්‍රානි ගුණවර්ධන