15 හැවිරිදි සිසුවෙකු සමග ලිංගික සබඳතාවයක් තබා ගත් කාන්තාවක වසර 6 යි මාස 2ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
මෙලෙස සිර දඩුවම් නියම කර ඇත්තේ, 35 හැවිරිදි ගුරුවරියකට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ සිසුවා සමග ඇය එළිමහන් පරිසරයේදී සංසර්ගයේ නිරතවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගුරුවරිය විසින් මෙම සිසුවා වෙත නොයෙකුත් ආකාරයේ කෙටි පණිවුඩ යොමු කර ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබෙනවා.
මෙම කාරණාව පාසල පුර ප්‍රචලිතවීමෙන් අනතුරුව එම සිසුවා හට පාසලෙන් ඉවත්වීමට පවා සිදුව ඇති බව සඳහන්.