නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරය දින 3කට වසා තබන බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් නිවේදනය කර තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ සති තුනකට පසු නවසීලන්තයෙන් කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු වාර්තා වීමත් සමඟ අග්‍රාමාත්‍යවරිය එම තීරණයට එළඹ ඇති බවයි.
අවසන් වරට නවසීලන්තයෙන් ආසාදිතයන් වාර්තා වී තිබුණේ පසුගිය ජනවාරි 24 වනදා වන අතර, නිරෝධායනයට ලක්වෙමින් සිටි යුවළක් සහ ඔවුන්ගේ දියණිය කොරෝනා ආසාදිත බවට ඊයේ පස්වරුවේ හඳුනා ගැණුනා.
මේ දක්වා නවසීලන්තයෙන් වාර්තාවී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,328 ක් වන අතර, එරටින් වාර්තා වී ඇත්තේ මරණ 25ක් පමණයි.