අපි කා අතරත් ජනප්‍රිය නිලියක් වුණු උපේක්ෂා ස්වර්ණමාලි පහුගිය කාලේ දේශපාලනයට පැමිණීමත් සමඟින් ඇය ගැන හැමෝම කථාකරන්න පටන් ගත්තා. ඒ හැමදේම අතරේ තමන්ගේ ජීවිතේ තවත් අමාරු තීරණයක් ඇය අරන් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. මොකද ඇය මේ වෙනකොට පෙම්වතියක් වෙලා ඉන්නේ.
ඒ ආදරවන්තයා කවුද කියලා වගේම ජීවිතේ වැරදුණු තැන් හදාගෙන ආයෙත් අලුත් ජීවිතයක් පටන්ගත්ත එක ගැන අහන්න හිරු ගොසිප් අපි උපේක්ෂා ස්වර්ණමාලි සම්බන්ධ කරගත්තා.
අපි උපෙක්ෂාගෙන් ඇහුවේ ඇයගේ පෙම්වතා කවුරුද කියලා තාමත් හංගන් ඉන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ ඇය අපිට කීවේ මේ දෙන්නාට ආදරය කරන අය වගේම වෛර කරන පිරිසක් ඉන්න නිසා දැන්මම ඇගේ පෙම්වතා කවුරුන්ද කියන එක හරි නෑ කියලා. ඒ වගේම දෙන්නාගේ වැඩි ආරක්ෂාවටත් ඒක හොඳයි කියලා උපේක්ෂා අපිත් එක්ක කීවා.
ඒ වගේම තමන්ගේ දේශපාලන දිවියේදී ආසන සංවිධායක ධුරයක් තමන්ට නොලැබුනොත් ඡන්දේ නොඉල්ලා ඉන්නත් උපේක්ෂා තීරණය කරලා තියෙනවා කියලා ඇය අපිට කීවා.
උපෙක්ෂා සමග අප කළ සංවාදය පහතින් අහන්න..
සංවාදය නිසලී ප්‍රබුද්ධිකා