Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
07
"තාත්තා නිළියන්ගේ අත් අල්ලාගෙන හිටපු පින්තූර දැක්කොත් මම ඒ රූපේ කුරුටු බලි අඳිනවා, දවසක් මම පෑනකින් මානෙල් ඇන්ටිගේ මුණ හිල් කළා.." - ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ දියණිය කියන කතාව

- "තාත්තා නිළියන්ගේ අත් අල්ලාගෙන හිටපු පින්තූර දැක්කොත් මම ඒ රූපේ කුරුටු බලි අඳිනවා, දවසක් මම පෑනකින් මානෙල් ඇන්ටිගේ මුණ හිල් කළා.." - ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ දියණිය කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

64 Views
"මම ඒ කාලේ බය වුණා මගේ තාත්තාව වෙන අය අයිති කර ගනියි කියලා.."

"තාත්තා කිව්වා විභාගය නොකර හිටියා කියලා ලැජ්ජාවක් නැහැ කරන්න අමාරුනම් කරන්න එපා කියලා.."

ඉපදුනු ගමට , හැදිවැඩුණු රටට මෙන්ම මුළු මහත් සමාජයටම අව්‍යාජ සිනහව දශක ගණනක් පුරා බෙදු ජනප්‍රිය රංගන ශිල්පී ටෙනිසන් කුරේ ස්වර්ගස්ථ වී දින කිහිපයක් ගත වුණා. ඔහුගේ මතක තවමත් හැම සිතකම එලෙසින්ම තියෙද්දී ඔහුගේ මතක සුවද ඔහුගේ ආදරණිය එකම දියණියගේ සිතින් කොහොම මකා දමන්නද. ඇය මධු මිහිරි කුරේ ප්‍රනාන්දු. තම ආදරණිය පියා ගැන මතකය අවධි කරන්න ඇය මෙලෙසින් අප සමඟ කතාබහකට එකතු වුණා. මේ ඒ කතාබහයි.

මුලින්ම ඔබ ගැන කිව්වොත්..?
මම බිෂොප් විද්‍යාලයේ ගුරුවරියක් විදිහට රාජකාරි කටයුතු කරනවා. ඊට අමතරව දරුවන්ට වගේම ගුරුවරුන්ට පුහුණු උපදේශිකාවක් විදිහට කටයුතු කරනවා. මම පවුලේ එකම දරුවා. මම විවාහකයි. මගේ සැමියා චතුරංග ප්‍රනාන්දු. ඔහු ශබ්ධ පරිපාලන ඉංජිනේරුවරයෙක් හැටියට කටයුතු කරන අතර තුර ව්‍යාපාරයකුත් කරනවා. අපිට දරුවෝ දෙන්නයි. දුව බිෂොප් විද්‍යාලයේ 9 වසරේ ඉගෙන ගන්නවා. පුතාගේ වයස අවුරුදු 16යි. එයා ඉගෙන ගන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ. මගේ අම්මා මැල්සිරි කුරේ.

ඔබ ඉපදෙන විටත් ඔබේ පියා නළුවෙක්ද..?
එතකොට තාත්තා පල්ලියේ නාට්‍ය කණ්ඩායමේ රඟපාලා තියෙන්නේ.

ඔබේ පියා නළුවෙක් කියලා ඔබට තේරුණේ ඔබට වයස කියේදීද..?
එතකොට මගේ වයස 7ක් හෝ 8ක් ඇති. මට මතකයි තාත්තාට ලැබුණු ප්‍රතිචාර. ඒ කාලේ තාත්තා නිළියන්ගේ අත්පටලගෙන පින්තූර පත්තරවල යද්දී මම තරහින් අඬලා තියෙනවා. මානෙල් වානගුරු මහත්මිය එක්ක තාත්තා අත් අල්ලාගෙන හිටපු පින්තූරයක් දැකලා මම පෑනකින් මානෙල් ඇන්ටිගේ මුණ හිල් කළා, පින්තුරේ කුරුටු ගානවා. මම හිතුවේ තාත්තා මගේ විතරයි කියලා. එක එක්කෙනා තාත්තව අයිති කර ගනියි කියලා පුංචි කාලේ මම බය වුනා. ඒ වගේම තාත්තා නිලියෝ එක්ක රඟපාන ඒවා දැකලා මම දුක් වෙලා තියෙනවා. ඒ කාලේ මට තාත්තගේ විහිළු වලින් ජනතාව මට විහිළු කරද්දී මම අඬනවා.

පස්සේ තමයි තේරුම් ගත්තේ මේ හැමදෙයක්ම රඟපෑමක් කියලා. එතකොට මම උසස් පෙළ කරනවා. තාත්තා සීරියස් චරිතයක් කරලා මම තාත්තාට කිව්වා තාත්තේ තාත්තා හාස්‍ය රංගන ශිල්පියෙක් විදිහටම ඉන්න කියලා. මොකද වචන වලින් හැමෝටම පුළුවන් කෙනෙක්ව අඩවන්න. නමුත් හිනස්සන්න හැමෝටම බැහැ. ඒක වෙනස්ම දක්ෂකමක්. තාත්තේ මරනේදී තමයි මම විශ්වාස කළේ තාත්තාට මුළු ලංකාවම ආදරෙයි කියලා. ඒක පුදුමාකාර දෙයක්. දෙවියන් තාත්තාට දුන් ආශීර්වාදයක් වගේ.

මධු මිහිරි කුරේ කියන චරිතය එළියට එන්නේ පියාගේ වියෝවීමත් එක්කයි..ජනප්‍රිය කලාකරුවෙකුගේ දියණියක් වෙලා ඇයි ඔබ නිහඬ වෙලා හිටියේ කලාකාරිනියක් නොවී..?
මට ආසාවක් තිබ්බා තාත්තා වගේ රඟපාන්න. නමුත් ඒකට තාත්තාගේ කැමැත්තක් තිබ්බේ නැහැ. නිර්මාණ දෙක තුනකට පුංචි චරිත රඟපාලා තියෙනවා. තාත්තා නිතරම කිව්වේ පුතේ ඔයා හොඳට ඉගෙන ගන්න කියලා. මම තාත්තගේ ඒ ආසාව ඉටු කළා. මම උසස්පෙළ හොදින් සමත් වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙලා උපාධිය ලබා ගත්තා. ඒ වගේම පශ්චාත් උපාධිය ගත්තා. බිෂොප් විද්‍යාලයේ ගුරුවරියක් විදිහට සේවය කරනවා. ඉදිරියේදී විශ්ව විද්‍යාලවල බාහිර කථිකාචාර්යවරියක් හැටියටත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉගෙනීම නිසා තමයි කලාව මගහැරුණේ.

පියා ඔබේ අධ්‍යාපනයට වැඩි අවධානයක් දුන් නිසා ඔබ දුර්වල වෙද්දී ඔබේ පියා දඩුවම් දීලා නැද්ද..?
කොහෙත්ම නැහැ. මම උසස්පෙළ කරන කාලේ මගේ යාලුවෝ කිව්වා ඒ සාමාර්ථ 3ක් අරගෙන විශ්ව විද්‍යාල ප්‍රවේශය ගත්තේ නැත්තම් ගෙදරින් එලවනවා කියලා අම්මාලා තාත්තලා කිව්වා කියලා. මම ගෙදර එකම ළමයා. ඒ නිසා මගෙනුත් මගේ තාත්තා ඒ දේම බලාපොරොත්තු වෙනවා ඇති කියලා මම ලොකු පිඩනයක හිටියා. විභාගයට මාස කිහිපයක් තියෙද්දී ඒ පීඩනය වැඩි වුනා. මම පීඩනයෙන් ඉන්නේ කියලා තාත්තාට දැනුනා. තාත්තා මගෙන් ඇහුවා පුතේ ඔයාට උසස්පෙළ කරන්නම ඕනද කියලා. මම කිව්වා විභාගය කරන්නේ නැතුව ඉන්න ලැජ්ජයිනේ කියලා. තාත්තා කිව්වා විභාගය නොකර හිටියා කියලා ලැජ්ජාවක් නැහැ කරන්න අමාරුනම් කරන්න එපා කියලා. මම කිව්වා නැහැ මම විභාගය කරන්නම් කියලා. එතකොට තාත්තා කිව්වා ඔයා ඒ 3ක් ගත්තොත් මම රුපියල් 100ක් දෙනවා බි සමර්ථ 3ක් ගත්තොත් 200 ගානේ 3ක් දෙනවා. සී 3ක් ගත්තොත් 300 ගැනේ 3ක් දෙනවා එස් ගත්තොත් 500 ගානේ තුනක් දෙනවා කියලා. ෆෙල්වුනොත් තුන්දාහක් දෙනවා කියලා. ඒ නිසා ඔයා ඒ සමර්ථ ගන්න දගලන්න ඕන නැහැ කිව්වා. ඒ හයියෙන් තමයි මම උසස්පෙළ සමත් වුනේ. දරුවන්ට කිසිම පීඩනයක් නොදුන් තාත්තා කෙනෙක් තමයි මගේ තාත්තා. ඔහු හැම දෙමපියෙකුටම ආදර්ශයක්.

ජනප්‍රිය විහිළුකාර චරිතය පවුල් ජිවිතයක් ගත කරන හැටි ඔබ අත්විදින්න ඇති. රූප පෙට්ටියේ දකින තාත්තා පවුල ආරක්ෂා කළේ කොහොමද විහිළුවෙන්මද..?
තාත්තා විහිළු කරලා විනෝදෙන් ඉන්න කෙනෙක්. නමුත් රූප පෙට්ටියේ විතරයි නළු භූමිකාව කළේ ගෙදරට එන්නේ සාමාන්‍ය මනුස්සයෙක් වගේ. තාත්තා මට සාමාන්‍යයි. හරිම අරපිරිමැස්මෙන් පවුල රැක්කා. පවුල ගැන බැලුවා. මට මගේ අම්මට ආදරේ උපරිමයෙන් දුන්නා. අපි ගැන නිතරම හොයලා බැලුවා. අපි තුන්දෙනා හිටියේ යාලුවෝ වගේ. රහස් නැහැ. මට ජීවිතේටම ගහලා තියෙන්නේ එක දවසයි. එදා මට තාත්තා ගහලා හොඳටම ඇඩුවා මට මතකයි. තාත්තා ඇතුලේ ගුණයහපත් පුද්ගලයෙක් හිටියා. එයා අසනීප වෙලා ඉන්නකොටත් මිනිස්සුන්ට ගෙවල් හදලා දීලා, සල්ලි දීලා. අපි දන්නේ තාත්තාගේ මළගෙදරට ඇවිත් ඒ අය කියද්දී. ඒ තරම්ම තාත්තා උතුම් මනුස්සයෙක්.

ඔහුට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් චෙක්පතක් ලබා දුන්නා. එය ප්‍රතික්ෂේප කළෙත් ඒ නිසාම නේද..?
සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් තාත්තා අසනීප වෙලා කියලා දැනගෙන චෙක්පතක් එවලා තිබ්බා. අනුෂා ගෝකුල මහත්මිය දන්නවා තාත්තා ජනතාවට උදව් කරනවා කියලා. තාත්තා එය නැවත හරවා යැව්වේ අසරණ මිනිසුන්ට ඒ මුදල් වියදම් කරන්න කියලා. මොකද තාත්තා රඟපෑමෙන් මුදල් ලැබුනා. මම හිතන්නේ තාත්තා තමයි වැඩිම මුදලක් අය කළ නළුවා. ඒ නිසා තාත්තාට හිගයක් තිබ්බේ නැහැ මුදල්වල.

ටෙනිසන් කුරේ මහතා අසනීප වෙන්නේ හිටි හැටියේ නේද..?
තාත්තට අවුරුදු 16 විතර කලින් වකුගඩුවක ප්‍රශ්නයක් ආවා. නමුත් ඒක එතරම් බරපතල තත්ත්වයක් නෙමෙයි කියලා වෛද්‍යවරු කිව්වා. නමුත් හැම අවුරුද්දකම පරීක්ෂණ කළා. 2018 වර්ෂයේ ජුනි වල තමයි තාත්තගේ වකුගඩුවක ගෙඩියක් කියලා අයින් කරන්න කිව්වේ. ඒත් එක්කම පිත්තාශයේ ගල් ඇවිත් එය ඉවත් කළා. නමුත් මෙච්චර ඉක්මනට මැරෙන්න හේතුවක් තාත්තාට තිබ්බේ නැහැ. එක පාරටම ආ හාර්ට් ඇටැක් එකකින් තමයි තාත්තා නැති වුනේ. නැතිවෙන්න කලින් දවසෙත් තාත්තා ඇවිදලා හොදින් හිටියා.

ඔහු අවසන් මොහොතේ මොනවාද කිව්වේ..?
තාත්තා අන්තිම මොහොතේ කිසිම දෙයක් කිව්වේ නැහැ. එදා ඇදෙන් බැහැලා ඇවිදලා හිටපු තාත්තාවත් හිතන්න නැතුව ඇති මෙච්චර ඉක්මණට නැති වෙයි කියලා. මගේ පුතාට තාත්තා කිව්වා පුතේ මම මැරෙන්න බය නැහැ. මට ඕන සුන්දර මතකයක් කියලා. ඒ වගේම තාත්තා අන්තිම දවසේ කිසිම වේදනාවක් විදින්නේ නැතුව සුවසේ නිදා ගත්තා. කොහොමත් තාත්තා අන්තිම කාලේ දුක් වින්දේ නැහැ. තාත්තාට බොහෝ දෙනෙක් ආදරේ කළා. ඒ ආදරේ තාත්තා නැතිවුණු මොහොතේ අපි දැක්කා. තාත්තාට ආදරේ කළ හැමෝටම ස්තුතියි. ඒ වගේම තාත්තාට ප්‍රතිකාර කළ සියලුම වෛද්‍යවරුන්ට කාර්යමණ්ඩලයට මම ස්තුති කරනවා. කළ සියලු උදව්වලට. තාත්තාව උපරිමයෙන් බේරා ගන්න උදව් කලාට.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top