පෙට් රල් දාලා ගිනිතියන්න පුලුවන්නම් හිතේ කොනකවත් කොහෙද ආදරයක්??
ප් රශ්ණ නොවෙන ජීවිත කොහෙද තියෙන්නේ. විසදන්න බැරි ප් රශ්ණ කොහෙද තියෙන්නේ. මේ සිද්ධියේදි මිනිහට කෙල්ල ගෙදර ආපු එක ඉවසන්න බෑ. හැබැයි වහලෙටත් නැගලා, හරියටම ඇදට උඩින් තියෙන උළු කැටේ හොයන්නත් ඌට ඉවසීම තිබුණානම්, පෙට් රල් ටික කෙල්ලටත් නොදැනෙන්න ඉලක්කෙටම වක් කරන්නත් ඉවසීම තිබුණනම්, ගිනිකූරු පත්තු කරලා පහලට වැටෙද්දි නිවෙන ගිනිකූරක් ගානේ කරන්නෙ වැරැද්දක්ද කියලා ආයෙ ආයෙමත් හිතන්න තිබුණා, ආදරේටද මේක කරන්නේ කියලා.
මිනිස්සු 100දෙනෙක් අරගෙන බූට් එකක් කෑවම මොකද කරේ කියලා ඇහුවම, 80% කියන්නේ මොනා කරන්නද බං, ඕන ..... කරගත්තදෙන්, මාත් හිත හදාගත්තා කියලා. ඒ කුණුහරපෙන් කියවෙන්නෙම උගේ ඉවසීමට යටින් තියෙන ආදරේ..තව සමහර උන් බලං ඉන්නවා කියලා වෙලාව ගන්නවා. කාලයත් එක්ක ඌට තේරෙනවා ආයෙමත් පරණ දේවල් ගොඩ දාන්න අමාරුයි කියලා. සමහර උන් හොද තැනකට එන්න පාර හදාගන්නවා.
තව සමහරු කවදාහරි හම්බුනාම, ඒකි ගියාට හොදට හිටියා කියලා පෙන්නන්න පසුබිම හදාගන්නවා. තව එක එක ක් රම හොයාගන්නවා.
උන්ගෙන් සමහරු බොන්නයි, සිගරට් එකටයි පුරුදු වුණා. කොහොම හිටියත් ක්ෂ්ණිකව මේවගේ මරාගෙන මැරෙන්නත් උන්ගේ හිත්වලට එන්න ඇති, වෙන එකෙක් එක්ක යන එක මතක් වෙනකොට ඉවසගන්න අමාරු වෙන්න ඇති, බලෙන් හරි උස්සගෙන එනවා කියලා හිතෙන්න ඇති, වශියක් කරන්න ඕන කියලත් හිතන්න ඇති. හැබැයි දවසක් හරි ලව් කරානම් කොහොමද බං ඕවා කරන්නේ කියලා උන්ටම හිතුනම, අර හිතුන දේවල් යට වෙලා ඉන්න තැනක ඔහේ හිටපුදෙන් කියලා අඩිය පස්සට ගන්නවා.. එහෙම අඩිය පස්සට අරං හිටපු උන්ට කාලයත් එක්ක, මතක් වෙන එකත් හෙනම ආතල් ආදර කතාවක්.. තනියම ආඩම්බර වෙන්න පුලුවන් එකක්...!
කතාව මේකයි, ආදරෙයි, ලිංගික කුහකකමයි කියන්නේ දෙකක්. ආදරේ කියන වචනේ අළු ටික වගේ උඩින් තියාගෙන, ලිංගික කුහකකම ගින්දර වගේ යටින් තියාගත්තම ගිනිගන්නේ ජීවිත ගොඩක්..! එහෙම උන්ට මල මිනියත් ආතල් කියන්නේ නිකම් නෙවෙයි...! VIDEO