80 දශකයේදී ලංකාවේ යොවුන් ගී කණ්ඩායමට තිබුණේ පුදුමාකාර ඉල්ලුමක්. එය නිර්මාණය කරනු ලැබුවේ ජාතික තරුණ සේවා සභාව ප්‍රමුඛ සංගීතඥ ෂර්ලි වෛජයන්ත නම් වූ අපූරු සංගීතවේදියා විසින්.
මේ යොවුන් ගී කණ්ඩායම නියෝජනය කළ ගායක ගායිකාවන් අතර සෝමසිරි මැදගෙදර කියන තරුණ ගායකයාටත් ඉහළ ප්‍රතිචාරයක් තිබුණා.
ඔහු ඒ ප්‍රතිචාරය හොඳින් පවත්වාගෙන ගියා. ඒ විතරක් නෙමෙයි මනුස්සයෙක් හැටියටත් සෝමසිරි සංගීත ක්ෂේත්‍රය තුළ කාගෙත් පිළිගැනීමට ලක්වී සිටියා.
මේ විධියේ මනුස්සකමකින් පිරුණු සෝමසිරි මැදගෙදර පසුගිය කාලයේ මහරගම අපේක්ෂා රෝහලේ පවා ප්‍රතිකාර ලැබුවා.
කොහොම වුනත් ඔහු හදිසියේම මිය ගිය බවට ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් පවතිනවා.
ඒ පුවත ගැන රසිකයින් දැනුවත් කරන්න, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායන ශිල්පියාත් ඉදිරිපත් වෙලා තිබුණා. ඔහු තමන්ගේ මුහුණු පොතේ සටහන් කරලා තිබුණා, සෝමසිරි මැදගෙදර ගැන ව්‍යාජ පුවත් ප්‍රචාරයෙන් වළකින්න කියලා.
ඒ අතරතුර සෝමසිරි මැදගෙදර වීඩියෝවකින් තමන් ඉතාම හොඳින් ඉන්න බව කියලා තිබුණා. ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීම නිසා තමන් අපහසුතාවයට පත් වුනු බවත් ඔහු කියනවා.
එම වීඩියෝව පහතින් බලන්න.....