Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
17
"එයා මගෙන් ඇහුවා කවදද අයින් වෙන්නේ කියලා, ඒ නිසා මම ඒ තීරණය ගත්තා, ළඟදීම මම ඒ ජිවිතයෙන් අයින් වෙනවා.." - ගීතිකා රාජපක්ෂ

- "එයා මගෙන් ඇහුවා කවදද අයින් වෙන්නේ කියලා, ඒ නිසා මම ඒ තීරණය ගත්තා, ළඟදීම මම ඒ ජිවිතයෙන් අයින් වෙනවා.." - ගීතිකා රාජපක්ෂHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"මම ඒ තීරණය ගත්තේ මගේ සැමියා ගැන හිතලා තමයි.."

"මට බොහෝ දෙනෙක් කිව්වා ඒ මෝඩ තීරණය නම් ගන්න එපා කියලා.."

ගීතිකා රාජපක්ෂ කියන්නේ පුංචි තිරයෙන් විවිධ චරිත ඔස්සේ දැකගන්න ලැබෙන රංගන ශිල්පිණියක්. නිරන්තරයෙන්ම රූපවාහිණියේ පෙනී නොසිටියත් ඉදහිට දකින්න ලැබෙන චරිතවලින් ඈ ප්‍රේක්ෂකයින්ගේ හිත දිනා ගන්න සමත් වෙනවා. විවාහයත් එක්ක සිමා වුණු රංගන ජීවිතය ගැන හා අලුත් තොරතුරු කතා කරන්න ඇය මේ විදිහට අපිත් එක්ක එකතු වුනා. මේ ගීතිකා ගැන තොරතුරුයි.


ගීතිකාත් කොරෝනා එක්ක නිවසට කොටු වෙලා ඉන්න ඇති නේද..?
ඔව්. ඒ දවස්වල තමයි මමයි සැමියයි එකට හිටපු සතුටුම කාල සීමාව. වැඩ පටන්ගත්තම එයා කාර්යබහුලයි. මමත් කාර්යබහුලයි. අපි දෙන්නට කතා කරන්නවත් වෙලාවක් නැහැ. සමහර දවස්වල එයා ගෙදර එන්නේ පාන්දර දෙකට විතර. ඒ ඇවිත් පැයභාගයක් අනිවාර්යයෙන්ම නිවුස් බලනවා. ඒ අතරතුර තමයි අපි කතාබහ කරන්නේ. ඊට පස්සේ මම උදෙන්ම ජොබ් එකට යනවා. මම රජයේ රැකියාවක් කරන්නේ. ඒ අතරතුර තමයි නිර්මාණවලට සම්බන්ධ වුණේ .

ඔබ රැකියාවක් කරනවට සැමියා අකමැතියි කියන්නේ ඇත්තද..?
එයා මගෙන් ඇහුවා කවදද අයින් වෙන්නේ කියලා. ඒ නිසා මම තීරණයක් ගත්තා රැකියාවෙන් අයින් වෙනවා කියලා. මොකද එයා මගෙන් එහෙම අහන්න ඇත්තේ එයාගේ හිත ඇතුලේ ඒ ප්‍රශ්නය තිබ්බ නිසා වෙන්න ඇති . එයත් කාර්යබහුල වෙලා මමත් කාර්යබහුල වුනෙත් අපිට සතුටින් ජිවත් වෙන්න වෙලාවක් හොයා ගන්න බැරි වෙනවා. මට පවුල් ජිවිතේ වටින නිසා හිතුවා මම රැකියාවෙන් ඉවත් වෙනවා කියලා.

රජයේ රැකියාවකින් ඉවත් වෙන එක ගැන කණගාටුවක් නැද්ද..?
මගේ අම්මා රජයේ රැකියාවක් කරන කෙනෙක් නිසා අම්මා නිතරම බලාපොරොත්තු වුනේ මමත් රජයේ රැකියාවක් කරයි කියලා. විශ්‍රාම වැටුපක් ලබන එක ලොකු දෙයක්. ඒ නිසයි මමත් රජයේ රැකියාවක් කලේ. ඒත් මගේ හස්බන්ඩ් කැමති නැහැ මම කාර්යබහුල වෙනවා. ඒ නිසා හිත හදාගෙන අයින් වෙනවා. මට බොහෝ දෙනෙක් කිව්වා ඒ මෝඩ තීරණය නම් ගන්න එපා කියලා. නමුත් ඒ තීරණය ගන්න වෙනවා. මුල්ම නෙමෙයි ජිවිතේ කියන්නේ.

ඒ කියන්නේ සැමියා රඟපෑමටත් නීති දාලා ඇති..?
කොහෙත්ම නැහැ. එයාව මට ලැබෙන්න කලින් තමයි මම නිලියක් වුනේ. මම රඟපෑමට කැමතියි කියලා දන්නවා. ඒ නිසා ඒකට නීතිරීති දන්නේ නැහැ. තෝරාබේරාගෙන වැඩ කරන්න පුළුවන්. එයත් කැමතියි. මගේ හස්බන්ඩ් මාලින්ද දික්මාදුගොඩ. එයා ඡායාරූප ශිල්පියෙක්. ඒ නිසා එයා කාර්යබහුලයි.

විවාහ වෙලා තික කාලයක් වෙනවා නේද..?
ඔව්. 2016 වර්ෂයේ අගෝස්තු මාසේ විවාහ වුනේ. නොදැනිම අවුරුදු හතරක් ගෙවිලා ගියා. ඉතුරු කාලෙත් සතුටින් ජිවත් වෙන්න ඕන. හැමදේටම වඩා මම මුල්තැන දෙන්නේ මගේ විවාහ ජිවිතේට.

කොහොමද රඟපෑම් කටයුතු..?
පසුගිය කාලයේ ටෙලි ෆිල්ම් එකක් කළා. ඒක හිරු නාලිකාවේ විකාශය වෙයි. ඊට අමතරව මිහිර සිරිතිලක අයියගේ අලුත් ටෙලි නාට්‍යකට සම්බන්ධ වුනා. පිටපටත් මිහිර අයියගේ. නොදන්න කවුරු හරි ලග හිටියා නම් මට පිස්සු කියලා හිතයි. ඒ තරම්ම පිටපත බලද්දී හිනා යනවා. ඒක ලස්සන වැඩක්. ඊට අමතරව හොද නිර්මාණ ලැබුණොත් ඉදිරියේදී රංගනයෙන් දායක වෙනවා.

ජිම් යන්නේ රල්ලටද..?
නැහැ. ඇඟ ලස්සනට හා නිරෝගිව තියා ගන්න තමයි මම ජිම් යන්නේ. ඒ අතරතුර කෑමබීම ගැනත් පරිස්සම් වෙනවා. නැත්තම් බඩ එනවා. දවල්ට බත් ටිකක් කළා රෑට බිත්තර එළවලු තම්බලා කනවා. යෝගට් එකක් හැටි කළා බඩගින්නේ ඉන්නවා. උදේටත් සැහැල්ලු ආහාරයක් ගන්නේ.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top