එදා යුද පිටියේදී වගේම මෙදා යුද පිටියෙත් ඔවුන් ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඔවුන්ගේ උපරිමයෙන්, රාජකාරියට එහා ගිය දේවකාරියක් කරමින් සිටිනවා.
කොරෝනා මරන සටන පෙරමුණේ ඉන්න හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා, ඔබ නොදන්නවා වෙන්න බැහැ. නිරන්තරයෙන් මුහුණු පොත හරහා ජනතාවට සමීප වෙන ඇය ලියපු සංවේදී සටහනක් අපිට අහම්බෙන් වගේ හමුවුණා.
ඒ... යුද බිමේදී මියැදුණු යුද සෙබළෙකු ගැනයි...
ඇය ලියූ ඒ සංවේදී සටහන පහතින් බලන්න...........
පෙට්ටියක තැන්පත් කර ගෙදර යවන්න
මරණයෙන් පසු ඉහළ දමන මගේ ආත්මයේ පදක්කම් මගේ පපුව මත තබන්න.
මගේ රත්තරන් අම්මට කියන්න මම මගේ උපරිමය රට වෙනුවෙන් කල බව
ජීවිතය බදු මගේ පියාට කියන්න මිනිය හමුවේ හිස නොනමන ලෙස.
ඔහුට මා පිළිබදව කිසිදු ආතතියක් ඇති නොවිය යුතුය.
ඔබ ආඩම්බරයෙන් සිතන්න රණ විරුවෙක් දැයට දායාද කල බවට
මගේ බාල සොයුරාට කියන්න හොඳින් ඉගෙන ගන්න. ආදරෙයි ඔබට!
මට මෙන්ම ඔබ ඇලුම් කල මගේ බයිසිකලයේ යතුර ඔහුට ස්ථිරවම අයිති බව කියන්න.
මගේ එකම සහෝදරියට කියන්න කලබල නොවන්නට.
‘ඇගේ සහෝදරයා හිරු බැස යෑමෙන් පසු දිගු නින්දක් ගත් බව පමණක් පවසන්න’
මගේ රටට ,ජාතියට කියන්න නොහඩන්නට
මම මැරෙන්න ඉපදුණු සොල්දාදුවෙක් නිසා
දශක තුනක යුද්ධයේ තුවාල ලබා මියදුන හමුදා සොයුරෙක් පිළිබදව මතක ආවර්ජනයකි!