මිනිස් වෙස් ගෙන ආ දෙවියෙක්?
සැබෑ අවශ්‍යතා ඇති මිනිසුන්ට උදවු කිරීමට ඉංදීය සුපිරි නලු අමීර් කාන් අපූරු ක්‍රමයක් යොදාගෙන තිබෙනවා.. පාන්පිටි කිලෝ එක බැගින් වූ මලු ලොරියක් රැගෙන දුප්පත් ගම්මාන වෙත ගොස් පාන් පිටි කිලෝ එකක් අවශ්‍යය ඇවිත් ලබාගන්නා ලෙස දැනුම්දී ඇත..
පාන්පිටි කිලෝ එකක් වුවත් වටින දුගී ජනතාව පැමින පාන්පිටි මලු රැගෙන ගොස් ඇත.. නිවෙස් වලට ගොස් එම මලු ලිහා බලද්දී ඒවායේ සගවා තිබූ ඉංදීය රුපියල් 15000ක් ( SLR:35000) හමුවී ඇත..
අතිවිශාල මුදලක් මෙලස බෙදාහැර කිසිදු ප්‍රසංසාවක් නොලබා ඔහු පිටවගොස් ඇත..
ප්‍රසිද්ධිය වෙනුවෙන් මිනිසුන්ගේ අසරණකම විකුනගෙන කන සියලු දෙනාටම මෙම සිද්දිය දරුනු අතුල් පහරක් වනු ඇත..
කෙසේ වෙතත්, මෙම පුවත අසත්‍ය පුවතක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.
කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමඟ අසත්‍ය පුවත් රැසක් මුහුණුපොතේ සහ වට්ස්ඇප් යෙදවුම් තුළ හුවමාරු වෙමින් පවතින් අතර මේ සම්බන්ධයෙන් ලෝක බලවතුන්ගේ ද අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම ව්‍යාජ පුවත් නිර්මාණකාරුවන් මීට ඉහත "ඉතාලි වෛද්‍යවරුන් දෙදෙනෙකු වැළඳගත්" ඡායාරූපයක කතාවකුත් මුහුණු පොතට එක් කර තිබුණා.
අමීර් ඛාන්ගේ මෙම පුවත ද එසේ නිර්මාණය කරන ලද්දක් බවයි වාර්තා වන්නේ.
මෙය වීඩියෝවක් ලෙසින් මුලින් හුවමාරු වූ නමුත්, එහි අමීර් ඛාන්ගේ නමක් හෝ සඳහන් වී නැහැ.
නමුත් පසුව එය භාවිතා කරමින්, ව්‍යාජ පුවත් මවන්නන් අපූරු කතාවක් ගොතන්නට සමත්ව තිබෙනවා.
ට්විටර් පරිශිලකයින් බොහෝ දෙනෙකු අතරේ මෙම ඡායාරූප සටහන වෛරසයක් මෙන් හුවමාරු වී ඇති නමුත්, මේ සම්බන්ධයෙන් අමීර් ඛාන් හෝ ඔහුගේ කණ්ඩායමේ කිසිවෙකුත් අදහස් දැක්වීමක් සිදු කර නැහැ.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.)

