Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
26
කිම් පවුල සඳහා වෙන් කර ඇති දුම්රියක්, හොර රහසේම ගියේ උතුරු කොරියානු ඒකාධිපතියාගේ දේහය රැගෙන ද..? - Video & Photos

- කිම් පවුල සඳහා වෙන් කර ඇති දුම්රියක්, හොර රහසේම ගියේ උතුරු කොරියානු ඒකාධිපතියාගේ දේහය රැගෙන ද..? - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ලොවම කළඹමින් එළියට ආපු කිම් ජොන්ගේ කෙරුවාව..

කිම් ජොන් ගැන, ලෝක බලවතා ට්‍රම්ප්ගෙනුත් ප්‍රකාශයක්...

ට්විටර් වල ජනප්‍රිය #KimJongUndead හෑෂ්ටෑගයේ තේරුම මොකද්ද?
 
කිම් ජොන් අන්.. කවුරුත් දන්න, උතුරු කොරියාවේ දඩබ්බර පාලකයා තමයි ඔහු... ලෝකයම කොරෝනා ගිල ගනිද්දී, උතුරු කොරියානු නායකයා හිටි ගමන් අතුරුදහන් වුණා.


ඔහු කොහෙද? ඔහුටත් කොරෝනා ආසාදනය වුණාද? එහෙනම්.. අතුරුදහන් වුනේ ඇයි? කියන්න කවුරුත් දැනන් හිටියේ නෑ. උතුරු කොරියානු රජයත් මේ ගැන හිතාමතාම වසං කරන්න පටන් ගත්තා.
 
කොහොම වුණත්, අපි බලමු... කොරෝනා ව්‍යාප්තියත් එක්ක උතුරු කොරියාවේ නායකායට ඇත්තටම මොකද වුණේ කියලා.
 
මුලින්ම ආපු ආරංචිය තමයි, කොරෝනාවට බයෙන් කිම් ජොන් වෙරළබඩ නගරයකට පැන ගොස් ඇති බව‍..
 
ඊළඟ ආරංචිය...
 
දකුණු කොරියාවේ මාධ්‍යයක් සඳහන් කර තිබුණා, කොරෝනාවෙන් උතුරු කොරියාවේ සෙබළුන් 180කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව.
 
මේ ගැන හෙළි කරන්නේ 'වෝසන් ඉල්බෝ' කියන පුවත්පත.
 
කොරෝනා මරණ ගැන උතුරු කොරියාව වසං කරන කාල සීමාවක අපිට තවත් පුවතක් අහන්න ලැබෙනවා.
 
ඒ තමයි.. කොරෝනා හුටපට මැද්දේ උතුරු කොරියාව විසින් නව මිසයිලයක් අත්හදා බැලූ කතාව.
 
කොහොම වුණත්..
 
මේ හැම කතාවක්ම අවසානයේ අපිට දැන කියාගන්න ලැබෙනවා, උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය පිරිහී ඇති බවත්, ඔහුගේ හදවතේ සැත්කමක් සිදු කළා කියලත්.. මේ බව හෙළිදරව් කරන්නේ ඇමරිකානු බුද්ධි අංශ නිලධාරින් විසිනුයි. ඔවුන් පෙන්වා දුන්නේ උතුරු කොරියානු නායකයා ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි. (නමුත් උතුරු කොරියානු පුවත්පත් නම් මේ කතන්දර සියල්ලම ප්‍රතික්ෂේප කරනවා.)
 
කෙසේ වෙතත්, කිම් ජොන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් උත්සන්නව ඇති බවත්, ඔහු එක්කෝ මියගොස් හා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක් මඟින්ම ප්‍රකාශයට පත් කර තිබුණා.
 
'හොංකොං සැටලයිට් ටෙලිවිෂන්' (HKSTV) හි උප අධ්‍යක්ෂක සිංසෝ පවසන්නේ, "උතුරු කොරියානු නායකයා මේ වන විටත් මියගොස්" ඇති බවයි.
 
තවත් ජපාන මාධ්‍ය ආයතනයක් කියා තිබුණේ කිම් ජොන්, හෘද සැත්කමකට භාජනය කිරීමෙන් පසු "කෝමා" තත්ත්වයට පත්ව ඇති බවයි.
 
කෙසේ වෙතත්, කිම් ජොන්ට අයත්, මීටර් 250ක් දිග දුම්රියක්, ඔහුගේ වොන්සන් නිවාඩු නිකේතනය අසළ පසුගිය බ්‍රහස්පතින්දා දිනයක ධාවනය වී තිබෙනවා. මෙම දුම්රියේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් මාධ්‍යයට නිකුත් කර ඇති අතර මේ බව වාර්තා කර ඇත්තේ "38 නෝර්ත්" පුවත් වෙබ් අඩවිය යි.
 
කිම් ජොන් සිටින ස්ථානය නොදන්නා නමුත්, කිම් පවුල සඳහා වෙන් කර ඇති දුම්රියක්, ඔහුටම අයත් තැනෙක වෙන් කර තැබීමෙන් හැඟවෙන්නේ ඔහු යම් කිසි ස්ථානයක සැඟවී සිටින බවද? මෙයත් මේ වනවිට පිළිතුරු නැති ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
 
නවතම චන්ද්‍රිකා ඡායාරූප මඟින් දුම්රිය පිටත්වීමට සුදානම් වන ආකාරයක් ද පෙන්නුම් කරනවා. ඒ අනුව ඒකාධිපති අඥාදායකයා කොරෝනා මඟ හරිමින් තම නිකේතනයේ නිවාඩුවක් ගත කරමින් සිටින බවට තවත් පිරිසක් අනුමාන කරනවා.
 
කිම් ජොන් අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ සති දෙකකට පමණ පෙර පාලක කම්කරුවන්ගේ රැස්වීමකට සහභාගී වු අවස්ථාවේ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
 
මේ අතර, චීනය විසින් උතුරු කොරියානු නායකයාට උපදෙස් ලබා දීම විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක්ද පිටත් කර යැවූ බව වාර්තා වනවා.
 
චීන වෛද්‍යවරුන්ගේ මෙම සංචාරය සිදුවන්නේද උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ගැටුම්කාරි තත්ත්වයක් උද්ගතව ඇති මොහොතකයි.
 
තවත් මාධ්‍ය වාර්තා කරන්නේ, උතුරු කොරියානු නායකයාගේ අසාධ්‍ය තත්ත්වය දැන, චීනයේ වෛද්‍යවරුන් මෙසේ හදිසියේම පැමිණ ඇති බවයි.
 
ජපානයේ ප්‍රවෘත්ති වාර්තාවකට අනුව දැක්වෙන්නේ, කිම් ජොන් ගම්බද ප්‍රදේශයට යමින් සිටියදී පපුව අල්ලාගෙන බිම වැටී ඇති බවත්, ඒ අවස්ථාවේ ඔහු සමඟ සිටි වෛද්‍යවරයෙක් ඔහුව රෝහලකට රැගෙන ගිය බවයි.
 
ඒකාධිපතියාගේ මරණය පිළිබඳ නිල සාක්ෂියක් නොමැති නමුත්, #KimJongUndead නම් හෑෂ් ටැගය මේ වන විටත්, ට්විටර් වෙබ් අඩවියේ ජනප්‍රිය වී තිබෙනවා.
 
මෙවන් තත්ත්වයක් තුළ, උතුරු කොරියානු නායක කිම් ජොන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඇමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
 
එම පුවත් සියල්ල පැරණි වාර්තා මත පදනම්ව සිදු කරන ප්‍රකාශ බවයි, ලෝක බලවතා ධවල මන්දිර රැස්වීමකදී කියා සිටියේ.
 
ඇමරිකාව සහ උතුරු කොරියාව අතර මෙන්ම තමන් සහ කිම් අතර ශක්තිමත් සබඳතාවයක් පවතින අතර ඔහු සුවෙන් සිටිනු බවට තමන් විශ්වාස කරන බවයි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර සිටියේ. (පහත වීඩියෝව බලන්න.)
 
සිකුරාදා දිනයේ දකුණු කොරියානු ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, කිම් ජීවතුන් අතර සිටින බවත් ඉක්මනින් පෙනී සිටින බවයි.

By Lakshan Dailymail ඇසුරිනි.




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top