Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
21
"COVID 19 චීනයේ අත්වැරදීමක්ද ? 'දොස්තර ලී' මැරෙන්න කලින්, කියන්න ගියේ මොනාද‍?" - ලෝකයම සලිත කළ, වෛරසයේ මෙතෙක් හෙළි නොවූ කතාව එළියට එයි - Photos

- "COVID 19 චීනයේ අත්වැරදීමක්ද ? 'දොස්තර ලී' මැරෙන්න කලින්, කියන්න ගියේ මොනාද‍?" - ලෝකයම සලිත කළ, වෛරසයේ මෙතෙක් හෙළි නොවූ කතාව එළියට එයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

වෛරස් ව්‍යාප්තිය සිදුවූ හැටි ගැන රහස් වාර්තාවක් කාන්දු වෙයි...

වෛරසය ගැන මතවාද පළකළ මහාචාර්යවරු පිරිසක් අස්ථානගත වෙලා..

මම කතා කරන්න කැමැතියි. හැබැයි දැන් මට දිග වාක්‍ය කියන්න බෑ...
 
කොරෝනා වෛරසය චීනය විසින් නිපදවූ එකක්ද? එසේත් නැතිනම් එය වැරදීමකින් හෝ චීනයෙන් ගිලිහී ලෝකයක්ම ගිලගත්තාද? මේ තමයි මේ මොහොතේ මුළු ලෝකයටම පිළිතුරු නැති එකම ප්‍රශ්නය...


මේ ප්‍රශ්නයට තවමත් ලෝක බලවතුන් පිළිතුරු සොයමින් ඉන්නවා වගේම, ඔවුන් විවිධ අනුමාන බොහෝ ප්‍රමාණයක් පළ කරනවා.
 
මේ අතරතුර වසංගතය සම්බන්ධයෙන් චීනය විවිධ සාක්ෂි සපයමින්, මෙය විද්‍යාගාරයකින් කාන්දු වීමක්ද යන්න විමර්ශනය කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
කෙසේ වෙතත්, මේ සම්බන්ධ චෝදනා ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා.
 
නමුත්, වගකිව යුතු රාජ්‍යයක් ලෙස, විවෘත වීමත්, අන්යන්ට අවංක වීමත්, වැදගත් බවයි බොහෝ පිරිස් පෙන්වා දෙන්නේ.
 
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක පුවතක් ඩේලිමේල් වෙබ් අඩවියේ පළකර තිබෙනවා.
 
වෛරසය පසුගිය වසර අගභාගයේදී, වුහාන්-වලින් ආරම්භ වූ විට, චීන බලධාරින් හිතමතා සෑම රීතියක්ම කඩ කළ බව එහි සඳහන්.
 
ආරම්භයේ සිටම ඔවුන් විසින් වැරදි තොරතුරු පතුරුවා හැර ඇති අතර, සත්‍ය පවසනවා වෙනුවට අසත්‍ය තොරතුරු අන්තර්ජාලය පුරාවට පතුරුවා ඇති බවද වාර්තා වනවා.
 
චීනයේ මෙම ඛේදවාචකය ඉස්මතු කර දක්වන්නේ, සදම්ටන් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ පර්යේෂකවරයෙකු වන, ආචාර්ය ෂෙන්ජ් ලයින්ගේ තවමත් ප්‍රකාශයට පත් නොකළ වාර්තාවකිනුයි.
 
මෙම අධ්‍යයනය තුළින් ඔහු අනාවරණය කරන්නේ සති තුනකට පෙර චීනය විසින් අඟුළු දැමීමේ පියවරක් අනුගමනය කළා නම් වෛරස් ව්‍යාප්තිය අවම කරගැනීමට හැකියාව ලැබෙන බවත්, ගෝලීය මරණ ද සීමා කළ හැකිව තිබූ බවයි.
 
චීනයේ වඩාත් ගෞරවාදාරයට පත් වූ වසංගත රෝග විශේෂඥයෙකු වන ෂොං නන්ෂාන් පවසන්නේ ජනවාරි මස මුලදී නිලධාරින් හරි ආකාරයෙන් ක්‍රියා කළා නම් "රෝගීන් අවම" කරගැනීමට හැකියාව තිබූ බවයි.
 
මෙම පුපුරා යාමට පෙර සති කිහිපය තුළ අසත්‍ය තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් එරට පුද්ගලයින් 5000 කට එහා පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද හෙළි වී තිබෙනවා.
 
වෛරසය නිර්මාණය කරන ලද්දක්ද? එය බෝවීම ස්වභාවිකවම සිදුවූවාද යන්න පැහැදිලි කිරීමට චීනය තවමත් අපොහොසත් වීම විශේෂත්වයක්. 
 
ඔවුන් විසින් සිදුකරන ඇතැම් පැහැදිලි කිරීම් හා ප්‍රකාශන වගකීම් විරහිත බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.
 
මේ අනුව වෛරසයේ ව්‍යාප්තිය සිදුවූ ආකාරය මෙලෙස සටහන් කළ හැකියි.
 
2019 නොවැම්බර් 17 -
වුහාන් හි ගැටළුවක් පිළිබඳ චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දෙන්න අවම සති හයකට පෙර, රෝගීන් කිහිප දෙනෙකු නියුමෝනියාව වැනි රෝගයකින් රෝහල් ගත කරනු ලබයි.
 
චීන රාජ්‍යයෙන් කාන්දු වූ දත්ත අනුව හුබායි පළාතේ 55 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුට පළමු වරට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
 
ඔහුව රෝහල්ගත කරන්නේ නොවැම්බර් මස 17 වැනි දිනයි.
 
දෙසැම්බර් 10 -
හුවානාන් වෙළඳපොළේ මුහුදු ආහාර වෙළෙන්දෙකු වන 'වී ගුයිසියන්' රෝහල් ගත කරනු ලබයි.
 
දෙසැම්බර් 15 -
මෙම අභිරහස් රෝගයට ගොදුරු වූවන් සංඛ්‍යාව 27 දක්වා ඉහළ යයි.
 
දෙසැම්බර් 17 -
මෙම සංඛ්‍යා ලේඛන පසුකාලීනව යල් පැන ගිය ඒවා බව වාර්තා වන අතර, රෝගීන් සියල්ලටම එකම රෝගය වැළඳී ඇති බව බලධාරින් දැන සිටියේ නැත.
 
දෙසැම්බර් 18 -
හුනාන් වෙළඳපොළේ 65 හැවිරිදි අයෙකු නියුමෝනියාවෙන් වුහාන් මධ්‍යම රෝහලට ඇතුළත් කරයි.
 
දෙසැම්බර් 24 -
ද්‍රව සාම්පල බෙදාහරින්නාගේ පෙණහළුවලින් ලබාගත් වාර්තා, විශ්ලේෂණය සඳහා ගුවැන්ෂු හි වෛද්‍ය විද්‍යාගාරයට යවනු ලබයි.
 
දෙසැම්බර් 26 -
අනතුරු ඇඟවීමේ සීනුව නාද වීමට පටන් ගනී. හුබෙයි ෂින්හුවා රෝහලේ ශ්වසන අංශයේ ප්‍රධානී ෂැං ජික්සියන්, හුවානාන් වෙළඳපොලට සම්බන්ධ නියුමෝනියාවෙන් පෙළෙන රෝගීන්ගේ වැඩවීමක් පිළිබඳ දකියි. මේ ගැන බියට පත්වන ඔහු එය තම සඟයින්ට වාර්තා කර අනතුරුව චීන බලධාරින් අතට ලැබෙන්නට සලස්වයි.
 
දෙසැම්බර් 27 -
තර්ජනය සනාථ වෙයි. වුහාන් මධ්‍යම රෝහලේ ශ්වසන අංශයේ ප්‍රධානී ෂාඕ සුට පවසන පරිදි, විද්‍යාගාරය තුළින් ප්‍රථිපල නැවත එවන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට දුරකථනයෙන් කතා කරයි.
 
“ඔවුන් කීවේ එය නව කිරීටක වෛරසයක්” යැයි ෂාවෝ පසුව චීන ප්‍රවෘත්ති මූලාශ්‍රයකට පවසා තිබෙනවා.
 
ඇතතෙන්ම මෙම වාර්තා ප්‍රතිඵල අනුව අනාවරණය වූයේ, 2002 - 2003 කාලයේදී පුද්ගලයින් 800ක් පමණ මියගිය සාර්ස් වෛරසයට, මෙම නව වෛරසය සියයට 87ක් සමානකම් දක්වන බවයි.
 
මෙම සාම්පල චීන ජාන විද්‍යා සමාගම් ගණනකට යවනු ලබන්නේ ඉන් අනතුරුවයි.
 
දෙසැම්බර් 31 -
චීනය මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දෙයි.
 
මූලිකව මේ සම්බන්ධයෙන් කටකතා පැතර ගියත් වුහාන් සෞඛ්‍ය කොමිසම නිවේදනය කරන්නේ 27 දෙනෙකු නොදන්නා හේතුවක් නිසා නියුමෝනියාවෙන් පෙළෙනා බවයි.
 
"රෝගය පාලනය කළ හැකි එකක්" බවයි එම නිවේදනයේ දැක්වූයේ.
 
කෙසේ වෙතත්, චීනයේ සයිබර් අවකාශ පරිපාලනය කිරීම චීනය ඒ සමඟම ආරම්භ කරනු ලබනවා.
 
තායිවානයේ සෞඛ්‍ය නිලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන්ට වුහාන් පැතිරීම පිළිබඳ තොරතුරු ඉල්ලා ඊමේල් පණිවිඩයක් යවයි.
 
රෝගීන් හුදෙකලා වී ඇති බවට වාර්තා ලැබී ඇති බවට තායිවානුවන් අනතුරු අඟවයි.
 
නමුත් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිතුරු දෙන්නේ නැත.
 
ජනවාරි 1 -
 
බලධාරීන් හුවානාන් මුහුදු ආහාර වෙළඳපොළ වසා දමයි. නිල කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රවෘත්ති කම්බි වන ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ වෙළඳපොළ ‘ප්‍රතිසංස්කරණයට’ ලක්ව ඇති බවයි.
 
ඒජන්සිය මෙසේ ද වාර්තා කළා.
 
‘කටකතා ගොතනලද, කටකතා පතුරුවා නොගන්නා ලෙසත්, කටකතා විශ්වාස නොකරන ලෙසත් පොලිසිය සියලු නෙට්සින්වරුන්ගෙන් ඉල්ලා සිටී.’
 
නැගෙනහිර චීනයේ ශල්‍ය වෛද්‍යවරයකු හා ලේඛකයෙකු වන වැන්ග් ගුවැන්බාවෝ පසුව පවසන්නේ SARS වැනි වෛරසයක් පිළිබඳ කතාබහක් පැතිරී ඇති නමුත් ඒ ගැන විවෘතව සාකච්ඡා කිරීමෙන් වැළකී සිටි බවයි. විද්‍යාත්මක පර්යේෂණ ද යටපත් කෙරෙන්නේ මෙසේ යි.
 
ස්වාධීන කේක්සින් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් පසුව කරන ලද වාර්තාවකට අනුව, එක් ජෙනොමික් සමාගමක සේවකයෙකුට හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිසමේ නිලධාරියෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අතර, නව රෝගයට අදාළ වුහාන් වෙතින් සාම්පල පරීක්ෂා කිරීම නවතා දමා දැනට පවතින සියල්ල විනාශ කරන ලෙස සමාගමට නියෝග කර තිබෙනවා.
 
මින් අනතුරුව දින ගණනක් පුරාවටම සිදු වන්නේ, වෛරසය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමයි.
 
ජනවාරි 30 -
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, ‘පුපුරා යාමේ ප්‍රතිචාරය සඳහා නව ප්‍රමිතියක් සැකසීම’ පිළිබඳව චීනයේ නායකත්වයට ප්‍රශංසා කරයි.
 
චීනයේ නායකයා විසින් නිශ්ශබ්ද කරන ලද තවත් විවේචකයෙකු වන්නේ නීති මහාචාර්ය ෂු ෂැන්ග්‍රන් ය. (ඔහු බීජිංහි නිවාස අඩස්සියේ තබා ඔහුගේ අන්තර්ජාල ප්‍රවේශය ද කපා හැර තිබෙනවා.)
 
පෙබරවාරි 7 -
 
වෛද්‍ය ලී වෙන්ලියන්ග් කොවිඩ් -19 වැළඳී මිය යන්නේ මෙදිනයි. ඔහු වෛරසය පිළිබඳ කල් තියා අනතුරු ඇඟවූ අයෙකු වූ අතර කිසිවෙකු ඔහුගේ කීම තැකීමට ලක් කර නැහැ. බොහෝ දෙනෙක් ඔහුව හාස්‍යයට ලක් කර තිබුණා. (අද ඔහු චීනයේ පිරිස් දේවත්වයෙන් අදහන්න අරන්.)
 
වෛද්‍ය ලී වෙන්ලියන්ග් මියයන්නට පෙර චීනයේ මාධ්‍ය ආයතනයක් ඔහු සමඟ කතා කරන්නට උත්සාහ කර තිබෙනවා. CGTN නම් එම ආයතනයේ මාධ්‍යවේදීන් ඔහුව සම්බන්ධ කරගත්තේ ජංගම දුරකථන මාර්ගයෙනුයි. එයත් SMS හරහා යි.
 
‘අපිට ඔබ එක්ක පොඩ්ඩක් කතා කරන්නට අවශ්‍යයි.’
 
‘ඔව්, මම කතා කරන්න කැමැතියි. හැබැයි දැන් මට දිග වාක්‍ය කියන්න බෑ. මගේ පෙණහලු ශ්ලේෂ්මලවලින් පිරිලා. ඒවා පොඩ්ඩක් අඩු වුණාම මම කතා කරන්නම්.’
 
මාධ්‍යවේදියාට ඉන් පසු දිනයේ දැනගන්නට ලැබුණේ ඔහු මියගිය බවයි.
 
කෙසේ වෙතත්, වෛරසයට මතවාදයන් පළ කළ බොහෝ පිරිසක්, කිසියම් හෝ අයුරකින් "අස්ථානගත" ලැයිස්තුවකට ඇතුළත් ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. (මෙයින් පිරිසක් නිවාස අඩස්සියේ රඳවා තිබෙනවා.)
 
මෙම "අතිශය රහසිගත තොරතුරු" කාන්දුව සිදු වූවත්, "කොරෝනාව" තවමත් අභිරහසක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම වෛරසයට නෑකම් කියන්නේ චීනයද නැතිනම් වෙනත් රටක්ද යන්න විද්‍යාඥයින් තර්ක කරමින් සිටිනවා.
 
ඇමරිකානු ජනාධිපතිවරයා සෘජුවම චීනයට ඇඟිල්ල දිගු කරන අතර, චීනය මේ සඳහා අනිවාර්යෙන්ම වග කිව යුතු බවයි, ඔහු පවසන්නේ. නමුත්... මෙම සියලු චෝදනා චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා.
 
By Lakshan (ඩේලිමේල් ඇසුරෙනි.)
 
=======================================
ප. ලි.
 
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භ වූ චීනයේ වූහාන් නුවර අධිආරක්ෂිත ජෛව සුරක්ෂිත පරීක්ෂණාගාරය ඇමරිකාවේ අවධානයට ලක්ව තිබෙනවා. චීන විද්‍යාඥයන් පවසන පරිදි කොරෝනා වෛරසය මිනිසාට ආසාදනය වූයේ වූහාන් නගරයේ වනසත්ව මස් වෙළඳපොලෙන්.
 
කෙසේ නමුත් වූහාන් නගරයේ පිහිටා ඇති වෛරස් පරීක්ෂණාගාරය පිළිබඳව විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය යොමුවී ඇත්තේ එයින් අත්වැරදීමකින් හෝ කොරෝනා වෛරසය මුදාහරින ලද බවට සැකයෙන්.
 
ආසියාවේ විශාලතම වෛරස් බැංකුව ලෙස සැළකෙන වූහාන් ජෛව පරීක්ෂණාගාරය පූර්ණ අධීක්ෂණයකට ලක් කළ යුතු බවයි ඇමරිකාව ප්‍රකාශ කරන්නේ.
 
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනයට එරෙහිව එල්ලවන චෝදනා මීට පෙර ව්‍යාජ මතවාද ලෙස සැළකුණද දැන් ඇමරිකාව ඒ සම්බන්ධයෙන් එල්ල කරන්නේ නිල චෝදනාවක්.
 
වූහාන් වෛරස් බැංකුව පරීක්ෂාවට ලක් කළ යුතු බව සඳහන් කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින්.
 
1500 කට අධික වෛරස් එකතුවක් සහිත වූහාන් ජෛව පරීක්ෂණාගාරය 2015 වසරේ ඉදිකළ අතර, අවසානයේ විවෘත කරනු ලැබුවේ 2018 වසරේදියි.
 
ප්‍රංශ ජෛව රසායනික සමාගමක් උපදේශකත්වය සැපයූ එම පරීක්ෂණාගාරය නිපදවීමට වැය කර ඇති මුදල යුආන් මිලියන 300 කට අධිකයි.
 
වර්ග මීටර 3,000 ක වපසරියකින් යුත් මෙම පරීක්ෂණාගාරයේ වෛරස් සාම්පල රඳවා ඇත්තේ සිලින්ඩරාකාර අධිආරක්ෂිත කොටසකයි.
 
කෙසේ නමුත් කොරෝනා වෛරසය මෙම පරීක්ෂණාගාරයෙන් ගිළිහුණු එකක් බවට එල්ලවන චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.
 
මේ අතර ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් චීනයෙන් ඉල්ලා සිටියේ කොරෝනා වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්තව කරුණු ඉදිරිපත් කරන ලෙසයි.
 
විශේෂයෙන් වෛරසය වූහාන් නගරයේ ආරම්භ වූ ආකාරය සහ එය මුල් දිනවල පැතිරුණු ආකාරය පිළිබඳව සියල්ලන්ට කරුණු දැනගැනීමට අවශ්‍ය බව ජර්මන් නායිකාව කියා සිටියා.
 
කොරෝනා වෛරසයේ සුලමුල පිළිබඳ සංවාදයට බ්‍රිතාන්‍යයද එක්ව සිටින අතර, එරට විදේශ ලේකම් ඩොමිනික් රාබ් කියා සිටියේ කොරෝනා වෛරසයේ ආරම්භය සහ එය මුල් අවධියේ පාලනය කිරීමට නොහැකිවීම පිළිබඳව චීනය වෙත බරපතල ප්‍රශ්න කිහිපයක් යොමුවන බවයි.
 
චීනය ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය සොයාබැලිය යුතු බවයි කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ අගමැති බොරිස් ජොන්සන් වෙනුවට වැඩබලන විදේශ ලේකම් ඩොමිනික් රාබ් අවධාරණය කළේ.

චීනයේ වුහාන් වෛරස් බැංකුව (පහත ඡායාරූපය බලන්න.)

新冠病毒很可能是由武汉P4实验室合成并泄漏?习近平急推《生物安全法 ...

පහතින් ඔබ දකින්නේ, වෛරස් වර්ග 1500කට අධික ප්‍රමාණක් ගබඩා කර ඇති, වුහාන් "වෛරස් බැංකුවේ" ඇතුළත ඡායාරූපයක්.. (මෙහි සිටින කාන්තාවගේ දකුණු පස බලන්න. එය කැඩී ඇති ආකාරයක් පෙනේ.) 

Pictures from inside Wuhan¿s secretive Institute of Virology show a broken seal on the door (centre of shot, by medical worker's right eye) of one of the refrigerators used to hold 1,500 different strains of virus

කොරොනා වෛරස් වින්දිතයින් සමඟ කොරිඩෝවල වැතිරී සිටින වුහාන් රෝහල්වල අවුල් සහගත දර්ශන සහිත වීඩියෝ දර්ශන, සිය යුටියුබ් හා ට්විටර් අනුගාමිකයන් සමඟ බෙදාගත් චෙන් කියුෂි පෙබරවාරි 7 වන දින අතුරුදහන් වී තිබෙනවා.

Lawyer Chen Qiushi ¿ whose videos of chaotic scenes in Wuhan hospitals with coronavirus victims lying in corridors were shared with an audience of more than 400,000 YouTube and 250,000 Twitter followers ¿ went missing on February 7

වෛරසය ගැන කල් තියා අනතුරු ඇඟවූ වෛද්‍ය ලී වෙන්ලියන්ග් ගේ ඡායාරූප පහතින් බලන්න... (මොහු කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියදී වෛරසයටම බිලිවී අවසන් ගමන් ගියා.)

Whistleblower China doctor 'dies from coronavirus'A New Martyr Puts a Face on China's Deepening Coronavirus Crisis ...He Warned of Coronavirus. Here's What He Told Us Before He Died ...In China, Anger Simmers Over Coronavirus Doctor's Death - WSJ


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top