ස්පාඤ්ඤයේ කොරෝනා අර්බුදය මැද, දෙනෝදාහක් ඉදිරියේ නිරුවත් වෙමින්, පොලිස් මෝටර් රථයක් මතට පනින කාන්තාවකගේ වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරමින් පවතිනවා.
අනතුරුව උසාවියෙන් ඇප මත නිදහස් වූ ඇය, පොලිස් වාහනය මතට පැන, මෙසේ නිරුවත් වූ බව සඳහන්. කෙසේ වෙතත්, පොලිස් නිලධාරින් ඇයව මෙල්ල කිරීමට අසීරු උත්සහයක නියැලෙන අතර පසුව ඇයව අල්ලා ගනු ලබනවා.
ඇය 41 හැවිරිදි කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කොවිඩ් 19 හෙවත්, නව කොරෝනා වෛරසයෙන් මේ වන විට ස්පාඤ්ඤයේ 17, 489 ක් මිය ගොස් ඇති අතර 169, 496කට වෛරසය ආසාදනය වී තිබෙනවා.