එය මේ වන විට ගණනින් 117, 710 ලෙස වාර්තා වන අතර ඉතාලියට පසු වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් මරණ, 10, 935ක් වාර්තා වන්නේ ද ස්පාඤ්ඤයෙනුයි.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා, සිය අලුත උපන් දරුවාගෙන් දින 10ක් වෙන්ව සිටි මවක් ගැන සංවේදී පුවතක් එරටින් වාර්තා වනවා.
Vanesa Muro නම් මෙම 34 හැවිරිදි මව සිය සංවේදී කතාව ලෝකයට හෙළි කරමින් සඳහන් කර සිටියේ, තම දරුවාගෙන් වෙන්වීම ඇය මෙතෙක් කර ඇති 'අමාරුම' සහ 'අසීරුම' දේ බවයි.
කෙසේ වෙතත් පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඇගේ අලුත උපන් දරුවාට කොරෝනා වැළඳී නොමැති බවයි.
රාත්තල් 7.9ක බරකින් ලාපාස්හි මැඩ්රිඩ් රෝහලේදී මෙලොව එළිය දුටු මෙම දරුවා උපන් විගසම මවගෙන් වෙන් කොට වෙනමම තබන්නට රෝහලේ කාර්යමණ්ඩලය කටයුතු කර තිබුණා.
කුඩා ඔස්කාර් දරුවා ඉන්කියුබේටරයක තැන්පත් කර ඇති අතර හෙදියන්, දරුවාට වෛරසය ආසාදනය වී ඇත්දැයි බැලීමට කිහිප වරක්ම පරීක්ෂා කිරීම් වල යෙදී තිබෙනවා.
කෙසේ වෙතත් Vanesa Muroට වෛරසයෙන් මිදීමට හැකියාව ලැබුණු අතර පසුව දින 10කින් ඇයට දරුවා දැකබලාගැනීමට වරම් ලැබුණා.
"ඒක මට අදහන්න බැරිවුණා. ඒ දවස හරියම මගේ දරුවා ඉපදුණු දවස වගේ.."
"මම තවමත් මගේ අත්වැසුම් නැතුව මගේ පුතා ස්පර්ශ කරලා නැහැ. ඒත් මම ආසයි එහෙම එයාව අල්ලන්න.. ඒත් ඉක්මනින්ම අපි මෙතනින් පිටතට යනවා. මේ සියල්ලම ඉන්පසු බියකරු සිහිනයක් පමණක් වේවී.."
ඇය එසේ පවසන්නේ සංවේගයෙන්...
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)
