කොරෝනා හෙවත් Covid 19 වෛරසය මුල් බැසගත් වුහාන්හි පිහිටි ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ලියූ ෂීමින් මහතා වෛරසයට බිලි වී අවසන් ගමන් ගියේ පසුගිය මස 18 වැනි දිනයි.
එය වූහාන් රෝහලේ සියලුම දෙනා සංවේදී කළ සිදුවීමක් වූ අතර වෛරසය වැළඳී මියගිය දෙවන වෛද්‍යවරයා වන්නේ මොහු යි.
ඔහු මුදා ගැනීම පිණිස සේවක මණ්ඩලයේ පිරිස් මහත් වෙහෙසක් ගත්ත ද එය සියල්ල ව්‍යර්ථව ගියේ රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහටම අවසන් ගමන් යමින්.
මෙම සිදුවීම ඉපැරණි එකක් වුවද මේ වනවිටත් වෛරසය සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට සමර්ථකම් දැක්වූ චීනයට ඔහු එක්තරා ආකාරයක "අමතක නොවන සිහිවටනයක්" බවට පත්ව තිබෙනවා.
ඒ අතරතුර මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සංවේදී වීඩියෝවකට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
වෛද්‍ය ලියූ ෂීමින් නම් රෝහල් අධ්‍යක්ෂකවරයාගේ දේහය ආදාහනය පිණිස රැගෙන යද්දි, ඔහුගේ ආදරණීය බිරිඳ ශෝකයෙන් විලාප නඟන ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වෙනවා.
හෙදියක් වන කයි ලිපිං ද හෘදයාබාධයකින් පෙළෙන තැනැත්තියක්.
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව ඇති අතර එම සංවේදී වීඩියෝව පහතින් බලන්න..