චීනයට පසු වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වූ අතර මේ වන විට එම සංඛ්‍යාව 3405 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට ආසාදිතයින් සංඛ්‍යාව 41,035ක්.
මේ අතරතුර කොරෝනා වැරෙන් පහර දුන් ඉතාලියේ බර්ගමෝ නගරයේ මියගිය ජනයා හමුදාව විසින් නගරයෙන් පිටතට ගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයකුත් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.
බර්ගමෝ හි නගරාධිපති ජෝජියෝ ගෝරී සඳහන් කළේ, "කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇති බොහෝ පිරිසක් රෝග පරීක්ෂාවටත් පෙරදීම මිය ගොස් ඇති බවයි.."
මෙවන් වාතාවරණයක් තුළ සියලු හදවත් මොහොතකට නවතාලන තවත් සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
එම වීඩියෝවේ සිය සොහොයුරියගේ මළසිරුර සමඟ රැඳී සිටින තරුණයෙකු මෙලෙස අදහස් දක්වනවා.
මෙම තරුණයා නමින්, ලූකා ෆැන්සිස්. (Luca Franzese)
"සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මේ ඉන්නේ මගේ සහෝදරිය. ඊයේ හවස මේ කාමරය තුළදීම ඇය මිය ගියා. ඒ... Covid-19 වෛරසය ආසාදනය වීමෙන් වෙන්න ඇති. මං ඊයේ හවස ඉඳන් බලන් ඉන්නේ බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් ලැබෙනකන්. ඒත් කවුරුත් ආවේ නැහැ..."
"මම මේ තත්ත්වයට මුහුණ දෙන්න හුඟක් උත්සහ කරනවා. මගේ සහෝදරිය මිය ගිහින්. මං දන් නෑ මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඇයට ලබාදිය යුතු අවසන් ගෞරවය ලබා දෙන්න මට හැකියාවක් නැහැ.."
"ඇය අපස්මාර රෝගීයෙක්. මම දන්නවා ඇය අවධානමක සිටියේ. නමුත් කිසිම වෛද්‍යවරයෙක් හෝ බලධාරියෙක් පැමිණියේ නැහැ.."
"මම 118 හදිසි ඇමතුම් අංකය අමතා කොරෝනා ආසාදනය වෙලා තියනවද බලන්න සිදුකරන පරීක්ෂණය පවත්වන්න කියලා ඉල්ලා හිටියා. අවසානයේ මම මුවට මුව තබා මගේ සහෝදරියට කෘතිම ශ්වසනය ලබා දෙන්න උත්සහ කළා, මට ඕනි වුණා ඇයව ජීවත් කරවගන්න.. ඒත් මට බැරිවුණා.."
"මම ඉල්ලීමක් කළත් ඒ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඔවුන් කිව්වේ මුලින් ඇයට මේක ආසාදනය වෙලාද කියලා දැනගන්න උවමනා බවයි. මේ වෛරසය දැනටමත් මගේ ශරීරයේ තියෙන්න පුළුවන්. මගෙන් පැතිර යන්නත් හැකියාව තියෙනවා. අපි විනාශ වෙලා ඉවරයි.! මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා, මේ වීඩියෝව හැමතැනම පතුරුවන්න කියලා.. මගේ සහෝදරිය නැතිවුණේ ඊයේ රාත්‍රී 8.20 - 8.40 අතර..!"
පසුව සිදුකරන ලැබූ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ලුකාගේ සොයුරිය වූ තෙරේසා ෆැන්සිස් (Teresa Franzese) මියගොස් ඇත්තේ, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බවයි. ලුකා ද පරීක්ෂණයට භාජනය කෙරුණු අතර ඔහු එයින් බේරී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඒ නමුත්, ලුකාගේ පවුලේ තවත් සාමාජීකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වුණා. මෙම තරුණයා වන ලූකා ෆැන්සිස් (Luca Franzese) එරට රංගන ශිල්පියෙකු බවද සඳහන්.
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.) VIDEO